සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya)

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya)
ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි 'ඇම්බැක්කේ දේවාලය' හැඳින්විය හැකිය.

ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලා‍වේත් මන බන්දනීය සම්මිශ්‍රණයකි. ඇම්බැක්ක ග්‍රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය

සිංහල ගෘහ නිර්මාණ ගැන කතා කරනවා නම්බැක්කේ හරි ප්‍රසිද්ධයි.

කොටස් තුනකින් යුක්තව තිබූ දෙවොල, ඈත අතීතයේදී දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබී ඇතත්, කාලය සමඟ එය ගරා වැටෙන්නට ඇතැයි ද මතයක් පවතී. මෙහි ඇතුල් විහාරයේ දේව ප්‍රතිමාවක් ද තිබී ඇත

අඩි 53 ක් දිගින් හා අඩි 25 ක් පළලින් යුතු මෙම ගෘහ කොටසේ දැව කණු 32 ක් සමන්විතව ඇති අතර එම දැව කණු කැටයම් සදහා භාවිත කර ඇත. 

ගම්පොල රාජධානි සමයේදී එනම් 14 වන සතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රරමබාහු (ක්‍රි.ව. 1357 සිට 1374 දක්වා රජකළ) රජුගේ අනුග්‍රරහයෙන් දෙල්මඩ මූලාචාරී නම් ශිල්පියෙකුගේ ප්‍රධානත්වයෙන් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. සිංහලෙන් ලියැවුණු ඇම්බැක්කේ වර්ණනාව නම් කාව්‍ය ග්‍රන්ථයෙහි මේ පිළිබඳව විවිධ තොරතුරු ඇතුළත් වේ.

මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ”ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කේ” යන්න උගතුන්ගේ පිළිගැනීමයි.   

වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සිටි හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අදිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. 

ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ. ඇම්බැක්කේ දේවාලය කතරගම දෙවිඳු වෙත මෙන්ම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය වෙතට කැපව ඇත. ඒ මෙම කලා නිමවුම් පසුතලයේ වූ භාවාත්මක ලෝකයයි. 

ඇම්බැක්කේ දේවාලය ඉදිවු අනෙත් ජනප්‍රවාද තමයි ඉතිහාසගත ජනප්‍රවාදයන්ට අනුව, රංගම නම් ගමේ වාසය කරන ලද බෙර වයන්නෙකුට වැළඳී තිබුණු කුෂ්ට රෝගයක් කතරගම ගොස් කරන ලද කන්නලව්වකින් පසුව සුව විය. ඉන්පසු ඔහු වර්ෂයක් පාසා කතරගම ගොස් බෙර වයා කඳසුරිඳුන්ට කෘතගුණ දැක්වීය. 

පසු කලෙක මහළුව එහි යාගත නොහැකිව සිත් තැවුලෙන් සිටියදී කතරගම සුරිඳුන් සිහිනෙන් පෙනී, “බිය නොවී ගමට යව. නොබෝ දිනකින් රුකකින් ලකුණක් පෙන්වා මගේ අනුසස් පාමි. එවිට මඟුල් බෙර වයා බුහුමන් කරව” යනුවෙන් පවසා ඇත. 

පසු කලෙක වික්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වූ සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් ඇම්බැක්කේ මල් උයනෙහි කටු පඳුරු කපා දමද්දී, එහි තිබූ කදුරු ගසකින් රුධිර ධාරාවක් නිකුත් වී තිබේ. බෙර වයන්නා රජුට තමන් දුටු සිහිනය සැළකර සිටි බැවින් රජු එතැන ඇම්බැක්කේ ‍දේවාලය ඉදිකරන්නට කටයුතු යෙදවිය.

හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය සම්බන්ධයෙන් ද අධි මානුෂිය වූ ජනප්‍රවාද  රැසක් තිබේ. සුරූපී ඇය වරෙක රජතුමාගේ බිසොව බවටත්, බිසොව නොවී රජු හා සමීප ඇසුරක් පැවති කාන්තාවක ලෙසත් මෙන් ම පසුව කතරගම දෙවිඳුගේ බිසොව බවටත් පත්වූ අයුරු ජනප්‍රරවාද වල පවතී. 

දෙවොල ගොඩනැගිල්ලක ගෘහ නිමැවුමේ අංග තුළ කලාත්මක අංගයෙන් පරිපූර්ණ විවිධ වූ කැටයම් නිමවුම් පන්සියයකට අධික ප්‍රමාණයක් නිරූපණය වේ. 

එනම් ගෘහය ගොඩනගා ඇති දැව කණු, පේකඩ, බාල්ක, තලාඳ ආදී වූ සමස්ත අංග කැටයම් සඳහා පෘෂ්ඨිය අවකාශය ලෙස ගලපා ගනිමිනි. මෙම දැව කැටයම් සමූහය මෙරට අතිමහත් ඓතිහාසික කලා කෘති අතර තේජමානව පවතී.

Embekka Devalaya

Embekka Devalaya (Embekka Temple) was built by the King Vikramabahu III of Gampola Era (AD 1357 - 1374) in Sri Lanka. The devalaya is dedicated to Kataragama deviyo. A local deity called Devatha Bandara is also worshiped at this site. 

The shrine consists of three sections, the "Sanctum of Garagha", the "Digge" or "Dancing Hall" and the "Hevisi Mandapaya" or the "Drummers' Hall". The Drummers' Hall has drawn the attention of visitors to the site, due to the splendid wood carvings of its ornate pillars and its high pitched roof.

It is said that some of the wood work utilised for the "Drummers' Hall" came from an abandoned "Royal Audience Hall" at Gampola. There is every possibility the hall has seen repairs during the reigns of the Sinhalese Kings of Kandy. 

The carvings, which adorn the wooden pillars of the drummers' hall, as well as the "Vahalkada" (the entrance porch of the devala, which is said to be older) are some of the best examples of Sinhalese art. The base of the wooden pillars are octagonal shaped while their top end with four leaves stacked in a square.

When we consider the carvings of the entire temple there are about 125 series of decorations, 256 liyawela type designs, and 64 lotus designs, 30 decorative patterns and roof designs, ending up in 514 unique designs.
සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way

සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) සිහින දෙකක් මත නිර්මාණය වූ - ඇම්බැක්කේ දේවාලය (Embekka Devalaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2020 Rating: 5

0 comments:

Post a Comment