රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)
අද අපි කතා කරන්න ‍යන්නේ දකුණු ලකේ තියෙන සුවිශේෂි පුදබිමක් වන රජ්ජුරුබන්ඩාර දෙවොල ගැනයි.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ඌරුමුත්ත නම් සුන්දර ගමේ කදුගැටයක් මත මෙම රජ්ජුරුබන්ඩාර දෙවොල පිහිටලා තියෙන්නේ.

ඉපැරණි රජ්ජුරු බණ්ඩාර දෙවොල හෙවත් ‍ඵෙතිහාසික ගැටබරු රජමහා විහාරය ඵෙතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ගන්නා පුදබිමකි.

කතාව මම මෙහෙම පටන් ගන්නම් සමහර උදවියට රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කොච්චර නම් විශ්වාසයිද කිව්වොත් ඔවුන් පොලිසියට යන්න ඕනෙ තැනදිත් යන්නේ ගැටබරුව දේවාලයට. 

මොකද යුක්තිය ළඟදි ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියෝ මිනිසුන්ගේ හදවතේ ඉන්නවා කියලා ඔවුන් හිතනවා.ඌරුමුත්ත මෙතරම් වැදගත් වන්නේ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ උපන් ගම ද මෙය බවයි විශ්වාස කෙරෙන්නේ..

මෙහි ඉතිහාස කතාව වළගම්බා රජ දවස දක්වා දිවයයි.ඒ මනද වළගම්බා රජතුමන් රුහුණු මයා දෙරටේ  සැඟවී සිටිමින් සේනා සංවිධානය කරද්දී.

රජුට ආරක්ෂාව හා රැකවරණය සලසා ලක් රජය එක්සේසත් කිරීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන්  මහත් උපකාර කරලා තියෙනවා.

එයට කෘතගුණ සැලකීමක් ලෙස රට එක්සේසත් කිරීමෙන් පසු මෙම දෙවොල ඉදිකළ බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා.

රජ්ජුරුබණ්ඩා දෙවියන් ඉතා දැහැමින් ප්‍රදේශයේ පාලනය ගෙන ගිය, ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නායකයකු ලෙස ප්‍රකටව සිට ඇත.

ඔහු මියගිය පසු රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් ලෙස දේවත්වයෙන් පිදීමට ඌරුමුත්තේ ජනතාව පෙළැඹී ඇත්තේ ඔහුගේ දැහැමි පාලනය නිසාවෙනි.

එසේ දේවත්වයෙන් අදහන තම නායකයා සදහා එදා ජනයා ඌරුමුත්ත රජ්ජුරුබණ්ඩාර දේවාලය ඉදිකරවා ඔහු වෙනුවෙන් වැදුම් පිදුම් සිදුකර ඇත.

යහපත උදෙසා ආශිර්වාද කරමින් අයපහත උදෙසා දඩුවම් කරන දෙවි කෙනෙකු ලෙසයි රජ්ජුරුබණ්ඩාර දෙවියන් ප්‍රසිද්ධව ඇත්තේ.

මේ වන විට බොහෝ දෙනා වැදුම් පිදුම් කිරීමටත් එහි ඇති සුන්දර පරිසරය විද ගැනීමටත් මේ වෙත ඇදෙමින් පාවතී.

කතරගම දෙවිදුන්ගේ සමීපතම මිතුරෙකු ලෙසත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් සැලකෙනවා.මුළු මහත් රුහුණු රට පුරාම තම බල පරාක්‍රමය විහිදුවා ගෙන සිටි රජකෙනෙකු ලෙස රජ්ජුරු බණ්ඩාර දෙවියන් හැදින්වෙනවා.

එවන් විශ්වකර්මිත ගෞරවාදරයට පාත්‍ර වූ දෙවියෙකු වැඩ සිටින පූජනීය පුද බිමක් ලෙස මෙය ප්‍රසිද්ධ වේ.

මේ ගැන වැඩි යමක් දන්න අය මෙයට එකතු කරන්න.. Travel කරන්න යන අපි මේ වගේ සුන්දර තැන්ගැනත් උනන්දුවක් දක්වමූ.
රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)

රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta)
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta) රජ්ජුරු බණ්ඩාර දේවාලය - ඌරුමුත්ත 🌸🌿🙏 (Rajjuru Bandara Devalaya - Urumutta) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2020 Rating: 5

0 comments:

Post a Comment