පිලවු රයිස් (Pilau Rice)

පිලවු රයිස් (Pilau Rice)

ඔන්න අද කෑම ලන්තයෙන් කියල දෙන්න හදන්නේ පිලවු රයිස් කියන රයිස් වර්ගය හදන්නේ කොහොමද කියලා.මොකක් කිවුවා?පිලවු රයිස්...!!! ඔව් ඔව් පිලවු රයිස් තමයි.නම අහලා වත් නැති උනාට කමක් නෑ.සාමාන්‍ය රයිස් එකක් වගේම තමයි ටිකක් වෙනස්.පොඩ්ඩක් බලන්නකෝ හන්න්දේ කොහොමද කියලා එහෙනම්,

අවශ්‍ය දේවල්:

  • බාස්මති සහල් 750g
  • ගිතෙල් මේස හැඳි 5-6
  • තලාගත් කරදමුංගු(එනසාල් )ඇට 4-5
  • කරාබු නැටි 3-4
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • ගම්මිරිස් අට 7-8
  • අබ ඇට තේ හැඳි 1/2
  • චොප් කරගත් ළුණු ගෙඩි 4
  • හොඳින් තලා ගත ඉඟුරු තේ හැඳි 1/2
  • ලුනු (රස අනුව)
  • උණු වතුර (බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට)
  • කහ කුඩු  තේ හැඳි 3/4
  • බාගෙට තම්බා  ගත්  ග්‍රීන් පීස් 350g
  • වියළි මිඳී 100g
  • බැදගත් කජු 100g

සාදාගන්නා ආකාරය:

  1. මුලින්ම සහල් සෝදා පිරිසිඳු කර වතුර පෙරා ගන්න.
  2. පසුව සුදුසු භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් වෙන විට කරාබු නැටි,කරදමුංගු,කුරුඳු පොතු,ගම්මිරිස් සහ අබ අට එක කරන්න.
  3. දැන් එයට ඉඟුරු සහ ළුනු එක්කර මඳක් බැදෙන්න හරින්න.
  4. පසුව ග්‍රීන් පීස් සහ වියලි මිදී එක්කර මඳක් තෙම්පරාදු කරගන්න.
  5. ඉන්පසු සහල්ද එක්කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න.
  6. දැන් කහ කුඩු සහ රස අනුව ලුනු අවශ්‍ය ප්‍රමාණයට දමා කළවම් කරගෙන බත පිස ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්කර පිස ගන්න.
  7. අවසානයේදී උඩින් බැදගත් කජු ඉස උනුවෙන්ම පිළිගන්වන්න.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිලවු රයිස් (Pilau Rice) පිලවු රයිස් (Pilau Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2020 Rating: 5

0 comments:

Post a Comment