කිරිමුහුද - මහනුවර අසිරිය කැන්දන සුන්දර ස්ථානයක් කිව්වොත් නිවැරදී...කිරිමුහුද එහෙමත් නැත්නම් නුවර වැව අපි කවුරුත් දන්න සුපුරුදු තැනක්..
මේ ලිපිය ලියන මමත් මේ වැව රවුම වටේ ඕනෑ තරම් ඇවිදලා තිබ්බට මේ ඉතිහාසය ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ..
මුලාශ්‍ර වලින් ලබා ගත් තොරතුරු වලින් තමා කෙටියෙන් මේ ලියන්නේ..කිරිමුහුදේ ඉතිහාසය මෙහෙමයි.
එවක සෙන්කඩගල පුර රජූ..දළදා මාලිගා පරිශ්‍රයේ එළිමහන් භූමියේ අහම්බෙන් සැරිසරන කිරිඉබ්බකු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දර්ශනයට නතු වෙලා තියෙනවා..
සත්ව කරුණාවට ප්‍රමුඛස්ථානය ලබාදුන් රජකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, කිරි ඉබ්බා කෙරෙහි කරුණාව,මෛත්‍රිය පැතිරවූයේ ආහාරපාන ලබාදීමෙන් පමණක් නොව කිරි ඉබ්බාට වාසය සඳහා වෙනත් ස්ථානයක් සකසා දිය යුතු ය යන අදහසින් රාජපුරුෂයන් ලවා මාලිගා පරිශ්‍රය ආසන්නයේ කිරි ඉබ්බාට වාසස්ථානයක් සැකසීය.
වසරකට ආසන්න කාලයක් කිරි ඉබ්බා ආදරය,කරුණාව ලබමින් සැපසේ ජීවත්ව ඇත.මේ අතරවාරයේ රාජසිංහ රජු සිය මාලිගා පරිශ්‍රයේ වැවක් තැනවිය යුතු බවට යෝජනා කළහ.
රටවටා මුහුදක් තිබී, එයින් ජනිත වන සෞන්දර්යාත්මක බව සෙංකඩගලපුරයේ ඇති කළයුතු බවත්, ශක්‍රභවනේ ඇති මුහුදක සිරිය මවා පෙන්විය යුතු ය යන අදහසින් මුහුදු රැලි නැගෙන්නා සේ වැවක් තැනවිය යුතු ය යන්නත් අරමුණු කරගෙන වැව තැනීම ආරම්භ කරලා තියෙනවා.
දුනුමඩලා ඔයෙන් ගලා බසිනා ජල පහර හරවා ජලය ඒක්තැන් කොට තැන වු වැව අසබඩ, කිරි ඉබ්බාගේ වාස භූමිය ද විය. ඒ සියල්ල කැටි කොට අරුත්බර නම් කිරිමක් කළ යුතුයැයි සිතූ රාජසිංහ රජු, සෙංකඩගල වැව “ කිරි මුහුද” ලෙස නම් කළේ ය.
සෞන්දර්යාත්මක බවට මුල් තැන දෙන රාජසිංහ රජු, වැව අසිරිමත් තැනක් කරවීමේ කාර්යයේ නියුක්ත විය.
අහසේ දියරැලි නැංවීමත්, මුහුදක දිය රැලි නැගීමත් ඒත්තු ගැන්වීම පිණිස දේවේන්ද්‍ර මූලාචාර්යය ලවා දියරැලි බැම්මක් ද තැනවීය.
“මට මේ ජලකද සිසිලසක් ගෙන එනවා. හිතේ බර සැහැල්ලු කරනවා. දියරැලි නැගෙනවිට හමන සුළඟත්, ඉන් නැලැවෙන අවට ගහ කොළත් මා ජීවත් කරවනවා...” යැයි නිතර පැවැසූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ, වැව මැද තිබූ පස් කන්ද දූපතක් බවට පත් කර, ඒ භූමිය තමන්ගේ විවේක ගැනීමේ ස්ථානය බවට පත්කර ගැනීමට කටයුතු කළේය.
දූපතේ මණ්ඩපයක් තනවා, ඒ වටා ගහ කොළ වැවීමට ද අණ කළ බැව් පත පොතෙහි සටහන්ව තිබේ.
ෆාම් ගස්, අරලිය, දුනුකේ ඇතුළු සිසිලස කැන්දන ගහ කොළ තනවා, මණ්ඩපයේ සැතැපී සිටින රජු, හුදෙකලාවම දූපතේ දිනකට හෝරා කිහිපයක් රැඳෙන බැව් ද සදහන් ය.මේ දූපත ඒ දවස පටන් නම් කර ඇත්තේ 'ජයතිලක මණ්ඩපය' නමිනි.
රජ තෙම් මේ දුපතට පිවිස ඇත්තේ අකුලන පාලම හරහා ය. අදටත් දක්නට ලැබෙන උල්පැන් ගේ හෙවත් බිසෝවරු නාන ලද ස්ථානයට මෙපිටින්, දූපත කරා දිග හැරිය හැකි පාලමක් තිබී ඇත. මේ පාලම කල් යත්ම විනාශයට පත්ව තිබේ.
ජයතිලක මණ්ඩපය නමැති දූපතට අද ද ගොඩවිය හැකි ය. වැවේ සිරි නැරැඹීම සඳහා යොදවා ඇති බෝට්ටු සේවාව මඟින් ඒ තැනට යා හැකි නමුත්, සංස්කෘතික ත්‍රිකෝණයෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතු ය.
වැව වටා ඇති අලංකාර පවුර හැඳින්වෙන්නේ වලාකුළු බැම්ම යන නමින්. දැනට එය දිගින් මී. 610ක්. එහි දැකිය හැකි ත්‍රිකෝණාකාර කවුළු රජ සමයේ දී උත්සව අවස්‌ථාවලදී පහන් දැල්වීමට යොදාගෙන තිබෙනවා.
මේ ගැන තවත් දන්නා තොරතුරු ඇතිනම් ඇවිදින්න යනවා වගේම දැනුමකුත් එකතු කරගන්න අපිත් එක්ක බෙදා ගන්න.
පින්තූර මුල් අයිතිකරු සතුයි📸🙏පින්තූර Tharanga Jayawickrama Photography
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment