වික්ටෝරියා වේල්ලේ කතාව 🌊🍁🍂🍃🌁 (Victoria Dam)

අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල ගැන.

මහවැලි ගංගාවේ ඉහළ කොටසේ තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලක් තමා මේ වික්ටෝරියා වේල්ල.

මෙය ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට මෙගාවොට් 210 විදුලී ධාරිතාවක් සපයනවා.

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පාදමකින්ද යුක්ත වෙනවා.

මේ වේල්ලට මේ නම ලැබුනේ මෙහෙමයි.වික්ටෝරියා වේල්ල තිබෙන ස්ථානයේ එය සෑදීමට පෙර එයට 300m පහළින් තිබුනේ වික්ටෝරියා දිය ඇල්ල යි.වික්ටෝරියා වේල්ලට එම නම ලැබුනේ වික්ටෝරියා දිය ඇල්ල නිසා යි.

මේ නම වැටෙන්න තවත් කතාවක් තියෙනවා. ඒ තමා,එංගලන්තයට ගොස් දෙවන එළිසබෙත් රැජිණ හමුවූ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ සාදන විශාලතම ජලාශය සඳහා ණය මුදලක් අවශ්‍ය බව රැජිනට පවසනවා.

මෙය ණයක් ලෙස ගත්තත් ජලාශය නම් කරන්නේ එලිසබෙත් රැජිණගේ මිත්තනිය වන වික්ටෝරියා රැජිණගෙ නමින් බවත්‍ ඔහු පවසනවා. 

නමුත් සැබවින්ම වික්ටෝරිය ජලාශයට එම නම මීට පෙර සිටම යෝජනා වී තිබුණු එකකි. මන්ද වේල්ල නිර්මාණය වූයේ වික්ටෝරියා දිය ඇල්ල මත නිසාවෙනි.ඔන්න ඔහොම කතාවකුත් තියෙනවා.

මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙනවා.ඔයාලා දන්නවද ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් වික්ටෝරියා ජලාශය සමන්විත වෙනවා.

ඒ වගේම වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙනවා.

ජලාශයේ ජල මට්ටම ඉහළ යාමේදී මේ වාන් දොර‍ටු ස්වයංක්‍රීයව විවෘත වෙනවා.මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පාදමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Victoria Dam
Victoria Dam is an arch dam located 130 mi upstream of the Mahaweli River's mouth and 4 mi from Teldeniya. Its main purposes are irrigation and hydroelectric power production. It is the tallest dam in Sri Lanka, and supports a 210 MW power station, the largest hydroelectric power station in the country.











වික්ටෝරියා වේල්ලේ කතාව  🌊🍁🍂🍃🌁 (Victoria Dam) - Your Choice Way

වික්ටෝරියා වේල්ලේ කතාව  🌊🍁🍂🍃🌁 (Victoria Dam) - Your Choice Way

වික්ටෝරියා වේල්ලේ කතාව  🌊🍁🍂🍃🌁 (Victoria Dam) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වික්ටෝරියා වේල්ලේ කතාව 🌊🍁🍂🍃🌁 (Victoria Dam) වික්ටෝරියා වේල්ලේ කතාව  🌊🍁🍂🍃🌁 (Victoria Dam) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2020 Rating: 5

0 comments:

Post a Comment