මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළට (වීඩියෝ) / ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහතුන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ සංඛ්‍යාව 69,424ක් දක්වා ඉහළට / කොටියෙකුටත් කොරෝනා වැළදෙයි / අනෙකුත් පුවත්

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළට (වීඩියෝ)

මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ වෛරසය ආසාදනය වී සුවය ලැබූ දෙදෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 33ක්.




ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහතුන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ සංඛ්‍යාව 69,424ක් දක්වා ඉහළට

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ලෝක වාසීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 12 ලක්ෂ 72,737 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛසරය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාවද 69,424ක් ලෙසයි සටහන් වන්නේ.

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, තුන්ලක්ෂ 36,673ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරට කොරෝනා මරණ සංඛ්‍යාවද ඊයේ දිනයේදී 1,165 කින් ඉහළ ගොස් ඇති අතර, දැන් එම මරණ සංඛ්‍යාව 9,616ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

ඉතාලියේ මරණ සංඛ්‍යාවද මේ වනවිට 15,887ක් වී ඇති අතර, ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද ඊයේ 694කින් ඉහළ ගොස් 12,641ක් ලෙස සටහන් වුණා.

ප්‍රංශයේ මරණ සංඛ්‍යාවටද ඊයේ දිනයේ තවත් 2,886ක් එක්වූ අතර, එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 8,078ක්.

කොටියෙකුටත් කොරෝනා වැළදෙයි
නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ කොටියෙකුට COVID-19 ආසාදනය වී ඇති බව විදෙස් පුවත් සදහන් කරයි.

නඩියා නැමැති 4 හැවිරිදි මෙම කොටියා පලමුව කැස්ස සහ ආහාර රුචිය අඩු වීම යන රෝග ලක්ෂණ  පෙන්වා ඇති අතර පසුව කළ පරීක්ශණ වලදී නව කොරෝනා  වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇගේ සොහොයුරිය වන අසුල් ඇතුලු තවත් කොටින් දෙදෙනෙකු සහ අප්‍රිකානු සිංහයන් තිදෙනෙකුටද කොරෝනා වයිරස් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නමුත් නාඩියා ඇතුලු ඔවුන් සියල්ල සුව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සත්වෝද්‍යාන නිලදාරීන් පවසන්නේ මෙම කොටියාට කොරෝනා ආසාදනය වී ඇත්තේ ඔවුන් රැකබලා ගන්නා පුද්ගලයෙකුගෙන් යැයි සැක කරන බවයි.

කෙසේ වෙතත්  විශාල බළලුන් තුළ COVID-19 වර්ධනය වන්නේ කෙසේදැයි තවමත් සොයාගෙන නැත.

මාර්තු 16 සිට බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.

අද සිට සිකුරාදා තෙක් නිවසේ සිට වැඩ කරන්න තවත් කාලයක් - අධි අවදානම් කලාපයට තවදුරටත් ඇඳිරි නීතිය
හෙට සිට මේ මස 10 වන දා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර සතිය ද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබුණා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන ඇදිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවනු ලැබූ ඇදිරි නීතිය අද උදෑසන 6 ට ලිහිල් කෙරෙන අතර අද දින පස්වරු 2 ට යළි පැනවෙනු ඇති.

අදාළ දිස්ත්‍රික්කවලට පැනවෙන ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සදහන් කළේ.

අත්‍යාවශය සේවා හැර වෙනත් කාර්යයන් සදහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වනවා.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන තවදුරටත් එලෙසම පවතින අතර, කිසිවෙකුටත් එම ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම නැවත දැනුම්දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

එමෙන්ම, කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම කාර්යයන්හි නිරත වීම සදහා අවසර හිමිවනු ඇති.

මේ අතර, ඊයේ උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 248 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 70ක්.

ඒ අනුව මාර්තු මස 20 වන දා සිට ඊයේ දහවල් දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13,716 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 3423ක්.

එමෙන්ම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබාදෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ අලවාගෙන සිය නැගනියගේ විවාහ උත්සවයට ඇරයුම් පත් බෙදමින් සිටි පුද්ගලයෙකු අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට කිසිදු සලකුණක් නොමැතිවීම හේතුවෙන් මෝටර් රථය පරීක්ෂා කළ අවස්ථාවේදී විවාහ උත්සවයට අදාළ ඇරයුම් පත් හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට (වීඩියෝ)
covid 19 සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 44 ක් හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.


කෝරානා රෝගින් වෙනුවෙන් හෙද සිසුවියක් සුපිරි දුරස්ථ පාලක මෙට්ටයක් හදයි
කෙරෝනා රෝගීන්ට ප්‍රථිකාර කිරිමෙදී දිනකට කිප වරක් රෝගියා පැත්ත පෙරලීමේ අවදානම් කටයුත්ත කිරිමට දුරස්ථ පාලන රෝගී පැති පෙරළනයක් නිර්මාණය කිරීමට කළුතර නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙද පුහුණු ශිෂ්‍යාවක් කටයුතු කර තිබේ

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.

දුරස්ථ පාලකයක් මගින් රෝගියා පැත්ත හැරවීම, ඉණෙන් උඩ කොටස කෙළින් කිරීම හෝ ඉනෙන් පහළ කොටස ඉහළට එසවීම ආදිය මෙම ස්වයංක්‍රීය මෙට්ටය මගින් සිදු කළ හැකිය. දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන මෙට්ටයක් මෙතෙක් නිපදවා නැති අතර මෙම නිර්මාණය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් ජාත්‍යන්තර මට්ටමාන් නිපදවිය හැකි බව එහි නිර්මාණකරුවන් පැවසීය

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා ඇත්නම් ඉක්මනින්ම දැනුම් දෙන්න කෙටි දුරකතන අංකයක්
මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා.

වෛද්‍යවරුන් 100 කට අධික සංඛ්‍යාවක් විසින් මෙය මෙහෙයවනු ලබන අතර එහිදී ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි  ඒ සම්බන්ධයෙන් අදමස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

එසේම කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළට (වීඩියෝ) / ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහතුන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ සංඛ්‍යාව 69,424ක් දක්වා ඉහළට / කොටියෙකුටත් කොරෝනා වැළදෙයි / අනෙකුත් පුවත් මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළට (වීඩියෝ) / ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහතුන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ සංඛ්‍යාව 69,424ක් දක්වා ඉහළට / කොටියෙකුටත් කොරෝනා වැළදෙයි / අනෙකුත් පුවත් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2020 Rating: 5

0 comments:

Post a Comment