නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන ☸️🙏🌸

නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන ☸️🙏🌸
අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ වන අරණක සැගවී තිබෙන සේනාසනය ගැනයි.ඒ නමින් සල්ගල වන සේනාසනයි.

මෙතනට යන්නේ මෙහෙමයි වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු පසු අපට මේ වන සෙනසුන හමුවෙනවා.

පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් ඇවිද ගියාම තමා මේ සනසුන ගමුවෙන්නේ.ඒ මාර්ගයේ ගමන් කරද්දි මුලින් කුඩා ගල්ලෙනක් හමුවෙනවා.

ආරණ්‍ය සේනාසනය තියෙන්නේ ඊට මදක් ඔබ්බෙන්,පිච්චමල් ආරුක්කුවකින් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි.
දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට ඇත්තේ ආරණ්‍ය සතු විශාලතම ලෙනයි.එය ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබෙනවා.

මෙම ලෙනට මේ නම දැමීමේ පුරාවෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යනවා.මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී ආක්‍රමණය හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබෙන බවයි.

එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය.. ඒ නිසා මේ ලෙනට මේ නම දාලා තියෙනවා.එතනින් ඉහළට ගියාම අඩි සියයක් පමණ දිග සක්මන් මලූව හමුවනවා.

සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි.වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනදී දැකගන්න පුලුවන්.

හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා. හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ..

මතක තියාගන්න මේ පුදබිම භාවනායෝගී හාමුදුරුවන් ඉන්න තැනක් මෙහි ගියාට කමක් නෑ සද්දය කර කර ඝෝශා කරන්න නම් හදන්න එපා....

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන ☸️🙏🌸 - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන ☸️🙏🌸 නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන ☸️🙏🌸 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2020 Rating: 5

0 comments:

Post a Comment