ලංකාවේ පොඩිම ගමට යමුද- වල්පොලමුල්ල 🌾🍃 (Walpolamulla Village 🥦🏕)

අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ලංකාවේ තියෙන පොඩිම ගම ගැන.හැබැයි මම කලින් දවසකත් මේ ගැන කියලා තියෙනවා.ආයේ මතක් කරන්න හිතුනා.

මේ ගමට යන්න මාතලේ රිවර්ස්ටන්වලට යන්න ඕනේ. ඊට පස්සේ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල ඔස්සේ කීලෝමීටර් 10ක් විතර මේ ගමට යන්න තියෙනවා.

වට පිටාවේ සුන්දරත්වය නිසා මේ ගමනේ මහන්සිය නම් දැනෙන එකක් නෑ.

ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. සමහරු මේ ගම ආසියාවෙන් පොඩිම ගම කියලත් කියනවා. දුෂ්කර ගම්මානයත් වුවත් බත, බුලතින් සරුසාර ගමක් තමයි මේ ගම.

දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා.

මානිගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

ඇටන්වල ගම්මානය පසු කරමින් වනය ඔස්සේ දිවෙන අඩිපාර දිගේ කි. මී. 4ක් පමණ කඳු තරණය කිරීමෙන් වල්පොමුල්ල නම් සොඳුරු පාරම්පරික ගම්පියසට ළඟාවිය හැකියි.

එය වන මැද කඳු අතර පිහිටි සානුවක නිර්මාණය වූ ගමක්. ආසන්නම වෙළඳසැලට (කුඩා කඩයක්) කි. මී. 8ක් විතර දුරයි.

ලංකාවේ පොඩිම ගම වන වල්පොලමුල්ලෙහි එහි අද වන විට ඇත්තේ එක් නිවසක් පමණ යි.

කඳු සහ දියඇලි වටකරගත් ඉතා සුන්දර ප්‍රදේශයක් වුවත් ගමේ දුෂ්කරතාවය නම් ඉහළයි.

ගමේ පුංචි කුඹුරු යායකුත් තිබෙනවා. හේන් වගාව වගේම කිතුල් මැදීමත් මෙහි සිදුවුණත් අද ගම පාලුවට ගිහින්.

ගම්වැසියන් ගම අතහැර වෙනත් ගම්මානවලට ගිහිල්ලා. එයට ප්‍රධාන හේතුව වනඅලි කරදරය බවයි පැවසෙන්නේ.

අතීතයේ මෙහි මිනිසුන් වාසය කරන තිබුණි. ඔවුන් තම කුඩා ග්‍රාමය තුළ හේන් ගොවිතැන කරමින් සතුටින් කල් ගෙවමින් සිටියා විය හැක.

නමුත් දුෂ්කරතාවය උත්සන්න වනවිට වල්අලි ප්‍රහාර ඉඳහිට ලැබෙන විට තවදුරටත් එහි විසීමට ඔවුනට නොහැකි විය.

එම නිසාම ඒ ගැමියන්ට ලංකාවේ කුඩාම ගම වන සේම අතිශය සුන්දර මිටියාවතක පිහිටි මෙම වල්පොලමුල්ල ග්‍රාමය හැරදමා යන්නට සිදුවුණි.

අතීතයේ අස්වැද්දූ මේ ගොයම අද නිහඬය. එය පිහිටියේ ලංකාවේ ලස්සනම ස්ථානයේ වග සංචාරකයකු ලෙස අපට කිව හැක.

මන්දයත් කුඹුරු යාය නිමවන ඉසව්වේ හෙළ පිහිටියේ නකල්ස් රක්ෂිතයේ සුන්දරතම දර්ශන පථය සමගිනි.

ඉස්සර ඔය ගමේ පවුල් 7-8ක් ජීවත් වෙලා තියෙනවා මාපා මුත්තා කියල කෙනෙක්ගෙන් පැවතෙන පවුල් කිහිපයක් තමයි එහේ ජීවත් වුණේ.

ඒත් කාලයත් එක්ක එයාලගේ ළමයින්ගේ ළමයි පිටගම් ගිහින් ගම හුදෙකලා වෙලා.

අවුරුදු කිහිපයකට කලින් වෙනකං කපිල රත්න මාමා කියලා කෙනෙක් ජීවත් වුණා තනියම එයාගේ පවුලේ අය එක්ක. පස්සේ අලි කරදර හින්දා එයාලටත් යන්න වුණා.

මේ ජායාරූප එකතුවේ තියෙන්නේ දැනට ඉතිරි වෙලා තියෙන එකම නිවස.Camping යන බොහෝ දෙනා නතර වෙන්නේ මේ ගේ ඉස්සරහා දැන් මෙවැනි ගම්මාන ප්‍රසිද්ධ කරන එකත් ගැටලු සහගතයි.

මොකද camping යන සම හරක් නිසා පරිසරය විනාශ වෙමින් පවතින නිසයි.

පින්තූර මුල්හිමිකරු සතුයි..📸🙏

Walpolamulla village
Walpolamulla is a village in Sri Lanka It is located within Central Province.

Walpolamulla is the most remote village exists in the Reversturn area and now it has been almost abandoned due to the threat of wild elephants. But still there are families coming there to cultivate the fields they owned yet there is one person lives there. Also there is a tracking trail which we think that is quite famous but we were not aware of it before.











උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ පොඩිම ගමට යමුද- වල්පොලමුල්ල 🌾🍃 (Walpolamulla Village 🥦🏕) ලංකාවේ පොඩිම ගමට යමුද- වල්පොලමුල්ල 🌾🍃 (Walpolamulla Village 🥦🏕) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2020 Rating: 5

0 comments:

Post a Comment