Gaalu Paare Song Lyrics - ගාලු පාරේ ගීතයේ පද පෙළ

Gaalu Paare Song Lyrics - ගාලු පාරේ ගීතයේ පද පෙළ
Song Title : Gaalu Paare (ගාලු පාරේ)
Vocals : Sunil & Piyal with Gypsies
Melody : Piyal Perera
Lyrics : Chandradasa Fernando
Concept : Sunil Perera
Music Arranged and Recorded : Dushan Jayathilaka
Mixed and Mastered : Malinda Lowe
Record Label and Management : Artists Agenda
Percussion : Rakitha &  Nardro
Chorus Singers : Mariazelle, Wathsala & Mihiri
Rhythm Guitar : Nalin Samath
Video Production : Meraki United by Randy Chriz


ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

කාර් වෑන් ලොරි අස්සේ
කන්ටේනර් යන්නේ
අලි තඩි බස් මැද්දේ
ත්‍රීවීල් රිංගන්නේ

ඉගිලීගෙන පිම්මේ
මැති ඇමතිලා යන්නේ
නැතිනම් අයින් උනේ
ගුටිකන්නයි වෙන්නේ
ගුටිකන්නයි වෙන්නේ
නැතිනම් අයින් උනේ
පාරේ ගාලු පාරේ

මොරටුවේ වඩුවන්ගේ
වැඩකිඩ දැක ගන්නේ
කලුතර නවතින්නේ
බෝධිය වැදගන්නේ

බලපිටියේ බල මාලු
රස දිව පිනවයි ලූ
අබලන්ගොඩ නගරේ
රූකඩ නටවන්නේ
රූකඩ නටවන්නේ
අබලන්ගොඩ නගරේ

පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

රෑ කඩ වැහි වැහැලා
කන බොන අය පිරිලා
හොදටම අඩි ගහලා
සමහරු මග වැටිලා

කාගෙත් සුරතලියන්
එනකොට බැල්ම දමන්
වයසට ගියත් මචං
හිතෙනවා අනං මනං
හිතෙනවා අනං මනං
වයසට ගියත් මචං
පාරේ ගාලු පාරේ

දොඩමින් පල් හෑලී
එනකොට පෙලපාලී
කඩවල මුදලාලී
වහනවා කඩ ලෑලී

ටුවරිස්ට් ලා ගොඩ බැහැලා
හික්කඩුවම පිරිලා
ගාල්ලේ කොටුව බලා
කවුරුත් පුදුම වෙලා
කවුරුත් පුදුම වෙලා
ගාල්ලේ කොටුව බලා
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ


Gaalu Paare Song Lyrics - ගාලු පාරේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaalu Paare Song Lyrics - ගාලු පාරේ ගීතයේ පද පෙළ Gaalu Paare Song Lyrics - ගාලු පාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2022 Rating: 5

0 comments:

Post a Comment