විවිධ රටවල තහනමට ලක්‌ වු අමුතු දේවල් (Strange Things That Are Banned In Different Countries)

විවිධ රටවල තහනමට ලක්‌ වු අමුතු දේවල් (Strange Things That Are Banned In Different Countries)
නීතිය තියෙන්නේ යම් සමාජයක සාමය පවත්වා ගැනීමටත්, වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමටත්, නිවැරැදිකරුවන් දඬුවම් ලැබීමෙන් ආරක්ෂා කිරීමටත්. කොටින්ම කියනවනම් නීතිය කියන්නේ මිනිසුන් වරදක් කිරීමට බිය වන ආකාරයේ සහ මිනිසුන් හික්මවන ආකාරයේ සීමාවන්. මේ නිසයි ඕනෑම රටක නීති පද්ධතියක් තිබෙන්නේ. නීති පද්ධති සකසන පුද්ගලයන් ඒ ඒ රටේ අවශ්‍යතා වලට අනුව නීති සකස් කරනවා. මේ නිසා රටෙන් රටට තිබෙන නීති වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇතැම් රටවල තියෙන සමහර නීති නම්, පනවා තිබෙන්නේ මොන හේතුවටද කියා සිතාගන්න බැරි අවස්ථා තිබෙනවා. මේ ලිපියෙන් අපි කියන්නේ ඒ වගේ ලෝකය පුරා හමුවන අමුතුම ආකාරයේ නීති කිහිපයක්.

ඉතාලිය. ඉතාලියේ මිලාන් හි තිබෙනවා අපූරු නීතියක්. ඒ වගේ නීතියක් නම් අපේ ලංකාවට දැම්මත් කමක් නැහැ කියලා හිතෙනවා. ඒ නීතිය තමයි, එහි ජීවත්වන කිසිම කෙනෙකුට ප්‍රසිද්ධියේ ඔරවාගෙන සිටීම තහනම්. රවාගෙන, මුහුන එල්ලා ගෙන සිටීම ඔවුන්ට ප්‍රසිද්ධ ස්ථානයකදී කරන්න ඕන නම්, ඒ අනිවාර්යයෙන්ම අවමංගල්‍ය උත්සවයකදී හෝ රෝගියෙක් බැලීමට රෝහලට ගිය අවස්ථාවකදී පමණයි. ඉතින් ඒ නිසා එහි මිනිසුන් බොහෝ විට සිනා මුසු මුහුණෙන් හෝ සිනා වෙන්න බැරි නම් අඩුම තරමේ ඔරවාගෙන නොසිටීමට හෝ උත්සහ කරනවා.

සිංගප්පුරුව. පාසල් වල, පංති වල,ඩෙස්ක් පුටු යට, බස් නැවතුම් පොළවල් වල ආදී බොහෝ ප්‍රසිද්ධ ස්ථාන වල අල්ලන අල්ලන තැන්වල කාලා අලවපු චුයිංගම් අතට අහුවෙන අපේ ලංකාවටත් මේ නීතිය නම් හොඳින්ම ගැළපෙනවා.මොකද සිංගප්පූරුවේ චුවින්ගම් සැපීම තහනම්. සැපීම කිව්වට මොකද ඒ රටට කොහොමත් චුවින්ගම් ගෙන්වන්නේ හෝ අලෙවි කරන්නේ නැහැ. ඔවුන් කියන විදිහට මේ නීතියේ අරමුණ තමයි ප්‍රසිද්ධ ස්ථාන පිරිසිදුව තබා ගැනීම. ලංකාවටත් චුවින්ගම් තහනම් කලේ නැතත්, ඒවා පොදු ස්ථානවල එහෙ මෙහෙ දැමීම තහනම් කරනවා නම් ලොකු දෙයක්.

මෙක්සිකෝව. මෙක්සිකෝවේ මේ නීතිය ඕනෑම රටකට ගැලපෙන නීතියක්. විශේෂයෙන්ම බයිසිකල් වල වැඩ කෑලි දාලා නුපුරුදු අයට. මොකද මෙක්සිකෝවේ නීතියක් තිබෙනවා එහි පාපැදිකරුවන්ට ගමන් කරන අතරතුර පැඩල මතින් කකුල් එසවීම තහනම් බවට. ඔවුන්ගේ නීතියේ අරමුණ වන්නේ පාපැදිකරුවන්ට බයිසිකල් පැඩල මතින් කකුල් ඔසවා පාලනය අහිමි වීමෙන් සිදුවන අනතුරු අවම කිරීම.

ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තයේ මහල් නිවාස වල ජීවත් වන පුද්ගලයන්ට රාත්‍රි 10න් පසු වැසිකිලිය ෆ්ලශ් කිරීම තහනම්. බොහෝ විට ඒ සද්දය මගින් මහල් නිවාසවල ළඟ ළඟ ජීවත්වන අනෙක් පුද්ගලයන්ට සිදුවන කරදරය මඟහැරීමට වෙන්න ඇති මේ නීතිය පනවා තිබෙන්නේ.

ජෝර්ජියාව. ජෝර්ජියාවේ කුකුල්ලුන්ට පාර හරහා පැමිණීම තහනම්. අහපු ගමන් සිනහ උපදවන නීතියක් උනාට මේ නීතියේ අරමුණ බොහෝ විට හිටිහැටියේ කුකුලන් පාර හරහා මාරු වීමෙන් සිදුවන මාර්ග අනතුරු අවම කරගැනීම වෙන්න පුළුවන්.

නව සීලන්තය. කුකුළන් සම්බන්ධ තවත් නීතියක් අපට තවත් රටකින් හමුවනවා. ඒ තමයි නවසීලන්තය. ඒ රටෙහි නීතියකට අනුව කිසිම කෙනෙකුට උණුසුම් වායු බැලූනයක(Hot air balloon) කුකුලෙක් සමග ගමන් කිරීම තහනම්. මේ නීතියේ අරමුණ නම් තීරණය කිරීම ඔබට බාරයි!

බැල්ටිමෝරය. අපි හිතන්නේ මේක තමයි මේ ලයිස්තුවේ තිබෙන වඩාත්ම පුදුම හිතෙන නීතිය. බැල්ටිමෝරයේ මේරිලන්ඩ් ප්‍රදේශයේ නීතියකට අනුව එහි කිසිම සිනමා ශාලාවකට ඔබට සිංහයෙකු රැගෙන ඒම තහනම්. අපි බොරු කියනවා කියල හිතෙනවනම් ඔබට සොයා බලන්න පුළුවන්. ඒ වගේම මේරිලන්ඩ් ප්‍රදේශයේ එවන් නීතියක් දැමීමට මුල් වුන හේතුවත් සොයා බැලීමට වටිනවා!

රුසියාව. අපිරිසිදු මෝටර් රථයක් පැදවීම රුසියාවේ තහනම් දෙයක්. මේ නිසා රුසියානුවන්ට තමාගේ මෝටර් රථය පාරට දැමීමට පෙර හොඳින් සෝදා ඇත්දැයි බලන්නම වෙනවා.මොකද එහෙම නැත්නම් ඒක නීතිය කඩ කිරීමක් නේ.

ස්කොට්ලන්තය. ස්කොට්ලන්තයේ නීතියකට අනුව, නාඳුනන පුද්ගලයෙක් ඔබගේ නිවසේ දොරට තට්ටු කර හදිසියේ වැසිකිළි යාමට අවශ්‍ය බව පවසනවා නම්, ඔහුට ඔබේ නිවසට ඇතුළු වීමට ඉඩ දිය යුතුයි. (අපි හිතමු ඒ රටේ බොරු කියලා වෙන අයගේ නිවෙස් වලට ඇතුළු වෙලා සොරකම් ඇතුළු අපරාධ කරන්න බලන් ඉන්න මිනිස්සු ඒ රටේ නැහැ කියලා.)

ඔන්ටාරියෝ. ඔන්ටාරියෝ වල ඔෂාවා හි තිබෙන මේ නීතිය නම් කුඩා දරුවන්ට එතරම් සතුට දනවන එකක් නොවෙයි. මොකද ඒ ප්‍රදේශයේ ගසක් නැගීම කියන්නේ නීතියට පටහැනි දෙයක්.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විවිධ රටවල තහනමට ලක්‌ වු අමුතු දේවල් (Strange Things That Are Banned In Different Countries) විවිධ රටවල තහනමට ලක්‌ වු අමුතු දේවල් (Strange Things That Are Banned In Different Countries) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2020 Rating: 5

0 comments:

Post a Comment