මුනිවරයන් ගෙන් ලොවට ලැබෙන පණිවිඩ (Messages To The World From Sages)

ආධ්‍යාත්මික ලෝකයේ ඉහළ තල වල සිටින ශුද්ධ බලවේග මුනිවරයන් ලෙස හඳුන්වනවා. ඔවුන් සමහර අවස්ථාවල මනුෂ්‍යයන්ගේ යහපත සඳහා ආධ්‍යාත්මික ලෝකය පිළිබඳ විශේෂ පණිවිඩ ලබාදෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින මනුෂ්‍යයන් පමණයි . මෙය ස්වප්නයකින් හෝ කෙලින්ම මනසට දෙන පණිවිඩයකින් හෝ මෝහනය වන අවස්ථාවල එම මෝහනයට භාජනය වන අය මගින් හෝ සිදු කිරීමට පුලුවන්.

පුනරුත්පත්තිය පිළිබඳව බටහිර ලෝකය අවදිකළ සුප‍්‍රසිද්ධ විශේෂඥ මනෝවෛද්‍ය වරයකු වන බ‍්‍රයන් වයිස් මහතාට තමන් විසින් මෝහනය කරන ලද කාන්තාවක් මගින් මෙලෙස දුන් පණිවිඩ කිහිපයක් මා ඔබට ඉදිරිපත් කිරීමට කැමතියි . සමහරවිට මේ පණිවිඩ අප අදහන ආගම්වලට දර්ශනයන්ට ආකල්පයන්ට තරමක වෙනස් බවක් ඔබට දැනුනත් වැඩිදුර විමර්ශනය කිරීමේදී එය මනාව වටහා ගැනීමට හැකියාව තිබෙනවා.

ආධ්‍යාත්මික ලෝකයේ උසස් තත්වයට යාම සඳහා ඔබ කුමක් කළ යුතුද අප අපේ දැනුම අනෙක් අය සමග බෙදා ගත යුතුයි. අපි දැනට භාවිතා කරන හැකියාවට වඩා අති විශාල හැකියාවන් අප සතුව තිබෙනවා. අපි භෞතික ලෝකයේ සිටින විට පුරුදු පුහුණු කළ අයහපත් දේ ඇබ්බැහිවීම් අප විසින්ම නැති කර ගත යුතු වනවා. නැතහොත් අපට ඒවා ඊළඟ ජීවිත කාලයටත් රැුගෙන යාමට සිදුවනවා . ඔබට ගැටලු හොඳින් අධ්‍යයනය කර ඒවායින් මිදීමට ශක්තිය ලබා ගැනීමට හැකි වුවහොත් ඔබ තවදුරටත් ඒවා ඔබේ ඊළඟ ජීවිතයට ගෙන යන්නේ නැහැ. (ස්ව උත්සාහයෙන් ඇබ්බැහිවීම් අත්නොහැරියහොත් එය සංසාරයේ දිගටම ගෙනියනවා*

අප දියුණු වන්නේ සම්බන්ධකම් නැත්නම් අන්‍යොන්‍ය සබඳතා වලින්. අප ඒ ඒ මානයන්ගෙන් හෝ ඒ ඒ තලයන්ගෙන් එවා ඇත්තේ එක සමාන බලයකින් නොවේ. සමහරු අන් අයට වඩා බල සහිත වනවා. ඒ එම බලයන් මීට පෙර කාලයක සිට දියුණු කොට ලබා ගෙන ඇති බැවිනි. සමහර එවැනි උසස් ආත්මයන් මනුෂ්‍යයන්ට ආධ්‍යාත්මික වශයෙන් උදව් උපකාර කිරීමට මනුලොව උපදිනවා. අපට මානසික බලය ලබා දී තිබෙන්නේ එය යොදාගෙන කටයුතු කිරීමට මිස එයට විරුද්ධව කටයුතු කිරීමට නොවේ. ඊට විරුද්ධවන්නන් නොයෙකුත් අන්ත‍්‍රාවලට මුහුණ පාන්නට සිදුවනවා.

tharu2අප භෞතික ලෝකයේ ළදරුවෙක්ව ඉපදී ළමා, තරුණ, මහලු යන අදියරයන් පසුකොට මියගොස් ආධ්‍යාත්මික ලොවට පැමිණෙනවා. ආධ්‍යාත්මික ලෝකය සංසාරය පුරා අප පැමිණෙන තැනක්. එය අපට අපේ මහගෙදර වැනියි. නමුත් භෞතික ලෝකය අපට නුපුරුදු ලොවක්. මේ අවස්ථාව වන විට අපේ ශක්තිය වැයවී ගොස් තිබෙනවා. අධ්‍යාත්මික ලෝකයේ තලයන් හතක් තිබෙනවා.ඒ සැම තලයක්ම මට්ටම් කිහිපයකින් සමන්විත වනවා. එයින් තල තුනක් ඉතා වැදගත් . එනම් ප‍්‍රතිසංස්කරණ කිරීමේ තලය, සිහිපත් කර ගැනීමේ තලය, සහ තීරණ ගැනීමේ තලයයි. මෙහිිදී අපගේ වැයවූ ශක්තිය අපට ප‍්‍රතිසංස්කරණ කිරීමේ තලයේදී නැවතත් ලැබෙනවා .

සිහිපත් කිරීමේ තලයේදී අප පසුගිය ජීවිතයේ කළ කී දෑ සියල්ල ආවර්ජනය කිරීමක් සිදු කෙරෙනවා. එම තලයේදී ඔබට ඔබගේ සිතුවිලි එකතු කර ගැනීමට හැකිවනවා. ඔබ ගතකළ අවසාන ජීවිතය ඔබට දැකගන්නට පුලුවන් වනවා. ඉහළ තලවලදී ඔබට ඔබගේ ජීවිත කාලයන් රැුසක් දකින්නට හැකියාව තිබෙනවා. පහළ මට්ටමක සිටින අයට දකින්නට අවකාශ ඇත්තේ තමන් අවසානයේ ගත කළ ජීවිතය ගැන පමණයි . තීරණ ගැනීමේ තලයේදී අප අපේ කර්මයන් අනුව ණය ගෙවීමට තවත් දේ ඉගෙන ගැනීමට අප යා යුතු තලය තීරණය කරනවා. අපේ සිරුර භෞතික ලෝකයේ ගත කිරීමට අපට උපකාරී වන වාහකයෙක් පමණයි අපේ ආත්මය සදාකල් පවතිනවා. (මෙයින් අදහස් කරන්නේ නිවන් දක්නා තුරු අප සංසාරයේ සැරීසරන බවයි*

ඉහළ මට්ටම් වල සිටින විචක්ෂණශීලි පුරාණ සෘෂිවරුන් හට එම අතීත ආත්ම සහ අතීත සිද්ධීන් ආවර්ජනය කිරීමට හැකි නිසා ඔවුන් විසින් අප කළ යුතු දේ කුමක් දැයි දැන ගෙන අපට උදව් කිරීමට හැකියාව තිබෙනවා. අපි නැවත පැමිණීමට පෙර එක් තලයක් හරහා යායුතු වනවා එය සංක‍්‍රාන්ති තලයයි. අප භෞතික ලෝකයේ උත්පත්තිය ලබන්නේ යම් දේවල් ඉගෙන ගැනීමටයි. සිරුරක් නොමැති අධ්‍යාත්මික ලෝකයේ එය සිදු කළ නොහැකියි. අපට වේදනාව දුක දැනීමට නම් මිනිස් ලොව උත්පත්තිය ලැබිය යුතුවනවා. අධ්‍යාත්මික ලොවෙහි අපට සිරුරක් අහිමි වන බැවින් වේදනා දැනෙන්නේ නැහැ. අනික සම්බන්ධතා පැවැත්විය හැක්කේත් මනු ලොවදී පමණයි.

ලොව සෑම දෙයක්ම ශක්තියක් . ආදරය පේ‍්‍රමය ඒ සැමටම වඩා ප‍්‍රබල ශක්ති සමුහයක් ආදරය බිය ඉවත්කරනවා. ආදරය සහ සමාව දීම ආධ්‍යාත්මික ලෝකයේදී ඉතා උසස් ලෙස අගය කරනවා. ඔබ කෙනෙකුට උදව් උපකාර කරන්නේ නම් එයින් ආපසු යමක් බලාපොරොත්තු නොවීම ඉතා වැදගත්. වැදගත්ම දේ සමබරතාවයයි. ස්වභාව ධර්මය සමබරයි. සත්වයන් සමබරතාවයෙන් සහජීවනයෙන් ජීවත් වුවත් මිනිසුන් ස්වභාව ධර්මය වනසනවා. එයින් ඔවුන්ද වැනසී යනවා. ශක්තිය ජීවිතය සහ ප‍්‍රතිසංස්කරණයයි . සිවුපාවෝ මිත‍්‍රත්වයෙන් සහ එකමුතු කමින් ජීවත්වන නමුත් මානවයන් තණ්හාවෙන් බලලෝභ කමින් උසස් තත්වයන් ලබා ගැනීමට ආශාවෙන් පෙළෙනවා. ආදරය කරුණාව අවබෝධය හා දැනුම සම්පුර්ණයෙන්ම අමතක කර ඔවුහු ඔවුන්වම විනාශ කිරීමට කටයුතු කරගෙන යනවා.(ලොව බිහිවූ ආගමිකනායකයන් බොහොමයක් ආදරය පේ‍්‍රමය කරුණාව ගැන දේශනාකර තිබෙනවා*

ජීවිතය කඩිනම් කළ නොහැකියි . ඉවසීම සහ කාලය ඉතා වැදගත්. සෑම දෙයක්ම පැමිණිය යුතු වේලාවට පැමිණෙනු ඇත. මිනිසුන්ට අවශ්‍ය ලෙස ජීවිතය කාල සටහනකට අනුව සකස් කළ නොහැකිවනවා. අපට ලැබෙන දේ අප විසින් බාර ගත යුතු වෙයි. අප කිසිවිටකදී මැරෙන්නේ නැත. නැවත ඉපදීද නැත. අපි වෙනස් කාල පරාසයන් පසු කරමින් සිටින්නෙමු .මෙයට අවසානයක් නොමැත .

අප විසින් ගෙවිය යුතුවූ ණය (කර්මානු රූප ගනුදෙනු* තිබෙනවා. අපි ඒ ණය එම ජීවිත කාලය තුළදී නොගෙවූවොත් අපට ඒවා තවත් ජීවිත කාලයකට රැුෙඟන යාමට සිදුවෙනවා. ඒ එසේ වන්නේ ණය ගෙවීමට ක‍්‍රමයක් සකස් කර ගැනීමටයි . ඔබ දියුණු වන්නේ හෝ උසස් වන්නේ ඔබගේ ණය ගෙවා දැමීමෙනි . සමහර ආත්මයන් අනින් ආත්මයන්ට වඩා ඉතා වේගයෙන් දියුණු වෙනවා. ඔබ භෞතික වශයෙන් සිටිනා විට සහ එම ජීවිත කාලයේදී ඔබ ගත් ණය ගෙවීමට කටයුතු කරන විට කිසිවෙක් ඔබගේ එම ණය ගෙවීමේ හැකියාවට බාධා කර එම ණය ගෙවා ගැනීමට නොහැකි වූයේ නම් ඔබ නැවත සිහිපත් කරන තලයට යා යුතු වනවා. ඔබට එහි ඔබේ ණය කරුවා පැමිණෙන තුරු රැුඳී සිටීමට සිදුවනවා. එම ණයකරුගේ ආත්මය ඔබ වෙත පැමිණි විට එම ආත්මය සමග ඔබ භෞතික ලෝකයට යා යුතු වනවා (මෙහිදී ණය යනුවෙන් හැඳින්වෙන්නේ කර්මයයි. එනම් ඔබ කිසිවකුට වේදනාවක් දුකක් දී ඇත්නම් ඒ වේදනාව එලෙසම ඔබට විඳින්නට සිදුවෙනවා. එම ගනුදෙනුව ඔබ ඒ වේදනාව දුක ලබා දුන් ආත්මය සමගම විසඳා ගත යුතුවනවා*

කෙනෙක් ගේ කර්මය අවසන් වන තුරු ඔහුගේ ජීවිතය නැසීමට ඔහුට හෝ අන්කිසිවකුට කිසිදු අයිතියක් නැත. ඔවුන් තම කර්මය ගෙවා අවසන් කළ යුතුම වේ. නැතහොත් එම කර්මය ගෙවීමට ඔවුන් නැවත මේ ලොවට එවනු ඇත. එවිට ඔවුන්ට දැඩි ලෙස දුක් විඳීමට සිදුවනු ඇත. (ලොව ප‍්‍රධාන ආගම් සියල්ලකම මෙය සඳහන් වනවා මිනිසුන් සිතන් සිටින්නේ මේ විශ්වයෙහි ජීවත්වන එකම උසස් ජීවීන් වර්ගය ඔවුන් බවයි නමුත් එය වැරදියි. තවත් ලෝකයන් රැුසක් තිබෙනවා. ඒවායේද උසස් ජීවින් සිටිනවා. සමහර ලෝකවල ජීවත්වන ජීවින්ට මෙම ලෝකයේද උත්පත්තිය ලබා ගැනීමේ හැකියාව තිබේ.

මෙම තලයන් ගෙන් එකකදී තමන්ගේ පොරොන්දු ඉටු කර ගැනීමට ප‍්‍රථම හදිසියේ අනපේක්ෂිත ලෙස ජීවිතය අවසන් වන සමහර ආත්මයන්ට (හදිසි අනතුරු වැනිදෑ* තවමත් භෞතික ලෝකයේ සිටින තම ඉතා කිට්ටු ඥාතීන් දැක ගැනීමට සහ ඔවුන් සමග සන්නිවේදනය කිරීමට හැකියාව තිබේ. මෙය සිදු කරනු ලබන්නේ පෙනී සිටීමේ බලය මගින් ගමන් කිරීමේ බලය මගින් සිතකින් සිතකට පණිවිඩ ලබා දීමෙනි.(මෙම තලය භූතාත්ම ජීවින් සිටින තලයක් විය හැකියි*

ගැඹුරු නින්දක නැත්නම් සිහිසුන්ව සිටින මිනිසුන් තාවකාලික නැවතී ඇති තත්වයක සිටිති. ඔව්හු අනිත් තලයට යෑමට තවම සුදානම් නැත. (කෝමා තත්වයේ සිටින අය* ඔව්හු මෙසේ මෙලොව සිට ඊළඟ ලෝකයට යෑමට අවශ්‍යද නැත්ද පිළිබඳව තීරණය කරන තුරු එසේ අර්ධනිද්‍රාවෙන් සිටී. එය තීරණය කළ යුත්තේ ඔවුන් විසින්මය. මෙම භෞතික තත්වයේ සිට තවදුරටත් අවබෝධකර ගැනීමට දෙයක් නැති යයි සිතෙන්නේ නම් ඒ අයට ඊළඟ තලයට යන්නට අවසර ලැබේ.

එකම කම්පන රටාවලින් යුතු අය එක්වීම සාමාන්‍ය ස්වභාවයක් නමුත් අපගේ කම්පනයන්ට සමාන කම්පනයන් ඇති පුද්ගලයන් වෙත අප නොයා යුතුයි. අප යායුත්තේ අපට වඩා පහත් කම්පනයන් ඇති පුද්ගලයන් වෙතයි. ඔවුන් නිවැරදි කිරීම අපේ කාර්යයයි. (මේ පිළිබඳව ආකර්ෂණයේ විශ්ව නීතිය අපට පහදා දෙනවා*ඔබ වර්තමානයේ අත්දැකීම් අත්නොවිඳ අතීතය පිළිබඳ සන්තාපයෙන් සහ අනාගතය පිළිබඳ කණස්සල්ලෙන් පසුවන්නේ ද ඔබ ඔබටම දැඩි දුක් වේදනා හිමි කර දෙයි.

භාවනාව ඔබේ ආධ්‍යාත්මික ලොවට පා තබන ගමන පහසු කරනවා .ඔබව සුවපත් කරනවා. මෙතෙක් ඔබ අවදි නොකරන ලද ඔබේ මනසේ අභ්‍යන්තරය අවදි කරනවා. ඒ මගින් ඔබට ප‍්‍රඥාව ලබා දෙනවා. ඔබට ආධ්‍යාත්මික උසස් තලයකට එළඹීමට අවස්ථාව සලසනවා.(සුප‍්‍රකට මනෝවෛද්‍ය බ‍්‍රයන් වයිස් මහතාගේ (Messages from MasteÍ) ග‍්‍රන්ථය ඇසුරිනි ශි‍්‍රයානි ද සේරම් විසිනි.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුනිවරයන් ගෙන් ලොවට ලැබෙන පණිවිඩ (Messages To The World From Sages) මුනිවරයන් ගෙන් ලොවට ලැබෙන පණිවිඩ (Messages To The World From Sages) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2020 Rating: 5

0 comments:

Post a Comment