දියඇලි 20ක් සැගවුණු - ගලපිටියාය 🗿🌿⛰🍂🌸 (20 Waterfalls Hidden - Galapitiya)

අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් අපූරු තැනක් ගැන.ඒ නමින් ගලපිටියාය.කතාව මෙහෙම පටන්ගන්නම්,
  • කි.මී. 2 ක සැඟවුණු දිය ඇලි 20 ක් පමණ තිබෙනවා.   
  • තවමත් කිසිවෙකුත් මෙම දිය ඇලි සියල්ලම අසලට ගොස් නෑ. ඔය දෙපස අංශක 90 ක ගල් බිත්ති.මෙහෙම කිව්වම හැමෝටම කුතුහලයක් එයි.
කඳුහෙල්, දිය ඇළි, ගංගා, උමං ගුහා දස දහසකට අධික වසොබාවික නිර්මාණ සමුදායක් පිරි අප දේශයේ තවමත් හෙළි නොවුණු සහ මිනිස් ඇස නොගැටුණු නිර්මාණ කිහිපයක් තිබෙන බව කීවොත් ඔබ පුදුම වේද?

හැබැයි ඒ දේවල් එලෙස සැගවිලා තියෙන තරමටම හොදයී.අපි කියන්නේ ගලපිටියාය වතුයාය ඉහළ කෙළවරේ පිහිටි ගලපිටිගල නම් සැගවුණු ස්ථානය ගැන.

ගලපිටියාය වත්ත පෞද්ගලික වතුයායක්... ඒ වත්තට පිවිස මාන කැලය අතරින් වතුයායේ කෙළවරටම යන්න පුලුවන්.

මෙහි දරුණු ආගාධයක පිහිටි දිය ඇලි කිහිපයක්ම දැකගන්න පුලුවන්.දිය ඇලි කොපමන පෙනුණ ද එවා පිහිටලා තියෙන්නේ ඉතාමත් තද හෙලක.

මින් පෙර අසා හෝ දැක නොතිබුණු මෙපමණ දිය ඇලි සංඛ්‍යාවක් පිහිටි මෙම ඉසව්ව පිළිබඳ වැඩිදුර සොයා බැලීමට ඕන කෙනෙකුට හිතෙයී.

වැසි රහිත කාලයක නම් ගමන දුෂ්කර වෙන්නේ නෑ.. නමුත් වැසි කාලෙට නම් මෙම ගමන සම්පූර්ණ අවදානම් සහගත ගමනක්..වතුයායේ ටික දුරක් යද්දී ගලපිට ගලක් දැක ගන්න ලැබෙනවා.

මේ වතුයායට මේ නම ලැබිලා තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.ඒ ගල් රැදවිලා තියෙන තැන දැක්කම පුදුමත් හිතෙනවා.ගලක් උඩ ගලක් හිරවෙලා වගේ

අංශක 90 ක ගල බිත්තියක් ආකාරයෙන් මෙය පිහිටලා තියෙනවා.අවට ලෝකයෙන් වෙන්ව ඉතා හුදෙකලා ඉසව්වක සිටින්නාක් මෙන් හැගීමක් මෙහි විය.

මේ හරහා ගලා යන නාරංගොල්ල ඔය ලොවෙන් සැඟව මෙපමණ කලක් තිබුණේ මෙම ඔය දෙපස තිබෙන අංශක 90 ගල් බිත්ති නිසාවෙන් සහ මෙම නිම්නය දැඩි අඳුරු නිම්නයක් වන නිසාවෙනි.

ගුප්ත බවින් පිරීගිය නිහඬ මාන කැලය මුළුමනින්ම ගුවනට විවෘතයි.දැඩි ලෙස අවදානම් හා අනතුරු පිරුණ එම ඉසව්වට ළඟාවීම අතිශය අසීරුයි.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏











උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දියඇලි 20ක් සැගවුණු - ගලපිටියාය 🗿🌿⛰🍂🌸 (20 Waterfalls Hidden - Galapitiya) දියඇලි 20ක් සැගවුණු - ගලපිටියාය 🗿🌿⛰🍂🌸 (20 Waterfalls Hidden - Galapitiya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2020 Rating: 5

0 comments:

Post a Comment