ඔත්තු පරවියන් විසු - පරවී දූපත 🕊🌊 (Pigeon Island National Park)

ඔත්තු පරවියන් විසු - පරවී දූපත 🕊🌊 (Pigeon Island National Park)
සංචාරකයන් ඇවිද යන නැඟෙනහිර වෙරළ තීරයේ සොඳුරු සංචාරක ඉසව්වක් ලෙස, පරවි දූපත හැඳින්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ පවතින වනෝද්‍යාන දුපත් දෙක අතුරින එක් වනෝද්‍යාන දුපත වන්නේ පරවි දූපත යි.

මේ දූපත ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ස්වභාවික සුන්දර වෙරළ තීරය වන නිලාවේලි වෙරළ තීරයේ සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටා තිබේ.

අතීත ජනප්‍රවාදවලට අනුව පරවි දූපත ගැන ලස්සන කතාවක් තියෙනවා. එකක් නෙමේ කිහිපයක් තියෙනවා..

ඒ තමා ඈත අතීතයේදී මෙම දූපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ලෙස භාවිත කළ බවට සැලකෙන බවයි. 

ඒ සඳහා පුහුණු කළ පරවියන් මෙම දූපත තුළ ගාල්කොට සිටි බවට ජනප්‍රවාදයේ පවති.ඒ කියන්නේ ‍රහස් දූපතක් ලෙස භාවිත කරලා තියෙනවා.

කෙසේ වෙතත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙහි පරවි ගහණයට ජීව විද්‍යාත්මක හේතුවක් වන්නේ මෙම පරිසර පද්ධතිය පරවියන්ගේ අභිජනනයට හිතකර සාධකයන්ගෙන් බහුල වීමයි.

ROCK PIGEON නම් පරවි විශේෂය පරවි දූපතට නම්පට බැඳීමට තවත් හේතුවක් බව සැලවේ..

හැබැයි මේ පරවි විශේෂය වදවී යැමේ තර්ජනයට ලක්ව ඇත.ඒ වගේම ශ්‍රී ලංකාව යටත් විජිතව පැවැති කාලය තුළදී, ආරක්ෂාව සඳහා හා වෙඩි තැබීම් සඳහා මේ දූපත යොදා ගෙන තිබේ.

පරවි දූපත වෙත විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන්නේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අතර කාලය තුළදීය. මන්ද එම කාලසීමාව තුළදී මුහුදේ රළු ස්වභාවය අඩුවීම හේතුවෙන් කිමිදීම් කටයුතුවලට හා කොරළ් නැරඹීමට පහසු නිසාවෙනි. 

නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පරවි දූපත, හෙක්ටයාර් 471.429 භූමි භාගයක් පුරා විහිදෙයි.

පරවි දූපත ලෙස මෙය නම් කිරීමට ප්‍රධාන හේතුව වන්නේ, පරවියන්ගේ රජ දහනක් වන බැවිනි. පරවි දූපත ජාතික වනෝද්‍යානයට, විශේෂ වූ නිධානයක් පහළ වී තිබේ. එනම්, රමණීය හිරිගල් පරයකි.1963 දී මේ දූපත අභය භූමියක් ලෙස නම් කළ අතර, 2003 වසරේදී එම නාමය ඉවත් කර, ජාතික වනෝද්‍යානයක් බවට පත් කරන ලදී. 

කොළ පැහැති වර්ණයෙන් හා විවිධ හැඩයෙන් යුතු කැස්බෑවන් නිරීෂණ කිරීමට ද මෙහිදී හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ පවතින ජාතික වනෝද්‍යාන පෙළගැස්මේ, දාහත්වැනි ස්ථානය හිමි වන්නේ මේ දූපතට ය.

Pigeon Island National Park🌊🕊

Pigeon Island National Park is one of the two marine national parks of Sri Lanka. The national park is situated 1 km off the coast of Nilaveli, a coastal town in Eastern Province, encompassing a total area of 471.429 hectares. The island's name derives from the rock pigeon which has colonized it. 

The national park contains some of the best remaining coral reefs of Sri Lanka. Pigeon Island was designated as a sanctuary in 1963. In 2003 it was redesignated as a national park. This national park is the 17th in Sri Lanka. The island was used as a shooting range during the colonial era. Pigeon Island is one of the several protected areas affected by the Indian Ocean tsunami in 2004.
ඔත්තු පරවියන් විසු - පරවී දූපත 🕊🌊 (Pigeon Island National Park) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔත්තු පරවියන් විසු - පරවී දූපත 🕊🌊 (Pigeon Island National Park) ඔත්තු පරවියන් විසු - පරවී දූපත 🕊🌊 (Pigeon Island National Park) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2020 Rating: 5

0 comments:

Post a Comment