හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 )

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 )
දොළුකන්ද පිළිඹඳ ඉතිහාසය , රාම රාවණා කාලය දක්වා දිව යන්නකි. එවන් වූ අතීතයකට හිමිකම් කියනා දොළුකන්ද අපේ රටේ වන වියනට මෙන් ම පාරිසරිකව ද, වැදගත් වූ පරිසර පද්ධතියකි.

මෙම දොළුකන්ද වන වියන තුලදි ඉතාම දුර්ලභ වූ ඖෂධ වර්ග  අදටත් සොයා ගැනීමට හැකියාව පවතී.

වයඹ පලාත තුල කුරුණෑගල දිස්ත්‍රික්කයේ , හිරියාල ප්‍රදේශයට අයත් ව දොළුකන්ද පිහිටා ඇත.

දොළුකන්ද පිළිඹඳ විවිධ වූ කථා පුවත් ගොඩක් ගෙතී පවති. ඊයේ මම ඔයාලට කිව්ව රූමස්සලට මේ කන්දත් සම්බන්ධයි. දොළුකන්දේ පුරාවෘත්තය

වාල්මිකීගේ රාමායනයට අනුව රාම සහ ලක්ෂ්මන  , රාවණා සමඟ වන යුද්ධයේදි දරුණු ලෙස තුවාල ලබන අතර එසේ තුවාල ලැබීමට  හේතුව වී ඇත්තේ ඉන්ද්‍රජිත් නම් ප්‍රභල සෙනෙවියා සතු වූ '' උරගසරය '' නම් අවියෙන් පහර කෑමට ලක් වීමයි. 

මෙසේ තුවාල ලැබූ  රාම සහ ලක්ෂ්මන සුව කිරීම ට අවශ්‍ය වූ දුර්ලබ වූ බෙහෙත් පැලෑටි ගෙන ඒමේ වගකීම හනුමන් ට පැවරෙන අතර  හනුමන් ඒ බෙහෙත් පැලෑටි ගෙන ඒමේ අදිටනින් ඉක්මනින් හිමාලය කරා පිටත් වී යයි. 

නමුත් එහි යාමෙන් අනතුරුව හනුමන් ට  අදාල ඖෂධ පැලෑටි වල නම් අමතක වන අතර , එයට විසඳුමක් ලෙස හනුමන් හිමාලයා කන්දේ ඖෂධ උයනේ කොටසක් උස්සා ගෙන ලංකාවට පැමිණේ , එම ඔසවාගෙන යාමේදී කඩා වැටුනු කොටසක් ලෙස  මෙම දොළු කන්ද  හඳුන්වනු ලැබේ.

ඊට අමතරව රිටිගල හා රූමස්සල යන කඳු ද මෙසේ වැටුණු කොටස් ලෙස ඉතිහාස කතා වල දැක්වෙයි.  මෙම් මතයට ගැලපෙන පාරිසරික සාධක ද අපට දොළුකන්ද තුලින් හමු වේ. 

මෙම භූමිය තුල ඖෂධ ඉතා විශාල ප්‍රමාණයක් පවතිනවා සේම හිමාලයා කඳු වැටිය තුල පවතින දුර්ලබ ඖෂධ පැලෑටි  ද මෙහිදී දක්නට ලැබේ. උදාහනණ ලෙස වනරාජ, සඳරාජ වැනි ශාක දැක්විය හැකිය.

තවද එකල වළගම්බා රජු හෝ එවකට සිටි රාජ රාජ මහා අමාත්‍ය වරයෙකු  තම වාස භූමිය ලෙස රහසේ සැඟව සිටීමට මෙම  දොළුකන්ද යොදා ගන්නට ඇති බවත්,  මෙහි පවතින මාළිගයක  නටඹුන් හා කැටයම් යෙදූ ගල් කනු වලින්, මෙහි පවතින කුඩා පොකුණු ආදියෙනුත් පැහැදිලි වේ. 

යාම් ඒම් සඳහා අති දුෂ්කර මාර්ගයන් පවතින හෙයින්  රාජ්‍යයට එරෙහි සතුරු ආක්‍රමණ වලට මුහුන දීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැකිය. තවද රාවණා රජු ගේ සමයේ ශිවදෘෂ නම් පඪිවරයා ඔහු ගේ ඖෂධ උයන් වලින් එකක් ලෙස දොළුකන්ද භාවිතා කල බවට ද සමාජය තුල මතයක් පවතී. 

එම මතය සනාථ කරන කරුනක් වි ඇත්තේ රිටිගල හා රූමස්සල යන ඖෂධ උයන් ද කි. මී 50 ක පමන වපසරිය තුල පිහිටා තිබීමයි. දොළුකන්දේ සිට නැරඹීමේදි රිටිගල හා රූමස්සල කඳු මනාව දර්ශණය වේ.

රාස්සමූන නම් දොළුකන්දේ උසම ස්ථානය පොළවේ සිට මි 600ක් පමන උස වන අතර මෙම ස්ථානය ට මුහුද පවා දර්ශණය වේ.

මීට අමතරව විජය රජුට වැලදි කුෂ්ඨ ‍රෝගයක් සදහා බෙහෙත් සොයන්න කුවේණිය සමග මෙහි ආ බවද ජනප්‍රවාදයේ සදහන්..

කොහොම වුණත්.පරිසර සුන්දරත්වය විදින්න කැමති ඔබට නම් දොළුකන්ද කදිම අවස්ථාවක්

Dolukanda 🏞🌄

Dolukanda which is an isolated mountain of about 600m height situated in Kurunegala district.

Importance of Dolukanda,
  1. It’s history goes back to Rama-Rawana legend and this is one of the sites where Hanuman has dropped a part of Himalaya. Therefore the top of Dolukanda is known as a herbal paradise. Nowadays people visit there to collect Dummala-දුම්මල and other herbal plants. And it is believed as King Buddhadasa’s (බුද්ධදාස රජතුමා) herbal garden.
  2. There are number of ruins on top of Dolukanda and said to belong to King Walagamba-වළගම්බා රජතුමා period. According to folks this was belong to a regional king who ruled the area.
  3. It is a good view point of Kurunegala district.
Legend : During the epic battle between Lord Rama and King Ravana, both Lord Rama and his brother Lakshman were injured by powerful arrows which left Lakshman mortally wounded. Hanuman was instructed to locate and bring back a life saving herb from the Himalaya mountain range to save Lakshman’s life. Legend states that Hanuman being unable to locate the specific medicinal herb lifted the whole peak and carried it to Lanka. It is said that along the way parts of the mountain broke away and fell in five locations in Sri Lanka, Dolukanda being one of those sites.

The Dolukanda nature reserve is rich in unusual plants and herbs and is home to many natural caves and ruins of an ancient Buddhist monastic complex. Inscriptions found at the site dates back to the 6th Century BC.
හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way

හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) හිමාලයෙන් කඩා වැටුනු - දොළුකන්ද 🌿🏞 (Dolukanda - Sri Lanka 🏞🌄 ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2020 Rating: 5

0 comments:

Post a Comment