Palpathe Wathkama Song Lyrics - පැල්පතේ වත්කම ගීතයේ පද පෙළ

Palpathe Wathkama Song Lyrics - පැල්පතේ වත්කම ගීතයේ පද පෙළ
Song Title : Palpathe Wathkama (පැල්පතේ වත්කම)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

පිඳුරු සෙවිලි කල වහලේ දිරාලා
වැස්සට තෙමී යයි පොළවත් හේදීලා
වැටෙන වතුර අහුලන්නට සිතාලා
මුට්ටි හැලි වලං ඇත පෙල සැදීලා

දහවල් ගිනියමේ වැඩපල කරන්නේ
නිවාඩුවක් නම් නැත ඔහු පතන්නේ
රෑ බෝ වීගෙන නිවසට එන්නේ
දුප්පත් පැලේ අප්පච්චී බොලන්නේ

ඔබාගෙන මුහුණ දර ලිප වෙත නිබදේ
රෑ දහවලේ තම්බයි අහරක් දුකසේ
ගිනි රස්නය වැදී කලු වුන ඒ මුහුනේ
සිරියාවකි ඇදෙන්නේ ඔහු දුටු මොහොතේ

ලාම්පුවේ එළියෙන් පාඩම් කරලා
ලොකු ඉස්කෝලෙකෙට යන්නට ඈ සැරසීලා
සිස්සත්තෙන් ජය ගන්නට වෙර දරලා
උගනී අකුරු ලොකු දෝනී කැප වීලා

රස මසවුලු නැතත් යහමින් කන්න
කුස පුරවා ගනී දංකුඩ බෙදාගෙන
හතර දෙනා වටවීගෙන හිනාවෙන
හඩනම් ඇසෙ ගමටම සිරියාව ගෙන

දුප්පත් කමින් මිරිකී ජීවිතය පුරා
පනම් නැතුව දුක් ගින්දර නැගේ බුරා
රස්සාවට ගොස් එන විට ගෙපැල පුරා
ඇති සතුටින් ඉපිලේ සැම රස පතුරා

දුප්පත් පැලේ ඇති සෙනෙහේ නිමක් නැති
දුප්පතාගෙ වත්කම සතුටයි සිතේ රැදි
සියලු විඩා දුක් ගින්දර නිමක් නැති
සැනින් විසුනු වී යයි පැල තුලට වැදී

කෙතරම් වත්කමින් පොහොසත්තු වුවත්
මිල මුදලින් සැප සම්පත් උරුම වුවත්
ඒ සැම දේම වටිනාකම ඉහල වුවත්
සතුට නොමැති නම් කම් නැත රජ වූවත්


සමාජයේ අඩියේ දුප්පත්කම් වලින් පීඩා විදින පවුලක් පාදක කොටගෙන අකුරු කරපු මේ කවි පෙළින් මම මට දැනුන පෞද්ගලික අදහසක් තමයි දිගහැරියේ.. ඒ තමයි දුප්පත් පැලක තියන සතුට ආදරය රැකවරණය බැදීම පෝසත් පවුල් වල දකින්න නෑ කියන එක.. තරගෙට හති දාගෙන මිරිඟුවක් පස්සේ යන මිනිස්සු අලලා තමයි මේක රචනා කලේ..දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palpathe Wathkama Song Lyrics - පැල්පතේ වත්කම ගීතයේ පද පෙළ Palpathe Wathkama Song Lyrics - පැල්පතේ වත්කම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2020 Rating: 5

0 comments:

Post a Comment