අලි මදිවට කොටි කිව්වලු ලොකු උල්කාපාතයක් ළග ළගම | Your Choice Way

ඇසට පේන්නෙවත් නැති කොරෝනා කියන වෛරසය මිනිසා අසරණ කොට අවසානය. කොරෝනා මෙතරම් බියකරු වේයැයි කිසිවෙකු හෝ මුලදී කල්පනා කලේ නැත. කෙසේ හෝ අදවන විට කොරෝනා ජීවිත දහස් ගණනගේ ජීවිත බිලිගෙන ඇති අතර ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කර ඇත. තත්ත්වය මෙසේ තිබියදී අපගේ පෘතුවිය දෙසට ඇදී එන විශාල උල්කාපාතයක් අප හා ගැටීමට ඉඩක් ඇති බව විද්‍යාඥයෝ පවසති.
කෙසේ හෝ මීට වසර මිලියන ගණනකට පෙර අපගේ ලෝකයේ සිටි ඩයිනෝසරයන් සහමුලින්ම විනාශ කර දැම්මේ විශාල උල්කාපාතයක් බව විද්‍යාඥයෝ පවසයි.එසේ නම් මිනිසාද ලෝකයෙන් අතු ගා දැමීමට උල්කාපාතයකට එතරම් දෙයක් නොවනු ඇත. කෙසේ හෝ මෙම උල්කාපාතය අපගේ ලෝකය අසළට පැමිණෙන්නේ මෙම අප්‍රෙල් මාසයේ 29 දිනයි. ඇතැම් විට දිනය පොඩ්ඩක් එහෙ මෙහෙ විය හැක. මෙය කිලෝමීටර් 4 පමණ පළල වන අතර මෙය අපගේ ලෝකයේ ගැටුණහොත් එය ලෝකයේ අවසානය වනු ඇත. කෙසේ නමුත් බොහෝ විද්‍යාඥයින් පවසන්නේ මෙම උල්කාපාතය අපගේ ලෝකය හා ගැටීමට ඇති සම්භාවිතාව ඉතාමත්ම අඩු බවය. නමුත් එම උල්කාපාතය අනිවාර්යෙන්ම පෘතුවිය මගහැර යනු ඇතැයි කිසිම විද්‍යාඥයෙකු පවසන්නේ නැත.
මෙම උල්කාපාතයට විද්‍යාඥයින් විසින් නමක් දී නොමැති අතර මෙය විශේෂිත අංකයකින් හදුන්වනු ලැබේ. එම අංකයනම් 52768 වේ. මෙයට 1998 OR 2 යන කේත අංකයෙනුත් හදුන්වනු ලැබේ. කෙසේ හෝ NASA ආයතනය විසින් මෙය දිගින් දිගටම නිරීක්ෂණය කරමින් පවති. එක අතකින් ඇසටවත් නොපෙනෙන පුංචිම පුංචි කොරෝනාය. තව අතකින් ලෝකයේ ඇති වුන ආර්ථික කඩා වැටීමය. තවත් පැත්තකින් ළග ලගම එන ආහාර අර්බුදය. තවත් පැත්තකින් අපගේ ලෝකය වෙත එන විශාල උල්කාපාතය. මරණ තුනක් ඇති මිනිසෙක් පැනි කෑ කතන්දරය ඔබ අසා ඇතිවාට සැක නැත. නමුත් දැන් අපට පවතින්නේ මරණ 3 නොවේ. මරණ 4 කි. තත්ත්වය ඉතාමත්ම භයානකය.

සමහර විට මේ ගෙවී යන්නේ අපගේ ජීවිතයේ අවසන් කාලය විය හැක. එම නිසා කතන්දරයේ මෙන් පැණි නොකමින් යන තැනකට පිනක් දහමක් කර ගැනීම ඇගට ගුණය.කෙසේ හෝ කොරෝනා පුවත් නිසා යටපත් වී ගිය පුවතක් එකක් පවති. එනම් ගිය මාර්තූ මස අවසානයේදී උල්කාපාත 4 ක් අප පසුකරගෙන ගියේය. නමුත් ඒ එකක්වත් අපගේ ලෝකය හා ගැටුනේ නැත. නමුත් ඉහත සදහන් 52768 යන උල්කාපාතය ඊට වඩා විශාල මෙන්ම භයානකය. එයත් අපගේ ලෝකය මගහැරී ගියොත් අප වාසනාවන්තය.
කෙසේ හෝ මිනිසා සතුව පවතින උසස් තාක්ෂණය නිසා යම් තරමකට හෝ බලපොරොත්තුවක් තබා ගත හැක. උදාහරනයක් ලෙස න්‍යෂ්ටික මිසයිල භාවිතා කොට උල්කාපාතය ඈතදීම විනාශ කිරීමට හෝ ගමන් මග වෙනස් කරවීමට වෙනස් කිරීමට හැකි බව විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් ඇතමෙකු පවසන්නේ එවැනි විනාශයක් නැවතීමට තරම් අපගේ තාක්ෂණය ප්‍රබල නොවන බවයි.
මේ වන විටත් එසේ උල්කාපාතයක් අපගේ ලෝකය හා ගැටීමට පැමිණියහොත් කල යුතු දේට විද්‍යාඥයෝ සූදානමින් සිටී. මේ වන විටත් NASA ආයතනය මගින් අමුතු පර්යේෂණයක් කිරීමට සූදානම් වේ. එනම් ප්‍රබල එංජිමක් උල්කාපාතයක ගැටීමට සැලැස්වීම මගින් එහි ගමන් මග වෙනස් කිරීමයි. මෙම ව්‍යාපෘතිය DART යන නමින් හදුන්වන අතර මෙය 2021 දී අත්හදා බැලීමට නියමිතය.
කෙසේ හෝ මෙය සිදු කිරීමට නියමිතව තිබෙන්නේ 2021 නිසා මේ මස අවසානයේදී ළගා වෙන උල්කාපතය යම් හෙයකින් අපගේ ලෝකය වෙත යොමු වුවහොත් කල හැකි කෙහෙල් මලක් නොමැත. යම් හෙයකින් එසේ සිදු වුවහොත් ලෝක වැසියන්ට සිදු වන්නේ අදහන ආගමක් සිහිකරගෙන මරණයට ලෑස්තී වීමය. නමුත් යම් තාක් අස්වැසිල්ලට කාරණයක්ද පවති. ඒ විද්‍යාඥයන් විසින් මෙය අප හා ගැටීමට ඇති ඉඩ ඉතාමත්ම අඩු බව පැවසීමය.

සමහර උල්කාපාතවල මැණික් , දියමන්ති වැනි වටිනාකමින් වැඩි මූලද්‍රව්‍ය අඩංගුය. එම නිසා එම උල්කාපත වල ඇති වටිනා ද්‍රව්‍ය ලෝකයට රැගෙන ඒම සදහා මෙහෙයුම්ද මේ වන විට විද්‍යාඥයින් සැලසුම් කරමින් සිටි.
👉අනෙකුත් විශ්මිත පුවත්...👌

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අලි මදිවට කොටි කිව්වලු ලොකු උල්කාපාතයක් ළග ළගම | Your Choice Way අලි මදිවට කොටි කිව්වලු ලොකු උල්කාපාතයක් ළග ළගම | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2020 Rating: 5

0 comments:

Post a Comment