තායි හුරුව ලැබූ - මාතර ගල්ගොඩියාන දූපත 🇨🇷🏝 (Matara Galgodiyana Island)

තායි හුරුව ලැබූ - මාතර ගල්ගොඩියාන දූපත 🇨🇷🏝 (Matara Galgodiyana Island)
අද අපි කතා කරන්න යන්නේ බොහො දෙනෙක් නොදන්න සැගවුණු දූපතක් ගැන.ඒ නමින් ගල්ගොඩියාන දූපතයි.

මාතර, පොල්හේන මුහුදු තීරයේ සිට කිලෝ මීටර් භාගයක් පමණ නුදුරින් පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් ගල්ගොඩියාන දූපත පිළිබඳ ඉතිහාස කතන්දරය වසර 120 ක් පමණ අතීතයට දිව යනවා.විනාඩි 20 ක පමණ බෝට්ටු සවාරියකින් පස්සේ මේ දූපතට ලගා වෙන්න පුලුවන්.

තුරු වදුලින් පිරි දූපතක් කිව්වොත් නිවැරදී.විශාල ලෙස ගස් කොලන්වලින් පිරී තිබුණද ගස් කොළන් යටින් රිංගා දූපතේ කන්ද මුදුනට නැගගත්තම පළමුවෙන්ම දැක ගැනීමට ලැබෙන්නේ තායි සම්ප්‍රදායෙන් ඉදිකරන ලද චෛත්‍යයක්.

හැබැයි මේක අතරින් පතර කැඩී බිඳී ගොස් තිබුණද මෙය විශ්මයජනක ඉදිකිරීමක් කිව්වොත් නිවැරදි.සෙල් ලිපි කිහිපයක් අදටත් ඇති නමුත් එහි සඳහන් කිසිවක් අද වනවිට පැහැදිලි නැහැ.
මෙම දූපතේ සිව් මහල් ගොඩනැගිල්ලක්ද තිබී ඇතත්, අද වන විට එය විනාශ වෙලා.පහළින් එහි සුලුකොටසක් පමණක් ඉතිරිව තිබෙනවා.

මෙහි ඉතිහාස කතාව හරි අපූරුයි.තායිලන්තය රජ පවුලක් හා බැඳුනු දිගු ඉතිහාසයක් මෙම දූපතට තිබෙනවා.

තායිලන්තයේ ඔටුන්න හිමි කුමාරුව සිටි ප්‍රිස්ඩන් චුම්සායි කුමරු 1894 දී ලංකාවට පැමිණ තිබෙනවා.ඒ පිය රජුගෙන් පසු සිහසුනට පත්වීමට පෙර මහණදම් පිරීම සඳහායි.

එය එකල සියම් රාජවංශයේ සම්ප්‍රදායක් ලෙස පැවතිලා තියෙනවා.මහණ දම් පිරීමට සුදුසු ස්ථානයක් සොයමින් රත්ගම ධම්මධාර හිමියන් සමඟ මෙම කුමරු දකුණු පළාතේ සැරිසරා තිබෙනවා.

ජිනවරවංශ නමින් පැවදි වූ මෙම කුමරු රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුබූතී හිමියන් ගේ ගෝල නමක්ද වෙනවා.ජිනවරවංශ හිමියන් වැඩ සිටි ගල් වලින් සාදා ගත් කුටියේ නටඹුන් ද තවමත් මෙහි දක්නට ලැබෙනවා.

2004 වසරේ සුනාමිය මගින් මෙම දූපතේ සැලකිය යුතු ප්‍රමණයක් විනාශ වූවත් දූපතේ සුන්දරත්වයට එය බාදාවක් වී නැහැ.අදවන විට වැඩි අවදානයක් නොමැති මෙම දූපත ක්‍රමයෙන් කැලෑ වදිමින් තිබෙනවා.

හැබැයි ඉතින්.මෙය ප්‍රතිසංස්කරණය කලහොත්  දේශීය විදේශීය සංචාරකයන්ගේ තවත්  එක් සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු නොඅනුයි...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
තායි හුරුව ලැබූ - මාතර ගල්ගොඩියාන දූපත 🇨🇷🏝 (Matara Galgodiyana Island) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තායි හුරුව ලැබූ - මාතර ගල්ගොඩියාන දූපත 🇨🇷🏝 (Matara Galgodiyana Island) තායි හුරුව ලැබූ - මාතර ගල්ගොඩියාන දූපත 🇨🇷🏝 (Matara Galgodiyana Island) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2020 Rating: 5

0 comments:

Post a Comment