මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.

පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
  • පිටි 200g
  • ලුණු ස්වල්පයක්
  • මාගරින් තේ හැදි 02
  • වතුර අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය:
  1. සියලු ද්‍රව්‍ය එකට මිශ්‍ර කර වතුර ටික ටික දමා මෝලිය සාදාගන්න.
  2. දැන් එය විනාඩි 15ක් පිපෙන්න තබන්න.
  3. මෝලිය රවුමට කපා විනාඩි 05ක් පමණ නැවත පිපෙන්නට තබන්න.
  4. ඉන්පසු එය ටුනියට රෝල් කරන්න.
  5. දැන් රොටි තැටියක් මත තබා පුළුස්සා ගන්න.
කරිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
  • කුකුළු මස්
  • ළුණු
  • ඉගුරු
  • සුදුලුනු
  • මිරිස් කුඩු තේ හැඳි 01
  • කහ කුඩු තේ හැඳි 1/2
  • තුනපහ කුඩු තේ හැඳි 01
  • එනසාල් ස්වල්පයක්
  • කුරුදු පොතු කැබැල්ලක්
  • රම්පෙ, කරපිංචා, සේර, රස අනුව ලුණු
පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය:
  • ලොකු ළූණු ගෙඩි 01
  • තක්කාලි ගෙඩි 01
  • මාළු මිරිස් කරල් 02

කරිය සාදන ආකාරය:
  1. භාජනයක් ලිප  තබා තෙල් ටිකක් දමා රත් වෙන්න තබන්න.
  2. තෙල් රත් එන විට කුඩාවට කපාගත් කුකුළු මස්, සිහින්ව කපාගත් සුදුලුනු, ළුණු, ඉගුරු දමා තෙම්පරාදු කරගන්න.
  3. තෙම්පරාදු වීගෙන එන විට එයට ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල සමග (පිරවුම් ද්‍රව්‍ය නොගනී) වතුර ස්වල්පයක්ද (අවශ්‍යනම් පමණක්) එකතු කරන්න.
  4. දැන් රහ අනුව ලුණු එකතු කරන්න.
දැන් කරී එක සාදා අවසානයි. ඉන්පසුව පිරිසිදු තැටියක් ගෙන පෙර සාදාගත් රොටිය ඒ මත තබා ඒ මතට කුකුළු මස් කාරිය මැදට සිටින සේ දමන්න.
දැන් පිරවුම සදහා ගත් ද්‍රව්‍ය ලොකු කැරලි කපාගෙන කාරී එකට උඩින් දමන්න. ඉන් පසුව රොටිය රෝල් කරගෙන දෙපැත්ත නොගැලවෙන ලෙස තද කරගන්න. දැන් දෙකට කපා ආහාරයට ගන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුර්තාබක් රොටි (Murtabak Roti) මුර්තාබක් රොටි (Murtabak Roti) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2020 Rating: 5

0 comments:

Post a Comment