Ayiyala Saha Akkala Song Lyrics - අයියල සහ අක්කලා ගීතයේ පද පෙළ

Ayiyala Saha Akkala Song Lyrics - අයියල සහ අක්කලා ගීතයේ පද පෙළ

Ayiyala Saha Akkala Song Lyrics - අයියල සහ අක්කලා ගීතයේ පද පෙළ
Song Title : Ayiyala Saha Akkala (අයියල සහ අක්කලා)
ගායනය : නාරද දිසාසේකර
පද රචනය : බිංගිරියේ සෙනරත් විජේකුමාර
විරිඳු නාද රටා මුසු සංගීත සංයෝජනය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.රෑන ගිරව් චිත්‍රපටියෙනි.


අයියල සහ අක්කලා
නංගි මල්ලි එක්වෙලා
කියන්න මේ පොඩි කතාව
එන්නකො මෙහි රොක්වෙලා
එන්නකො මෙහි රොක්වෙලා

අම්මලා පුංචම්මලා
මාමලා සහ නැන්දලා
අප්ප කුඩප්පලා ඔක්කොම
අහගන්නකො ළංවෙලා
අහගන්නකො ළංවෙලා

ගති ගුණ රැකි ආරිය
සුමනා හැඩ කාරිය
දිසා තරුණයා හිතුවා
කරගන්නට භාරිය
කරගන්නට භාරිය

යුතුකම ගරු කරණවා
හයි හත්තිය තියෙනවා
දඩයම් කර සතුන් මරා
දිසා කාලෙ ගෙවනවා
දිසා කාලෙ ගෙවනවා

දඩයමටයි කෑදරේ
කැලේට සිත යා කෙරේ
සුමනා අවවාද දිදී
පෙන්වයි තම ආදරේ
පෙන්වයි තම ආදරේ

පවටම ඇයි හිත ගටා
හේනක් කුඹුරක් කොටා
ඉන්නකො යැයි ඇය කී වග
පවසමි රවුමක් නටා
පවසමි රවුමක් නටා

මගෙ පොඩි සුමනෝ දයා
දුක් වන්නේ ඇයි ඔයා
හොඳ මිනිහෙක් වෙන්නම් මම
කසාද බැඳගෙන ඔයා
කසාද බැඳගෙන ඔයා

කේන්දරෙත් පෑහුනා
පොරොන්දම් ද සීහුනා
ලනුවයි කණුවයි වාගේ
තරිකිට දම් දානෙනා
තරිකිට දම් දානෙනා

ගඟකට දැම්මත් මරා
මා ජීවත් වෙන තුරා
නංගි ඌට නෑ දෙන්නේ
කීවලු ඇගෙ සෝයුරා
කීවලු ඇගෙ සෝයුරා

කවුරුත් එකමුතු වෙලා
මේ ගැන කතිකා කළා
කේන්දරය නොගැලපෙතැයි
දිසාව කෙරුවලු මුළා
දිසාව කෙරුවලු මුළා

දුන් ඒ පිළිතුර අසා
කෝපෙන් වියරුව ඉතා
දැනගත්තලු ගුරා හොයා
උන් පැවසුව බස මුසා
උන් පැවසුව බස මුසා

ආවා සුමනව සොයා
අයියත් එතැනට ගියා
තක්කිට තරිකිට තකදොං
අලි ගුටි කෙළියක් ගියා
අලි ගුටි කෙළියක් ගියා

ඇගේ අයිය ගිනි සැරේ
දිසාට පහරක් වැරේ
දුන්නලු රුන්දත් තරිකිට
දෙන්නා එකට ගුටි පොරේ
දෙන්නා එකට ගුටි පොරේ

සුමනට සිහි නෑ බොලේ
අප්පච්චිත් ලේ විලේ
වෙඩි උණ්ඩය වැදී අතට
අයියගෙ බිදුනා බලේ
අයියගෙ බිදුනා බලේ

එළි වෙන්නට පෙර හොරේ
සිහි නැති සුමනා කරේ
තියාගත්ත තිසා දුවපි
මහ වනයට එක සැරේ
මහ වනයට එක සැරේ

අබුද්දස්ස යෙදෙනවා
ලබුත් තිත්ත කෙරෙණවා
මේව අහල සුරල් ගහල
මට නටන්න හිතෙනවා
මට නටන්න හිතෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayiyala Saha Akkala Song Lyrics - අයියල සහ අක්කලා ගීතයේ පද පෙළ Ayiyala Saha Akkala Song Lyrics - අයියල සහ අක්කලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2022 Rating: 5

0 comments:

Post a Comment