E Tharam Lassanayi Song Lyrics - ඒ තරම් ලස්සනයි ගීතයේ පද පෙළ

E Tharam Lassanayi Song Lyrics - ඒ තරම් ලස්සනයි ගීතයේ පද පෙළ
Song Title : E Tharam Lassanayi (ඒ තරම් ලස්සනයි)
Lyrics : Tharika Nirmani (තාරිකා නිර්මාණි)

ඒ තරම් ලස්සනයි නුඹ හට කවි බදින්නට තරම් හිතුණා
නුඹ වයස දහඅටක් වෙද්දිම දීග තලයක ගිහින් තිබුණා
දෙමව්පියනට බැහැයි නොකියා නුඹ ඔහුට මුලු හිතම දුන්නා
නුඹේ අපලය පටන් ගත්තේ එතැන බව නුඹ කියා තිබුණා

යද්දි ගමනක් ඔහුත් එක්කලා ඔහුට නිදිමත හැදිලා තිබුණා
වාහනේකට මහ හයියෙන් හැපෙද්දි ඔහු පැනලා තිබුණා
අහින්සක උඹ වාහනේටම යට වෙලා හිරවෙලා තිබුණා
නුඹට හිටගන්නවත් බෑ අනේ කකුල් පණ නැති වෙලා තිබුණා

නුඹගේ හැටි දුටු මිනිහා හිමිහිට නුඹෙන් ඈතට ගිහින් තිබුණා
මාස ගාණක් ඇදක් උඩ නුඹ සිහිය නැතුවම වැටිලා හිටියා
මගේ ලෝකය මේක ඇතුලේ හිරවෙලා මට ඉන්න බැරුවා
පාට සායම් ගෙනත් දෙනවද නුඹ අයියටම කියලා තිබුණා

දෙපා, අත් දෙක නුඹේ සිරුරම භාගෙටම මිය ගිහින් තිබුණා
හිතට දහිරිය අරන් නුඹ ඒ ලෝකයම නුඹේ පාට කෙරුවා
ලොකුම දුක උනේ දරුවෙක්ව නම් හදන්නට බැහැ කියලා තිබුණා
වදන්නට බැහැ හදාගන්නම් නුඹ දරුවෙක්ව අරන් තිබුණා

මුනීබා නුඹ ලෝකයම දිනු මහ කතක් නුඹ ජයම ලබලා
රෝද පුටුවේ නුඹේ ලෝකය මුලූ ලොවට අද පසක් වීලා
තමන්ගේ ලෝකයේ වීරයා තමා පමණයි නුඹ කියූවා
කිසිදිනක එය අත හරින්නට එපා යැයි නුඹ ලොවට කීවා

💖තවත් එක් යකඩ ගැහැණියක්💖 🌟 තමාව අතහැර වෙනත් කසාදයක් කරගන්නට යනව යැයි කියු පසුත් ඔබ හොදින් හිදින්න යැයි කියූ ගැහැණිය "" මූනීබා මසාරී""🌟

ඇගේ කතාව ඔබත් කියවන්න.... කවියකින් කියන්නට බැරි තරම් දුක්බරයි... 
🖤තාරිකා නිර්මාණි 🖤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Tharam Lassanayi Song Lyrics - ඒ තරම් ලස්සනයි ගීතයේ පද පෙළ E Tharam Lassanayi Song Lyrics - ඒ තරම් ලස්සනයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, December 21, 2020 Rating: 5

0 comments:

Post a Comment