Asawen Natanna Song Lyrics - ආසාවෙන් නටන්න ගීතයේ පද පෙළ

Asawen Natanna Song Lyrics - ආසාවෙන් නටන්න ගීතයේ පද පෙළ
Song Title : Asawen Natanna (ආසාවෙන් නටන්න)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : සරත් දසනායක
1978 දී තිරගතවූ “කුමර කුමරියෝ” චිත්‍රපටියේ ගීයකි.


ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

නැතෙයි කියා කිසිත් නැතේ
හෙටක් කියා දිනක් නැතේ
වාසනාව එබී බලන්නේ //

අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
හරි හරේ...
අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

අතේ පයේ වෙරෙන් අපේ අනුන් සැපෙන් ඉඳියි රටේ
සල්ලි වලට නෑ යටවෙන්නේ //
අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ //

ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ
ආ..
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

නැතෙයි කියා කිසිත් නැතේ
හෙටයි කියා දිනක් නැතේ
වාසනාව එබී බලන්නේ //

අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
හරි හරේ...
අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ

ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asawen Natanna Song Lyrics - ආසාවෙන් නටන්න ගීතයේ පද පෙළ Asawen Natanna Song Lyrics - ආසාවෙන් නටන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment