Kaleta Wahi Wahala Song Lyrics - කාලෙට වැහි වැහැලා ගීතයේ පද පෙළ

Kaleta Wahi Wahala Song Lyrics - කාලෙට වැහි වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Kaleta Wahi Wahala (කාලෙට වැහි වැහැලා)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : බටුවිට මුණිදාස
තනුව : දයාරත්න රණතුංග


කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා //

මහ වැව් අමුණු පිරී - ඉහළට
නිල් දිය දද නංවා
සිංහල අපගේ ලංකා පොළවේ
ගොවි ජය දද නංවා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා //

වන පෙත් හෙළි වී බිහිවෙන ගොවිපළ
පණ ලැබ හිනැහෙන්නා
රන්වන් කරලින් බරවුණ ඇල් කෙත
ගොවි සිත සනසන්නා

උදළු නගුලු ගෙන ගොවියා උදයේ
කුඹුර දෙසට යන්නා
ගොවි ජන ගීයෙන් සිංහල දීපෙට
කිරි පැණි ඉතිරෙන්නා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා //

මහ වැව් අමුණු පිරී - ඉහළට
නිල් දිය දද නංවා
සිංහල අපගේ ලංකා පොළවේ
ගොවි ජය දද නංවා

කාලෙට වැහි වැහැලා - ඉතිරී
යයි ඇළ දොළ ගංගා //

Kaleta Wahi Wahala Song Lyrics - කාලෙට වැහි වැහැලා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaleta Wahi Wahala Song Lyrics - කාලෙට වැහි වැහැලා ගීතයේ පද පෙළ Kaleta Wahi Wahala Song Lyrics - කාලෙට වැහි වැහැලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment