Kanaththa Para Song Lyrics - කනත්ත පාර ගීතයේ පද පෙළ

Kanaththa Para Song Lyrics - කනත්ත පාර ගීතයේ පද පෙළ
Song Title : Kanaththa Para (කනත්ත පාර)
ගායනය : ARJUMANN (අර්ජුමාන්) 
සංගීතය : ARJUMANN (අර්ජුමාන්) 
ගී පද : ARJUMANN (අර්ජුමාන්)


චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
ආයුබෝවන් වැන්දා සන්තෝ

අපි වැස්සෙ නෑවා තමයි
ලෙඩ උනා තමයි
මැරෙන්ට හදලයි ආවේ
මොකො එහෙ ඉන්නයි ආස
සීයා ආච්චි ළග
අඩි හයක් යට සැපේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල 
ඉපදුනු තැන මගේ
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට 
කසිප්පු දාලයි ගැහුවෙ
ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
අපෙ ළිදෙන් තමයි නාන්නෙ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට 
ජේසු අයියා භය නැතේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

එක එක කාලෙට දන්නැද්ද විවිධ 
පාට මාරු වුනා
එක එක හොටු පෙරන උදවිය 
පාලනේට ගියා
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු 
කෑලි කෑලි කපා
අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
භාර හාර වුනා

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanaththa Para Song Lyrics - කනත්ත පාර ගීතයේ පද පෙළ Kanaththa Para Song Lyrics - කනත්ත පාර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2023 Rating: 5

0 comments:

Post a Comment