Galin Kala Hadawatha Song Lyrics - ගලින් කල හදවත ගීතයේ පද පෙළ

Galin Kala Hadawatha Song Lyrics - ගලින් කල හදවත ගීතයේ පද පෙළ
Song Title : Galin Kala Hadawatha (ගලින් කල හදවත)
Singing : Amal Perera (අමල් පෙරේරා මහත්මා)

ගලින් කල හදවත 
මලින් සරසා ඇත 
දනිමි මම සිරිකත 
කිමැයි ඔබෙ මුණිවත

පලා දුවන්නට නම් නොසොයා විසඳුම් 
මුණිවත මේ යැයි මේ ලෝ පිලිගත් පිලියම් 
නැගුවත් මහමෙර වන් පැනයක් මොනයම් 
සිටින්න ඔබ හට යහපත් නම් 

ගලින් කල හදවත 
මලින් සරසා ඇත 
දනිමි මම සිරිකත 
කිමැයි ඔබෙ මුණිවත

ඇසට ඇසක් යම් දිනයක හමුවුනි නම් 
මුවට වදන් වැල් නොනැගේ යැයි නොසිතම් 
එනමුදු හදවත ගල් පර්වතයක් නම් 
ගොළුවී කල හැක පෙම්ලොව මහ විස්කම් 

ගලින් කල හදවත 
මලින් සරසා ඇත 
දනිමි මම සිරිකත 
කිමැයි ඔබෙ මුණිවත
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Galin Kala Hadawatha Song Lyrics - ගලින් කල හදවත ගීතයේ පද පෙළ Galin Kala Hadawatha Song Lyrics - ගලින් කල හදවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment