දුටුගැමුණු රජු දිය නෑ - රණමුණේ පීල්ල 🧖🏻‍♂️🚿 (Ranamure Pihilla)

දුටුගැමුණු රජු දිය නෑ - රණමුණේ පීල්ල🧖🏻‍♂️🚿 (Ranamure Pihilla) - Your Choice Way
අද අපේ කතාව තමා අපේ රටේ රජු කෙනෙක් නාපු පීල්ලක් ගැන.මොකක්ද මේ පීල්ල??රණමුණේ පීල්ල.. 

මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ තමා මේ රණමුණේ පිහිල්ල පිහිටා ඇත්තේ..

අඩියක් පමණ පළල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුර පවිත්‍ර කරන මෙම රණමුණේ පීල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. 

මේ පීල්ලේ ඉතිහාස කතාව මේකයි..මෙම පිහිල්ල ගැමුණු කුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත්.  

කොත්මලේ සැගව සිටිය දී කුමරු වෙස්‌වළාගෙන සිටියදී දිය නෑ පැරැණි ස්ථානයක් ලෙස තමා මෙය පිළිගැනෙන්නේ..

ගැමුණු කුමරු කොත්මලේට පලා ආපු කතාවත් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ....

දුටුගැමුණු රජු තම පියා සමග උරණ වී මලය දේශයට පලා ආ බවත් ඉන් පසු වසර 12ක්‌ කොත්මලය ප්‍රදේශයේ සැගවී සිටි බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා..

එහි ඌරුපැලැල්ලේ ගමගෙදර ගැමුණු කුමරු 'ගුත්තා' ලෙස රහසේ සැගවී වාසය කරලා තියෙනවා.. එහි වාසය කරන කාලයේ ගම මහගෙහි දුව වූ රන්මැණිකා සමග ගැමුණු කුමරු ප්‍රේම සම්බන්ධතාවයක පවත්වාගෙන ගොස් තිබෙනවා..

එසේම ගැමුණු කුමරු කොත්මලයේ කෙත්වතු අස්‌වද්දවා ඇති අතර ඔහු අස්‌වැද්දූ වෙල 'මාවෙල'ලෙස අදටත් පවතී. දුටුගැමුණු රජු ස්‌නානය කළ පීල්ල තමා මේ 'රණමුණේ පීල්ල' 

පීල්ලට ඉහළින් පිහිටි විශාල වෘක්ෂයක යටින් නැඟෙන පාරිශුද්ධ උල්පතකින් නිර්මාණය වන ඒ වැනි පීල්ලකින් නා ගැනීම අමුතුම ජීවන අත්දැකීමකි

සියුම්ව ක්‍රමවත් ව කැපූ ගල් පඩි සහිත ඉපැරැණි ගොඩනැගිල්ලක්ද පීල්ල අසලම දක්නට තියෙනවා. එය අදටත් ගම්වැසියන් ප්‍රයෝජනයට ගනියි. 

ඒ අම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. 

ඒ අනුව..වෙල් යායේ ඉහළ කෙළවර පිහිටි මේ අභිමානවත් ගල් පීල්ල කුමරුන් සහ දුටුගැමුණු රජුගේ අග මෙහෙසිය බවට පත් වූ රන්මැණිකා ඇතුළු පිරිස ස්නානය කළ බවට මුඛ පරම්පරාගතව ආ කතා අපට කිව්වේ ගමේ වැසියෙක්.

Ranamure Pihilla

Ranamune is a ancient village in Kothmale closely associated with prince Dutugemunu. After sending female jewellery to his father he ran away from his home and hid himself in a farming village known as Kotagapitiya where he lived for 12 years disguised as a helper until his fathers death.

Ranamure Pihilla. It is situated close to Monaragala and Badalena where the the prince spent most of his time.  According to the tradition there is an Amuna ( a measure of area) of gold buried near the spout. Thus the spout is being called Ranamune (from Ran-Amuna).  The water spout at Ranamune is built of granite and a ambalama has also been built at the site. The ambalama too is built with large granite blocks though there is no mention of this ambalama in the above publication.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දුටුගැමුණු රජු දිය නෑ - රණමුණේ පීල්ල 🧖🏻‍♂️🚿 (Ranamure Pihilla) දුටුගැමුණු රජු දිය නෑ - රණමුණේ පීල්ල 🧖🏻‍♂️🚿 (Ranamure Pihilla) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2020 Rating: 5

0 comments:

Post a Comment