කාගේත් රස නහර පිනවන මැලේසියන් බත.නිවාඩු දවසට ගෙදර යුද්දයක් වගේ, වැඩත් වැඩ්යි. කලබල වැඩිම තැන කුස්සියනෙ. ඒගැන හොදටම දන්නෙ අම්මලා තමයි. මොකද ඉතින් ළමයි කරදර කරන්නෙ අම්මටනෙ, අලුත් කෑමක් ඕනේ කියලා. හැමදාම හදන බත වෙනුවට අලුත් පෙනුමක් වගේම් රසයකුත් තියෙන බතක් දවල් කෑම මේසයට තිබ්බොත් කොහොමද?. අද අපි කියලා දෙන්න යන්නේ ඒවගේ පහසුවෙන් හදා ගන්න පුළුවන් මැලේසියන් බතක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය:
- සෝදා ගරා වතුර බේරා ගත් සහල් හුන්ඩු 03
- වතුර අඩු කෝප්ප 3 1/2
- කල්කිරි කෝප්ප 01
- දුන් තෙල් අඩු කෝප්ප 1/2
- තක්කාලි 450g
- කුරුදු පොතු කැබැල්ලක්
- කරපිංචා ඉත්තක්
- රතු ළූණු ගෙඩි 10
- කරාබු නැටි 03
- රම්පේ කෑල්ලක්
- සේර කැබැල්ලක්
- සුදු ළූණු බික් 04
- මහදුරු මේස හැඳි 01
- එනසාල් කරල් 03
- අමු ඉගුරු කැබැල්ලක්
- සාස්පානකට දුන්තෙල් දමා රත්කර කුරුදු පොතු, රම්පෙ, කරාබු නැටි, රතු ළූණු ගෙඩි දෙකක්, සේර හා කරපිංචා දමා බදින්න.
- ඊට පසුව වතුර, කිරි, කපාගත් තක්කාලි හා රස අනුව ලුනු යොදන්න.
- රතු ලුනුගෙඩි අටක්, සුදුළුණු බික් 4ක්, මහදුරු මේස හැඳි 1යි,එනසල් කරල් 3යි,අමු ඉගුරු කෑල්ලයි ගලේ අඹරා ගන්න.
- ඒ මිශ්‍රණයත් එක්කර ගන්න.මේ මිශ්‍රණය දැන් උතුරන්නට හැර එයට හාල් මිශ්‍ර කරන්න.
- භාජනයේ කට වසා මද ගින්නේ බත පිසගන්න.
- බත හොඳින් පිසුන පසුව ගින්නෙන් ඉවත් කරගන්න.
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
July 07, 2020
Rating: 5


0 comments:
Post a Comment