චොක්ලට් ලාවා කේක් හදන හැටි (How To Make Chocolate Lava Cake)

ඔන්න දැන් ඔයාලට කියාදෙන්න හදන්නේ රසම රස කේක් එකක් හදන විදිහයි.මේ කේක් එකට කියන්නේ චොක්ලට් ලාවා කේක් කියලයි. කේක් එකෙන් කෑල්ලක් කපුවහම ගිනි කන්දකින් ලාවා ගලනවා වගේ කේක් එක ඇතුළෙන් චොක්ලට් එලියට එනවා.එහෙනම් බලමු අපි මේ ලාවා කේක් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ඩාර්ක් චොක්ලට් 250g
  • බටර් 115g
  • බිත්තර 03ක්
  • අයිසින් සීනි 100g
  • පාන් පිටි 60g (පෙනේරයකින් හලාගත් )
  • වැනිලා තේ හැඳි 01ක්
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම ඩබල් බොයිල් ක්‍රමයට ඩාර්ක් චොක්ලට් ටිකයි, බටර් ටිකයි එකට දාලා දිය කරගෙන, හොඳට කළවම් කරලා පැත්තකින් තියාගන්න.
  2. ඊට පස්සේ භාජනයකට බිත්තරයි අයිසින් සීනියි දාලා විනාඩි 2-3ක් විතර හොඳට බීට් කරගන්න.
  3. දැන් කරන්න තියෙන්නේ ඒකටම වැනිලා එක් කරගෙන තව ටිකක් බීට් කරලා කලින් දිය කරගත් චොක්ලට් මිශ්‍රනයටම දාගෙන කළවම් කරගන්න එක.
  4. ඊට පස්සේ ඒකටම පාන් පිටි ටික දාගෙන හැන්දකින් කලවම් කරගන්න.
  5. ඊට පස්සේ බේක් කරන්න පාවිච්චි කරන භාජනයකට බටර් ටිකක් ගාගෙන කේක් මිශ්‍රණය දමා ගන්න.
  6. දැන් තියෙන්නේ සෙල්සියස් අංශක 200ට රත් කරගත් අවන් එකක විනාඩි 12-15ක් පමණ බේක් කරගන්න එක.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොක්ලට් ලාවා කේක් හදන හැටි (How To Make Chocolate Lava Cake) චොක්ලට් ලාවා කේක් හදන හැටි (How To Make Chocolate Lava Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2020 Rating: 5

0 comments:

Post a Comment