ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)


බැලූ බැල්මට කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයෙකු මෙන් පෙනෙන අඩි 476ක් උසැති මෙම පර්වත රාජයා කුරුණෑගල නගරය මැද අක්කර 157ක භූමි භාගයක් යටකර ගෙන සිටී.

ශ්‍රීමත් පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ විජය භූමිය වශයෙන් ජාතක පොත් වහන්සේ, පූජාවලිය සහ දළදා සිරිත බිහිවූ සාහිත්‍ය පෝෂණාගාරය වශයෙනුත් සිරිමත් දළදා වහන්සේ වැඩ විසීමෙන් ද ප්‍රකට වුණු ඇතුගල්පුරය වයඹ පළාතේ ප්‍රධාන නගරයයි.

ඇතුගල පිළිබඳ නොයෙක් පුරාවෘත පවතී. මින් බොහෝදුරට ජනප්‍රවාදයේ එන්නේ වත්හිමි කුමාර හෙවත් ගලේබණ්ඩාර පුවතයි.

මෙම පුවත අනුව කුරුණෑගල රජකම් කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජු කුරුණෑගලට නොදුරු දැනට මුස්ලිම්වරු පදිංචි ඇස්වැද්දුම ගමේ සුරූපී රූමත් මුස්ලිම් ජාතික තරුණියක් සරණපාවා ගත්තේය. එම මුස්ලිම් කාන්තාවට උපන් කුමරු වත්හිමි නමින් ප්‍රකට විය.

වත්හිමි කුමරුට රජකම ලබාදීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වූ නමුත් රජකම ලබාගැනීමට නොහැකිවූයෙන් රජුගෙන් මැරුම්කෑමට සිදුවිය.

රජුට නොකැමැත්තෙන් සිටි දඹදෙණියේ ඉන්ද්‍රජෝති හිමි හා දෙනගම ඇමැතිවරයා ප්‍රමුඛ සිංහල බෞද්ධයෝ තම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට කුමන්ත්‍රණයක් කළහ.

එකී කුමන්ත්‍රණය අනුව කුරුණෑගල රන්තලිය වැවේ පාවෙන රන් සෙම්බුව ගැනීමට නම් ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් සාදා දින හතක් පිරිත් දේශනා කළ යුතු බවත්, වැවේ සිට පිරිත් මණ්ඩපය දක්වා නූලක් ඇද රජතුමා එම නූල අල්ලාගෙන පිරිත් ඇසිය යුතු බවත් රජුට දැන්වූහ. මෙයට එකඟ වූ රජු ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් ඉදිකොට හත්දින පිරිත ඇරඹීය. විශේෂයෙන් ඉදිකරන ලද අසුනක ඉඳගෙන රජතුමා පිරිත් අසන්නට විය. මෙම අසුන උගුලක් බව රජු දැන සිටියේ නැත. කුමන්ත්‍රණකරුවන් උගුල ගස්වනවාත් සමඟ පිරිත් අසමින් සිටි රජු ඇතුගලින් පහළට පෙරළී ජීවිතක්ෂයට පත්විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූ රජු ඒ වෙලාවෙම දෙවියෙකු බවට පත්විය. අද ඇතුගල්පුර අරක්ගෙන සිටින තෙද බලැති දෙවියෙකු ලෙස සලකන ග‍ෙල්බණ්ඩාර මේ දෙවියාය.

රජු ඇතුගලින් පෙරළෙනවාත් සමඟම එම ස්ථානය අසල කැත්තකින් කැලේ කපමින් සිටි මිනිසෙකුට දෙවියෙකු බවට පත්වූ වත්හිමි කුමරා ආරූඪ විය. අද ගලේබණ්ඩාර දෙවියන්ගේ සුරතෙහි ඇති අවිය කැත්ත වී ඇත්තේ එහෙයිනි. ගලේබණ්ඩාර දෙවියන්ට කැපවූ දේවාල දෙකක් කුරුණෑගල තිබේ. මෙයින් ප්‍රධාන දේවාලය ඇතුගල පාමුල ඇති ඇත්කඳ රජමහා විහාරය අසල ද අනෙක වත්හිමි මාව‍ෙත් ද වේ.

ඉතිහාසයේ මේ රාජධානිය හඳුන්වන්නේ හස්තිශෛල පුර නමින්. මේ කාලේ රජ මැදුර සහ  දළදා මාලිගාව තිබී ඇත්තේ ඇතුගල පාමුල, දැන් පළාත් සභා කාර්යාලය තිබෙන ස්ථානය අවට යි. දැන්ටත් පැරණි ගල්කණු, ප්‍රාකාර කොටස්, ගල් උළුවහු, කැටයම් ගල් ආදිය ඒ අවට දක්නට ලැබෙනවා. නමුත් ගොඩනැගිලි ඉදිකිරීම නිසා බොහෝ නටබුන් මේ වනවිට විනාශ වී ගිහින්.

නගරය මැදින් ඇතුගල මුදුනට යනතෙක්ම තාර දැමූ මාර්ගයක් සකසා තිබෙන නිසා ඕනෑම වාහනයකට එය මතට පහසුවෙන් ගමන් කරන්නට පුළුවන්. වැවට මුහුණ ලා පිහිටි පර්වතය මත මෑතක දී විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. 2003 දී සංවර්ධන සමිතිය විසින් ඉදිකරන්නට යෙදුණු හස්තිශෛලපුර ප්‍රතිමාවේ උස අඩි 66ක්. බුදු පිළිම වහන්සේ හැරෙන්නට අතීතයේ තිබුණු බව පැවසෙන පැරණි විහාරයේ නටබුන් කිසිවක් ඇතුගල මත දකින්නට ලැබෙන්නේ නැහැ. ඇතුගල පිහිටලා තිබෙන පොකුණ වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිවූවක්යැ යි සැලකෙනවා.

දුරකථන සංඥා කුලුනු කිහිපයක් ද පර්වතය මත ඉදිකර තිබෙනවා. බොහෝදෙනෙක් මේ පිළිමය වඳින්නට මෙන්ම අවට අලංකාර දර්ශනය දැකබලා ගැනීමටත් ඇතුගල තරණය කරනවා.
ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)

ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name)
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name) ඇතුගලට නම හැදුනේ මෙහෙමයි (This Is How Athugala Got Its Name) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, July 31, 2020 Rating: 5

0 comments:

Post a Comment