බුදු රදුන්ට මුළු විශ්වයටම ඇසෙන්න කතා කරන්න පුළුවන් | Your Choice Way

දිනක් බුදු රජාණන්වහන්සේ සමීපය ට පැමිණි ආනන්ද තෙරුණ් වහන්සේ බුදු රජාණන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියේය.ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස,අතීතයේ ලොව වැඩ සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ ගේ අභිගු නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්ත්වයන්ට ඇසෙන සේ ධර්ම දේශනා කල බව ඔබ වහන්සේ වරෙක පැවසූ සේක.ස්වාමිනී ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කල හැකිද ?”

ඒවිට බුදු රජාණන් වහන්සේ “ආනන්ද, අභිගු මහරහතන් වහන්සේ ශ්‍රාවකයෙකි .ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකගේ හැකියාව ප්‍රමාණ කල නොහැක” යි වදාළ සේක.

දෙවනුවත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ඇසූවේය.ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අතීතයේ ලොව වැඩ සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ ගේ අභිගු නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්ත්වයන්ට ඇසෙන සේ ධර්ම දේශනා කල බව ඔබ වහන්සේ වරෙක පැවසූ සේක.ස්වාමිනී ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කල හැකිද ?

“ආනන්ද, අභිගු මහරහතන් වහන්සේ ශ්‍රාවකයෙකි .ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකගේ හැකියාව ප්‍රමාණ කල නොහැක” යි දෙවෙනි වරටත් වදාළ සේක.

තෙවනුවත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ඇසූවේය.ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අතීතයේ ලොව වැඩ සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ ගේ අභිගු නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්ත්වයන්ට ඇසෙන සේ ධර්ම දේශනා කල බව ඔබ වහන්සේ වරෙක පැවසූ සේක.ස්වාමිනී ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කල හැකිද ?

එවිට බුදු රජාණන්වහන්සේ “ආනන්ද,ඔබ චූලනිකා ලෝක ධාතුව පිලිබඳ අසා තිබෙනවාද? ” යැයි ප්‍රශ්න කළ සේක .

එවිට ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ යමක් දේශනා කරන්නේ නම් මේ එයට කාලයයි .භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ ගේ දේශනාව අසා ධාරණය කරගනු ඇත.” යනුවෙන් කියා සිටියේය.

“එසේ නම් ආනන්දහොඳින් අසන්න. ආනන්ද , හිරු,සඳු දෙක අලෝකය විහිදුවමින් යම් තාක් දුර ගමන් කරයිද ඒ තාක් දුර සහශ්‍රී ලෝක ධාතුව වෙයි ., ඒ සහශ්‍රී ලෝක ධාතුවෙහි චක්‍රාවට දහසකි, ඒ චක්‍රාවට දහසෙහි . සූර්යයන් දහසක් ඇත..චන්ද්‍රයන් දහසක් ඇත මේරු පර්‍වත දහසක් ඇත. දහසක් ජම්බුද්වීපඇත . දහසක් අපරගොයාන ඇත . දහසක් උතුරුකුරු දිවයින් ඇත . දහසක් පූර්‍වවිදෙහ ඇත . මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙති . චාතුර්මහාරාජික දෙව්ලෝ දහසක් ඇත . තව්තිසා දෙව්ලෝ දහසක් ඇත . යාම දෙව්ලෝ දහසක් ඇත , තුසිත දෙව්ලෝ දහසක් ඇත . නිර්‍මාණරතී දෙව්ලෝ දහසක් ඇත . පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසක් ඇත . ආනන්ද , මේ දහසක් චක්‍රාවට වලින් යුත් ලෝක ධාතුවට චූළනී ලෝක ධාතුව (සහශ්‍රී ලෝක ධාතුව) යයි කියනු ලැබේ.”

ආනන්ද එවැනි චූලනිකා ලෝක ධාතු දහසක් එක් වූ තැනට (චක්‍රාවට දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්ද මෙබඳු ද්වි සහශ්‍රී ලෝක ධාතු දහසක් එක්වූ තැනට (චක්‍රාවට කෝටි සියයක් ) ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.

ආනන්ද, බුදු රජාණන්වහන්සේ නමක් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවට ඇසෙන සේ කතා කරන්නට හැකියි . අවශ්‍ය නම් ඊටත් එහාට කතා කල හැකියි .” යනුවෙන් පැවසූ සේක.

“ස්වාමීනි, බුදු රජාණන්වහන්සේ කෙනෙක් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවට හෝ අවශ්‍ය නම් ඊටත් එහාට කතා කරන්නේ කෙසේද? ”

“ආනන්ද, බුදු රජාණන්වහන්සේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව පුරා ශරීරාලෝකයක් පතුරුවනවා . මේ ආලෝකය දකින්නා වූ සත්ත්වයන් ඒ දෙස බලනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඒ සියළු සත්ත්වයන්ට කතා කරනවා .බුදු රජාණන්වහන්සේගේ ශබ්දය අසවන්න සලස්වනවා . ආනන්ද ,මේ ආකාරයෙන් බුදු රජාණන්වහන්සේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවට කතා කරනවා .අවශ්‍ය නම් විශ්වයේ ඊටත් එහා සිටින සත්ත්වයින්ට වුවත් කතා කරනවා.”

බුදු රජාණන්වහන්සේගේ මෙසේ වදාළ කල්හි ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට, “මාගේ ශාස්තෲන් වහන්සේ මෙසේ මහත් සෘද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයක් ” යැයි කීවේ ය.

මෙසේ කී විට උදායි තෙරුන් ආනන්ද තෙරුන්ට “ආනන්ද, ඉතින් ඔබේ ශාස්තෲන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද?” යැ යි කීය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ උදායිතෙරුන්ට,උදායි, එසේ නොකියන්න .උදායි, එසේ නොකියන්න .උදායි, ඉතින් ආනන්ද තෙරුන් කෙලෙසුන් සහිත ව මරණයට පත් වුවහොත් , ඒ සිත පැහැදීම නිසා සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් මුළු පෘථිවිය ම පාලනය කරමින් සක්විති රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්ද තෙරුන් මේ ආත්මයේදීම රහත්ව පිරිනිවන් පාන්නේය”යි වදාළ සේක.

මිතුරනි,අපගේ ස්වාමී වූ බුදු රජාණන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි.උන්වහන්සේ ගේ ආශ්චර්යයවත්භාවය පිලිබඳ සිත පහදවා ගත්තත් ඒ පිනම ඇති අප්‍රමාණ කාලයක් සතර අපායෙන් ගැලවීමට.ඉතින් අප මොනතරම් නම් වාසනාවන්ත ද එබඳු වූ ශාස්තෘන් වහන්සේ නමක් සරණ යෑමට?සහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සුත්‍රය,අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වග්ගය.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුදු රදුන්ට මුළු විශ්වයටම ඇසෙන්න කතා කරන්න පුළුවන් | Your Choice Way බුදු රදුන්ට මුළු විශ්වයටම ඇසෙන්න කතා කරන්න පුළුවන් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2020 Rating: 5

0 comments:

Post a Comment