වසරකට එක් වරක් පමණක් පෙනෙන - නිල්මිණි ඇල්ල 🏔🏝 (Nilmini Ella)

වසරකට එක් වරක් පමණක් පෙනෙන - නිල්මිණි ඇල්ල 🏔🏝 (Nilmini Ella) - Your Choice Way
මුලින්ම කියන්න ඕනේ මේ ඇල්ල ගැන කියන්න ලොකු විස්තරයක් නම් හොයාගන්න උනේ නෑ..

පින්තූරත් නෑ මොකද මේ දිය ඇල්ල දකින්නේ වසරේ එක් කාලයකට විතරක් වීම නිසා වෙන්න ඇති.

වසරකට එක් වරක් පමණක් දැකගත හැකි මේ අපූරු දිය ඇල්ලක් බදුල්ල රිල්පොල මැදගම ප්‍රදේශයේදී දැක ගන්න පුලුවන් ල්..

නමුණුකුල කඳු පන්තියෙන් ආරම්භ වන මෙම දිය ඇල්ල ‘නිල්මිණි ඇල්ල’ නමින් ජනතාව අතර ප්‍රචලිතවී තිබේ. එයට හේතුව නම් දන්නේ නෑ..

නමුණුකුල කඳු වැටියෙන් හටගන්නා මෙම දියඇල්ල කුඩා ඔය නමින් හඳුන්වන ගඟක් දිගේ ගලා විත් බදුලූ ඔයට එක්වෙයි.

විශේෂයෙන් සෑම වසරකම මැයි මාසයේ හටගන්නා වර්ෂාවත් සමඟ දියඇල්ල දර්ශණය වීමට පටන් ගනී..

දිය ඇල්ල ආසන්නයට ලඟාවීම දුෂ්කර වුවද එහි අලංකාරත්වය ඈත සිටම නැරඹීමට හැකි පරිදි සොබාදර්මය විසින්ම සැකසී ඇති අයුරු ඉතා චමත්කාර ජනකය.

දිය ඇල්ල දැකබලා ගැනීමට නම් බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පැමිණ මැදගම මාර්ගයේ කිලෝ මීටරයක් පමණ පැමිණි පසු මෙම දිය ඇල්ල දැකගන්න පුලුවන්..

මෙවර වැසි සමයෙත් මේ ඇල්ල දිස්වුවත් එකතු වෙලා විනෝද ගමන් යන්න හොද කාලයක් නම් නෙමේ..

මේ එකම එක පින්තූරය අන්තර්ජාලයෙන්..ගූගල් Map එකේවත් මේ ගැන සදහනක් නෑ..

Nilmini Ella

This beautiful waterfall can be seen only once a year at Rilpola, Medagama in Badulla.

This waterfall which originates from the Namunukula Mountain Range is popularly known as 'Nilmini Falls'.

The falls originate from the Namunukula Range, which flows along a river called Kuda Oya and joins the Badulu Oya.

The waterfall begins to appear, especially with the rains of May every year.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වසරකට එක් වරක් පමණක් පෙනෙන - නිල්මිණි ඇල්ල 🏔🏝 (Nilmini Ella) වසරකට එක් වරක් පමණක් පෙනෙන - නිල්මිණි ඇල්ල 🏔🏝 (Nilmini Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2020 Rating: 5

0 comments:

Post a Comment