Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


බුදුන් පිදුමට කිරිපිඩු දානය සහ අෂ්ඨපාන නිවැරදිව සාදාගන්න ආකාරය

සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා ඒ නොයෙක් නොයෙක් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදි ම ආකාරය මෙවර මහාමේඝයෙන් කියල දෙන්න.

මීට වසර 2605 කට පෙර උදා වූ සුපින්බර වෙසක් පොහෝ දිනයේ උරුවෙල් ජනපදයේ සේනානි නියම් ගමේදි ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි අහරින් පිදුම් ලැබුවා. සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුන ඒ ක්ෂීරපායාස දානය වළඳා එදින හවස් යාමයේ වජ‍්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා.

ඒ මහත්ඵල මහානිශංස වූ ක්ෂීරපායාස දානය සැකසෙද්දි මහ බඹු එයට ඉහළින් ජත‍්‍රයක් දැරූ බවත්, සතරවරම් දෙව් රජවරුන් සතර දෙසින් රැකවල් කළ බවත්, සක් දෙවිඳුන් එය පිසින්නට සඳුන් දර දැල්වූ බවත්, දෙවිවරුන් දිව්‍ය ඕජස් එයට එක් කළ බවත් පොත පතේ සඳහන් වෙනවා. එවන් වූ මහානීය පූජාවක් සකසා ගැනීම ගැනයි අපි මේ සටහන් තබන්නේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදි ව සකස් කර ගන්නේ මෙහෙමයි. 

අවශ්‍ය ද්‍රව්‍ය: (මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප‍්‍රමාණයන්)
  • සුවඳැල් සහල් – කිලෝ ග‍්‍රෑම් 1 යි
  • වියළි කජුමද – ග‍්‍රෑම් 125 යි
  • වියළිි මිදි – ග‍්‍රෑම් 200 යි
  • රට ඉඳි – ග‍්‍රෑම් 250 යි
  • ඇපල් ගෙඩි ‐ 2 යි
  • තැඹිලි ගෙඩි ‐ 4 යි
  • එළකිරි – ලීටර් 5 යි
  • බටර් (මාජරින් නුසුදුසුයි) – ග‍්‍රෑම් 100 යි
  • එනසාල් – ග‍්‍රෑම් 15 යි
  • කරාඹුනැටි – ග‍්‍රෑම් 15 යි
  • ස්ට්‍රොබෙරි – ගෙඩි කිහිපයක්
  • මී පැණි – කාලක් පමණ
සාදා ගන්නා ආකාරය…සුවඳැල් සහල් ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න.ඉන්පසු තැඹිලි වතුරේ ම පෙඟෙන්නට තබන්න.එනසාල් සහ කරාඹුනැටි බැදගෙන, කුඩු වන ලෙස කොටා ගෙන, එය එළකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන් පසු එම එළකිරි ස්වල්පය පෙරා ගෙන වෙනම තබා ගන්න.එළකිරි ලීටර් 5 ගෙන ප‍්‍රමාණවත් භාජනයකට දමා රත් කරන්න. එය නටන තරමට රත් වූ විට, එයට කරාඹු නැටි සහ එනසාල් තැම්බූ එළකිරි ද, බටර් ද එක් කරන්න.

ස්වල්ප වේලාවක් තබා පෙඟෙන්නට තැබූ සුවඳැල් හාල් ගෙන නටන කිරි බඳුනට එක් කරන්න. ඉන්පසු කරවීම වැළැක්වීම පිණිසත්, උතුරා ඉවත්වීම වැළැක්වීම පිණිසත් දිගට ම හැඳිගාන්න. ඒ අතර තුර, සහල් ඇට පොඩි වන තරමට ඉදී තිබේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදී ගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩි වන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියළි මිදි ස්වල්පයක් ද රටඉඳි ද එක්කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන් ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආවිට ලිපෙන් බාගන්න. වියළි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බා ගන්නට ටික වේලාවකට පෙරයි. නැතිනම් වියළි මිදි වැඩිපුර තැම්බී රසය වෙනස් වෙනවා.

ලිපෙන් බා ගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකියි. එය ගැටලූවක් නො වෙයි. උකු භාවය නැති වන තෙක් රත්කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ, සහල් ඉදෙනතෙක් පමණයි.

ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත‍්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුණ ද පාත‍්‍රයට දමා ටික වේලාවකින් උකුභාවය නැති වී ඝන බවට පත්වෙනවා. ඉන්පසු මී පැණි ප‍්‍රමාණවත් අයුරින් සුන්දර ව රවුමට එක්කරන්න. එසේ ම අලංකාරව කපා ගත් ඇපල් ද, ස්ට්‍රෝබෙරි ද, කොට්ටපොල් ද, කජු ස්වල්පයක් සහ වියළි මිදි ද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න.

ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ‍්‍රද්ධාවෙන් පූජා කරන්න.

මෙහි දී මුඛවාඩම් බැඳගෙන (mask) පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇඳුම් පැලඳුම් ආදිය ඇඳගෙන, පිරිසිදු උපකරණ පමණක් ම යොදා ගනිමින් කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍යයි. එසේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ ශ‍්‍රවණය කරමින් හෝ බුදු ගුණ ම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසි වීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛවාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්)

මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ‍්‍රද්ධාවෙන් යුතු ව සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව, මහත් සැදැහැයෙන්, කර්ම ‐ කර්ම ඵල අදහා ගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබෙනවා.

චතුමධුර සහ අෂ්ඨපාන පූජාව -අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ලෝකයට පළමුව දේශනා කල චතුරාර්‍ය සත්‍ය ධර්මයට උපමාවක් ලෙස ලොවේ ඇති මධුරම කොටස් හතරක් අරගෙන එනම්, ගිතෙල්, වෙඬරු (බටර්), උක් හකුරු සහ මීපැණි එකට එකතු කොට සදාගන්නා චතුමධුර ප්‍රනීත දානය සකස් කරන හැටි අද ඔයාලා වෙනුවෙන් ලියන්න හිතුනා.මම මෙය පිලියෙල කරන්න ඉගෙන ගත්තෙ “බෞද්ධයා(The Buddhist) ෆේස්බුක් පේජ් එකේ පලවුන ලිපියකින් සහ ගෙදර අයගෙන් විස්තර අහලා.

මෙවැනි උතුම් පූජාවක් පිලියෙල කරන්න කලින් මුලින්ම හිත පිරිසිදු වෙන්න ඕනි ඒ වගේ මසුරුකම වැනි දුස්සීල ගති හිතේ තියාගන්න එපා.සිත ,කය ,වචනය යන තිදොරම සංවර කරගන්න.හිස්වැසුමක් සහ මුඛ වාඩමක් යොදාගෙන ඉතාම පිරිසිදු ප්‍රසන්න තැනක පිරිත් හෝ බුදුගුණ ශ්‍රවණය කරමින් භාවනාවකට සමවැදුනා මෙන් සන්සුන්ව චතුමධුර පිලියෙල කිරීමේ කාර්යය නිරිත වෙන්න.ඒ වගේම චතුමධුර පිලියෙල කිරීමට අවශ්‍ය වන භාජනයක් ,හැන්දක් සහ හකුරු සිහින්ව ගා ගැනීමට ග්‍රේටර් එකක් අලුතෙන්ම මිලදී ගන්නවා නම් හොදයි.

ඒ සියලු ආම්පන්න පිරිසිදු ජලයෙන් සෝදා වියලා ගන්න.තව දෙයක් කියන්න ඕනි චතුමධුර පිලියෙල කිරීමේ තවත් ක්‍රමයක් තිබෙනවා මේ ක්‍රම දෙකම නිවැරදි.

අවශ්‍ය දේවල්
  • උක් හකුරු 250g
  • බටර්(මාගරින් ගන්න එපා.)125g
  • ගිතෙල් කාලේ බෝතලයක්(කෝප්පයක්)
  • මී පැණි කාලේ බෝතලයක්(කෝප්පයක්)
මෙම ප්‍රමාණ අඩු වැඩි වුනාට කමක් නෑ නමුත් ගිතෙල් නම් වැඩියෙන් දාන්න එපා.

සාදන ක්‍රමය ග්‍රේටර් එකක් ආධාරයෙන් හකුරු සිහින්ව කැබලි නැතිවෙන්නම සූරාගන්න.සූරාගත් හකුරු එකට බටර් යොදා ක්‍රීම් වනතුරු කවලම්කරගන්න.ඉන්පසු ගිතෙල් ටිකෙන් ටික මිශ්‍ර කරමින් කවලම්කරගන්න.එයටම මීපැණිත් යොදා කවලම්කරගන්න.සියල්ල හොදින් මිශ්‍ර කරගත් පසු ස්වල්පයක් ගෙන රස බලන්න.එවිට එය එක් දෙයක රස ඉස්මතු නොවී සියල්ලගේම රස සමානව යන ආකාරයට ප්‍රණීත රසයකින් යුක්ත විය යුතුවේ.

මෙතනිදි රස බැලීම කරන්න කියන්නෙ සෑදු දෙය නිවැරදි රසයකින් අඩු වැඩි නැතිව තිබේද බලන එකයි.ඒකට දිවේ ගා රස බලා බඩට දාගන්නෙ නැතිව ඉවත්කරන්න.බුදුන්ට පුජා කරන සියලු ආහාර ජීවමාන බුදු රජාණන්වහන්සේට පූජා කරන දෙයක් යැයි සලකා ඉතාම ප්‍රණීතව පූජා කරන්න.ඉතින් එසේ කරන්න නම් එය ප්‍රණීතද නැද්ද යන්න රස බලන්නෙ නැතිව දැනගන්න අපහසුයිනේ.. සියල්ලටම මුල් වන්නෙ තම සිතයි පිරිසිදු සිතෙන් ඒ දේත් කරන්න.මේ ප්‍රණීත ආහාරය බුදු රජාණන්වහන්සේගේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විකාලයේද පූජා කල හැකි උතුම් පූජාවකි.දින තුන හතරක් පමණ නරක් නොවී බෝතල් වල අසුරා තබා ටිකෙන් ටික පූජා කිරීමට හැකිය.(ශීතකරණ තුල තබන්න එපා)
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌
👉👆අනෙකුත් විශ්මිත තොරතුරු👆👌


උපුටා ගැනීමකි....

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට

hide.me VPN Review

Hide.me offers some interesting features including a completely free, anonymous trial. It now unblocks streaming services and supports WireGuard for better speeds.
Should I Buy hide.me VPN? Pros Unblocks NetflixFree versionSupports WireGuard Cons More expensive than rivals Our Verdict Hide.me is a good VPN service which has recently sorted a number of issues that previously held it back. It still needs to be a bit cheaper though.

කිරි අම්මා දානයට මේ අය ගන්න එපා

සුව සෙත, භාග්‍ය සංකේතවත් කිරීමේ අදිටනින් යුතුව කෙරෙන මෙම පූජාවට කිරි මුල් කරගනී. කිරි අම්මා දානය ලෙස හඳුන්වන මෙය පත්තිනි දේව මෑණියන්ට කරන පූජාවකි. කිරිඅම්මා දානය වැඩි වශයෙන් බෞද්ධයන් අතර ප්‍රචලිත පූජා ක්‍රමයකි. ලෙඩරෝග, අසනීප, ව්‍යාධි, කරදර නිමාකර ගැනීම සඳහා පත්තිනි දේව මෑණියන්ට කලින් බාර හාරවී පසුව එකී බාරය, ඔප්පු කිරීමට මෙම පූජාව පැවැත්වෙයි. එහෙත් ඇතැම් අය කිසිදු බාර හාරයක්‌ නොවී වර්ෂයක්‌ පතා නොකඩවා කිරි අම්මා දානය දීම පුරුද්දක්‌ වශයෙන් කරගෙන යයි. මෙම කිරි අම්මා දානය දීමෙන් පවුලේ දියුණුව, ඇස්‌වහ කටවහ දුරුවී යක්‌ෂ, ප්‍රේත, භූත ආදීන්ගෙන් ඇතිවන උපද්‍රව දුරුවෙයි.