Mai Mal Song Lyrics - මැයි මල් ගීතයේ පද පෙළ

Mai Mal Song Lyrics - මැයි මල් ගීතයේ පද පෙළ
Song Title : Mai Mal (මැයි මල්) 
Artiste : Yasas Medagedara
Lyrics : Shehan Galahitiyawa
Music : Yasas Medagedara
Melody : Yasas Medagedara
Violin : Amith G
Keys : Yasas Medagedara, Pahan Sandeepa
Guitars : Dihan Kularatne
Mixed And Mastered : Yasas Medagedara @ Midhouse Studios
Visal Adare Movie


වැටහේද මාගේ මේ ආදරේ
හිමිවේද වාගේ මහ සාගරේ
සිත පාවේ නුඹෙ නේත්‍රා
නිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේ
මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ
මනසේ මා සඳ රුව යාත්‍රා

මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා

ලං වෙන්න ආවේ පපුවට දැනීලා
මම දන්නෙ නෑනේ ඇයි ඒ කියා
නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා

මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා

නුඹ ළඟ තනිවෙන්න ඕනා
මගෙ වචනයද පවසන්න ඕනා
කොහොමද පවසන්නෙ ආශා
නු⁣ඹෙ සුසුමක් පවා සුවඳ ගේනා

තව ඉවසන්න නෑ සිතට සීමා
සැබෑ වෙයිද? නෑ දන්නෙ
මා පතන ආදරයේ සේයා

මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා

ලං වෙන්න ආවේ පපුවට දැනීලා
මම දන්නෙ නෑනේ ඇයි ඒ කියා
නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mai Mal Song Lyrics - මැයි මල් ගීතයේ පද පෙළ Mai Mal Song Lyrics - මැයි මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2024 Rating: 5

0 comments:

Post a Comment