Dewani Loke Yuddeta Song Lyrics - දෙවැනි ලෝකේ යුද්ධෙට ගීතයේ පද පෙළ

Dewani Loke Yuddeta Song Lyrics - දෙවැනි ලෝකේ යුද්ධෙට ගීතයේ පද පෙළ
Song Title : Dewani Loke Yuddeta (දෙවැනි ලෝකේ යුද්ධෙට)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මුල් ගීය

දෙවැනි ලෝකේ යුද්ධෙට
බැඳුනා හමුදාවට
රස්සාවක් නැති හින්දා

පඩියක් දීලා මට
මැක්සිකෝ නම් රටට
යන්නට නැවක පැටෙව්වා

විවාහයක් වෙන්නට
බරිවුණා තාමත් මට
මිතුරෙක් නැවේදි හමුවුණා

ඔහු නැවේ සේවකයා
මැක්සිකන් ජාතිකයා
මැක්සිකෝවෙ ලක්ෂණ කිවුවා

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ //

වෙල්යායකට ගියේ
සිරි නරඹන්ට ප්‍රියේ
බරවුණ රන්වන් කරලින්

කවුරු ද ප්‍රීතිවූයේ
රස කවි අසා තියේ
පිනවන සැමගේ දෙසවන්

අරලිය මාල නෙළා (මල් නෙළලා)
ගොතාපු මල් මාලා
ගෙල වට බඳ වට පළඳන්

සැන්දෑ කාලෙ බලා
මූදු වෙරළට වීලා
නටනවලු ලස්සණ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ //

නීල ගංගා නදියේ
බැබළෙන සඳ එළියේ
ඔරු පැද පැද සිනාසෙමින්

මම දෙනෙතම ඇරියේ
ලක්ෂණ දර්ශනයේ
අලංකාරෙ ගන්නට උදුරන්

මලකට දෙවෙනි නැතී
ලස්සණ පෙනුම ඇතී
සුරංගනෝ පරදවන තරම්

නෙත් පිනවන්න සිතී
දුටු අය යළි බලතී
සුන්දර මැක්සිකෝ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ //

පසු කලෙක කෙරුණු ගායනයක්

දෙවැනි ලෝකේ යුද්ධෙට
බැඳුනා හමුදාවට
මගෙ හිත එඩිතර හන්දා

පඩියක් දීලා මට
මැක්සිකෝවේ රටට
යන්නට නැවට පැටෙව්වා

විවාහයක් වෙන්නට
බරිවුණා තාමත් මට
මිතුරෙකු නැවේදි හමුවුණා

ඔහු නැවේ සේවකයා
මැක්සිකන් ජාතිකයා
මැක්සිකෝවෙ ලස්සණ කිවුවා

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ //

වෙල්යායකට ගියේ
සිරි නරඹන්න ප්‍රියේ
බරවුණ රන්වන් කරලින්

කවුරුත් ප්‍රීතිවූයේ
ඇසෙනා රස කවියේ
පිනවන සැමගේ දෙසවන්

අරලිය මාල නෙළා (මල් නෙළලා)
ගොතාපු මල් මාලා
ගෙල වට බඳ වට පළඳන්

සැන්දෑ කාලෙ බලා
මූදු වෙරළට වීලා
නටනවාලු මැක්සිකෝ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ //

නීල ගංගා නදියේ
බැබළෙන සඳ එළියේ
ඔරු පැද පැද සිනාසෙමින්

මම දෙනෙතම ඇරියේ
ලස්සණ දර්ශනයේ
අලංකාරෙ ගන්නට උදුරන්

මලකට දෙවෙනි නැතී
ලස්සණ පෙනුම ඇතී
සුරංගනෝ පරදවන තරම්

නෙත් පිනවන්න සිතී
දුටු අය යළි බලතී
සුන්දර මැක්සිකෝ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewani Loke Yuddeta Song Lyrics - දෙවැනි ලෝකේ යුද්ධෙට ගීතයේ පද පෙළ Dewani Loke Yuddeta Song Lyrics - දෙවැනි ලෝකේ යුද්ධෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment