Walle Bambare Song Lyrics - වැල්ලේ බඹරේ ගීතයේ පද පෙළ

Walle Bambare Song Lyrics - වැල්ලේ බඹරේ ගීතයේ පද පෙළ
Song Title : Walle Bambare (වැල්ලේ බඹරේ)
Artists : @Moniyo_‬  x ‪@SHANPUTHA‬
Music Producer : ‪@DJJNK‬
Co-Producer : @DILUBeats‬
Mix & Master : @DJJNK‬
Lyrics : Kaushan Gunarathne, Dumindu Dushmantha


මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ

උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි කලු අඹරේ
එද්දි කලු අඹරේ

කවුරු කවුරුත් සෙල්ලම් දාන්නේ
එහා ලෝකෙන් ඇරෙනකන් දොර
ක්ෂණිකව මාරයා ඇවිත් කතා කරයි
ආ කොල්ලෝ වර
නෑයෝ බෙදාගනී බර
පෙට්ටිය ගහන් යාවි කර
දුන්නට ඵලක් නෑ දැං මොර
මොන පොර වුනත් කොර කොර

සොච්චම් පඩියක්
සොච්චම් පඩියක් අතට අරන්
ගෙදර ගියං රවාගන ගෑනි යන්නේ ගස්ස ගස්සා
අපෙ බොස් නගන්නෙම දොස්
සේච්චා සෙවේ වගේ නෙමෙයි
මේවා දෙයියෝ දීපු රස්සා රස්සා

පෙනුම අති සෝබමානා
මනුස්ස හම පොරවන් ඇතුලෙන් මහ සෝනා
ලොක්කන්ට බලේ පණ පෝනා
ඡන්දේ තමයි ඕනා
රටේ හීන ගොඩක් හැඩයි
රියලිටි ආඳෝනා

සල්ලි සල්ලි දෙයියංගේ මල්ලි
හොයන්නයි අල්ලන්නෙ ජල්ලි අල්ලන්නෙ ජල්ලි
නතර වීමක් නොමැත මල්ලි
උම්මත්ත පිල්ලි
යන්නෙ දැං එල්ලී
යන්නෙ දැං ජීවිතේ

හොඳ කාලේ සල්ලි පස්සෙ පන්නං
හති බං දැන්නං
ප්‍රමාදයි මලේ
මිනිස්සු දනෙන් වන්දං
මනස බන්දං දෙයියංගේ කොලේ
දැල් වෙන එළි පන්දම්
නිවෙන අන්දම් පිළිගන්නෑ මොළේ
මිනිස්සු දනෙන් වන්දං
මනස බන්දං දෙයියංගේ කොලේ

මනින්න හොඳ නෑ අඳින සලුවෙන් මිනිස්සූ
ඇතුල ගිනියම්ව පිටතින් ඔලුවෙන් හිනැස්සූ
තමාට තමාම පමණක් පිහිටක් පිනිස්වූ
ගිනි ගත්තොත් හිතේ තකන්නෑ සුලුවෙන් පිළිස්සුම්

අපි දනී කවුරුත් දාන මරිසි
පාටි කිව්වොත් කොල්ලෝ බර ගානකින් බසී
අතේ සත පහ නැති දාට යාලුවො මිසින්,
පඩම් මතින් පපු පදන් හින්දා පාලුව nothing
පාලුව nothing

මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ
උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි කලු අඹරේ
එද්දි කලු අඹරේ

නිවාඩුනෑ course එකේ Daily වැඩ ඈල්ලෙ
ආගිය අතක් නැත ගර්ත පෙනහැල්ලෙ
සාත්තරේ කියන්නම් මං දැක්ක ගමන් ඩෑල්ලේ
හිතුනොත් ලෙවල්නෑ පුක තිබ්බා හැම ලෑල්ලෙ

මොලය විසින් අඳුරු බලවේග වලක්වයි
හම්බුනාම නිදහසට කරුනු දක්වයි
Dis කර පලියට හැම කබ්බටම නෑ මං reply
Miss call ගොඩායි phone එකේ traffic suply

මේක ගැන නෑ බොලට තිබුනෙ කිසම හැඟීමක්
තනි ගමනෙ මමනම් හැකිනම් දුවලා එල්ලියං මඟීන්වත්
ඉස්සර යන්න බෑ මැස්සෙක් හොස්ස ලඟීන්වත්
හුරුකලෙ ඉවසීම හිටි මිනිස්සු මගේ ලඟීන්ම

ආවෙ හුරුවටයි උඩ ගැහුව පරෙවී
ගෑනු නෙමෙයි අපිට මඩ ගැහුවෙ පිරිමි
යද්දි අරං යන්න බෑ ගොඩ ගැහුව තරමින්
අදත් ඇයි මට දඩ ගැහුවෙ රාලහාමි…

මගෙ උන් වෙනුවෙන් ඕන දෙයක් කර ගහන්නේ
අස්වැන්න බලලයි කැරකෙන දැල මං ගහන්නෙ
ගැටලුව කුඩානම් එතනදි කරබාන්නෙ
අද නෙමෙයි මතුවටයි උඹලට මාව බලපාන්නෙ

මං අහන්නෙ..! බොලා bars ගැව්වට pass නෑනෙ ශිශ්ෂත්වේ
අපි බහිද්දි බොලා හිටියෙ ගස් අස්සේ
ඔව් එකෙක් මම මේකට පස්සෙ ආව
පහු කරපං හැකිනම් මගෙ අශ්වයාව

සවල් පාරවල් මිසක ඇල්ලන්නෑ නැ කංහැන්ද
Missing උනා භාගෙ පාරවල් දෙකට ඇද්ද
කන්නෙපා මැරුම් ආයෙ අහලා තව නැද්ද
තව නැද්ද..!

ගහලා ඉවරයි ගේම මං මගේම
වෙනසක් ණෑ ඉතිහාසෙත් මගෙ දැං වගේම
කැරියා බාවනවා උඹව ලඟදීම (හැබැයි)
බලාගෙන ඉන්නෙ දරුවෙක් නිසා අම්මෙක්ගෙ මං වගේම

ඉද්දි Run කරන් උඹලා වපර ඇහෙන් බලාවී
රිදි රේඛා තිබ්බෙ නෑ පුතේ හැම වැහි වලාවේ
සෙට්නෑ විරහ ගී වදන් මරාවී සෙල්ලමේ බරා අවී
තද ෆෑනා මම පදනම ප්‍රභා කල්ලියෙයි ෆිලාගෙයි…

මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ

උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි කලු අඹරේ
එද්දි කලු අඹරේ

මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ

උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි කලු අඹරේ
එද්දි කලු අඹරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Walle Bambare Song Lyrics - වැල්ලේ බඹරේ ගීතයේ පද පෙළ Walle Bambare Song Lyrics - වැල්ලේ බඹරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2025 Rating: 5

0 comments:

Post a Comment