ආධ්‍යාත්මික සුවය සොයා ගිය රූ රුජිනගේ කතාව (The Story Of The Queen Who Sought Spiritual Healing)

මිනිසා තුළ පවත්නා ආශාව ඔහු දුකට පත්කරනවා. ආත්මාර්ථකාමී ආශාව නිසා කර්මය නිර්මාණය වන අතර එමඟින් සංසාරයේ නැවත නැවත ඉපදීමට මඟ පාදනවා. ජීවිතයට සතුට ළඟාකරගත හැක්කේ ධර්මයෙන් පමණයි. එහෙයින් මම ධර්මය සොයා යමි.& ඒ ඇය මෙහෙණියක වන්නට සූදානම් වූ මොහොතේ පැවසූ වදන්ය. ඇය සාමාන්‍ය කාන්තාවක නොවේ. රෑ රුජනකි. ධනවත් ව්‍යවසායිකාවකි. වියෙට්නාමයේ ෆු ක්වොක් දුපතේ උපත ලද බෞද්ධ සම්භවයක් සහිත පවුලක දියණියකි.

පසුව ඇමරිකාවේ පදිංචියට ගිය ඇයට එහිදී ජාත්‍යන්තර රූ රුජනක ලෙසින් අභිෂේක ලබන්නටත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වන්නටත් හැකි විය. කොතරම් රෑමත් වුවද, ධනවත් වුවද ජීවිතය අනිත්‍ය යයි ඇය වටහා ගත්තාය. එලිසබෙත් බිච් ලියන් නම් වූ මෙම කාන්තාව 2015 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝහි නහයි ලයි තියන් ටෙ විහාරස්ථානයේදී ගිහි දිවිය හැර දමා තිච් නු ලියන් එන්ගොක් නමින් මෙහෙණි සසුනට එක් වූයේ ජීවිතයේ සැබෑ අරැත සොයා යනු පිණිසය.

එලිසබෙත් බිච් ලියන් ඉපදී හැදී වැඩුණේ වියට්නාමයේ කී ජින් ගියැන් පළාතේ ෆූ ක්වොක් දූපතේය. 1980 දී ඇය හා පවුලේ සාමාජිකයෝ එක්සත් ජනපදයේ පදිංචියට ගියහ. 35 වසරක් ඇමෙරිකාවේ ජීවත් වූ. එලිසබෙත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක බවට පත් වූවාය. ඇය සමාජ අවධානය දිනාගත්තේ 1986 දී එක්සත් ජනපදයේ කැන්සාස් හි පැවති සම්මාන උළෙලකදී හොඳම සාම්ප්‍රදායික ඇඳුමට හිමි සම්මානය දිනා ගැනීමත් සමඟිනි.

1996 දී උතුරැ කැලිෆෝනියාවේ කාන්තාවන් සඳහා වූ ගෞරව වැඩසටහනකදී ඇයට අනුශූරතාව හිමි විය. 2004 දී ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැවැති රෑ රුජන තරගයකදී ඇය ‘මිස් ලේඩි“ ලෙස තේරී පත් වූවාය. 2006 දී ඇය හොලිවුඩයේ ‘ආසියානු කුමරිය‘ ලෙස කිරැළු පැළඳුවාය. 2012 වසරේ ඇය ‘මිස් ඒෂියා ජාත්‍යන්තර“ තරගය ජයග්‍රහණය කළේ සියලු වියට්නාම කාන්තාවන්ට ගෞරවයක් ගෙන එමිනි. ඇය එම කිරැළට හිමිකම් කීවේ ලොව රටවල් 58 ක තරඟකාරියන් පරාජයට පත් කරමිනි.

පසුකාලීනව රෑ රුජන තරග විනිසුරැවරියක ලෙසද කටයුතු කළ ඇය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයෙන් රෑපලාවණ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තාය. 20 වසරකට අධික කාලයක් ‘බිච් ලියොන්‘ නමින් රෑපලාවණ්‍ය ආයතන ජාලයක් පවත්වාගෙන ඇය ඊ.වී. ප්‍රින්සස් නමින් වන තම රෑපලාවණ්‍ය නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, වියට්නාමය ඇතුළු රටවල් 15 ක ව්‍යාප්ත කළාය.

එමෙන්ම උතුරැ හා දකුණු කැලිෆෝනියාවේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර රෑපලාවණ්‍ය පාසල් දෙකෙහිම උපදේශකවරියක ලෙසද කටයුතු කළාය. ඇය පිළිවෙලින් 2005 දී සහ 2006 දී එක්සත් ජනපදයේ වසරේ ව්‍යාපාරික කාන්තාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ එවැනි සම්මානයක් දිනූ එකම වියට්නාම කාන්තාව බවට පත් වෙමිනි..කෙතරම් ධනවත් වුවත්, රෑමත් වුවත්, කීර්තිමත් චරිතයක් වුවත් ඇයට අවශ්‍ය වූයේ බුදුදහම තුළින් ආධ්‍යාත්මික සුවය සොයා යෑමය. ඒ අනුව ඇය 2015 පෙබරවාරි 15 ​​වන දින ඇමරිකා එක්සත් ජනපදයේ නහයි ලයි තියන් ටෙ විහාරස්ථානයේදී ගිහි දිවිය අතහැර මෙහෙණියක බවට පත්වූවාය.

මෙය මා වෙනුවෙන් පමණක් නොව බොහෝ දෙනකුගේ සතුට උදෙසා වන බැවින් මාගේ සියලු ඥාතීන් මගේ ලෞකික ජීවිතය අතහැර දැමීමට සහය වේවා* යි ඇය එම අවස්ථාවේ පැවසුවාය.කැලිෆෝනියාවේදී තිච් නු ලියන් එන්ගොක් මෙහෙණියට ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් හමුවූයේ මේ අතරය උන්වහන්සේගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාවට පැමිණි ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගත්තාය.

2019 සැප්තැම්බර් 5 දින පැවැති කැලණිය විශ්ව විද්‍යාලයේ 110 වන උපාධි උත්සවයේදී තිච් නු ලියන් එන්ගොක් මෙහෙණිය බෞද්ධ දර්ශනය පිලිබඳ ආචාර්ය උපාධියක් ලද පළමු ඇමරිකානු – වියෙට්නාම භික්ෂුණිය හා බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ පළමු රූ රුජින ලෙසද ඉතිහාසයට එක්වූවාය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ආචාර්ය තිච් නු ලියන් එන්ගොක් මෙහෙණිය පරමාදර්ශී කාන්තාවක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙයි.



උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආධ්‍යාත්මික සුවය සොයා ගිය රූ රුජිනගේ කතාව (The Story Of The Queen Who Sought Spiritual Healing) ආධ්‍යාත්මික සුවය සොයා ගිය රූ රුජිනගේ කතාව (The Story Of The Queen Who Sought Spiritual Healing) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2020 Rating: 5

0 comments:

Post a Comment