තුන් මාසේ දානේ වෙනකන් සැරි සැරූ සීයාගේ මනෝකාය (Siyage Manokaya)

තුන් මාසේ දානේ වෙනකන් සැරි සැරූ සීයාගේ මනෝකාය (Siyage Manokaya) - Your Choice Way

මං මේ කියන්න යන්නෙ මගෙ සීයා ගැන සීයා ගොඩක් වයසයි. වයසත් එක්කම සීයගෙ අසනීප ගතියත් එන්න එන්නම වැඩි වුනා මේ ඔක්කොටම හේතු වුනා සීයගේ බීමත්කම  ආච්චි අම්මා කියන විදිහට සීයා ඉස්සර බීලා ඇවිත් ගොඩක් රංඩු කරාලු සීයට ගොඩක් අමාරැ වෙලා රෝහල් ගතකරාම එතන ඉන්න ඩොක්ටර්ස්ලට නර්ස්ලට පරැෂ වචනයෙන් බනිනවා අපි හිතුවෙ ඒක මානසික ලෙඩක් වෙන්නැති කියලා  ඩොක්ටර්ස්ලා කිව්ව විදිහට සීයගෙ වකුගඩු පෙනහළු දිය වෙලා ගිහින්  ජීවත් කරන්න බැරි වෙයි කියන මතයෙයි එයාලා හිටියෙ. ඒත් හිතා ගන්න බැරි විදිහට සීයා සුව උනා අපි එයාව ගෙදර එක්කන් ඇවිත් පුළුවන් උපරිම සතුටින් තියන්න උත්සාහ කලා

ඒ කොහොම වෙතත් එක එක දේවල් සීයා කියවන්න පටන් ගත්තා හැමදාම රෑට බය වෙලා කෑ ගහන්න ගත්තා එයා කිව්ව විදිහට නම් එයාව කට්ටියක් අල්ලගෙන බලෙන්ම ඇදන් යනවලු එයා එපා කියද්දිම එයාට මොනවද මන්දා කවනවලු එක දවසක් පුටුවෙ ඉදන් ඉන්නකොටම සීයා ජීවිතේට සමු දුන්නා මල ගෙදර වැඩ කටයුතු ඉවර වුනාට පස්සෙ හත් දවසෙ බණ වෙනකනුත් නෑදෑ හිත මිතුරො ගෙදර හිටියා ඒත් ඊට පස්සෙ තමයි මේ හැමදේම උනේ..

ගෙදර අයත් තමන්ගෙ රාජකාරි වලට යන්න පටන් ගත්තා ඒ අගෝස්තු මාසයක් නිසා මට ඉස්කෝලෙ නිමාඩු ඒ නිසාම මං ගෙදර තනි උනා පොඩි චකිතයක් හිතේ තිබුනත් මං හිත හදාගත්තා ඒ සීයා මට ගොඩක් ආදරේ කරපු නිසා ගෙදර ටිප් ස්විච් එක හදල තිබ්බෙ සීයගෙ කාමරේ මං ඉතිං බයටත් එක්ක ගේ වටේම ලයිට් දාගෙන හිටියෙ මං සීයගෙ කාමරේට යන්නත් ගොඩක් බය වුනා ඒ වෙනකොටත් ඒ කාමරෙන් මිනිය එම්බාම් කරනකොට ස්ප්‍රේ කරපු බෙහෙ⁣තෙ ගද තදින්ම දැනුනා සීයා නැති වුනේ ගෙදරදි නිසා එම්බාම් කටයුතු කලෙත් ගෙදරදි

මං ගෙදර වටේටම ලයිට් දාලා තිබ්බත් ටිප් ස්විච් එක හැම වෙලේම off වෙනවා T.v බලනකොට volume අඩු වැඩි වෙනවා ඒත් මේ ඔක්කොම දේවල් වැඩ ඉවර වෙලා කට්ටිය ගෙදර එනකං විතරයි ඊට පස්සෙ ටිප් ස්විච් off වෙන්නෙත් නෑ මුකුත් නෑ ඒ නිසාම එයාලා මං කියන දේ විශ්වාස කලෙත් නෑ..

ඒත් ඊ ගාව දවසෙත් අර කියපුවා ඒ විදිහටම වෙනවා අපේ සීයා ජීවත් වෙලා ඉන්න කාලෙ විට කෑවා ඒ විට කොටන සද්දෙත් මට සැරින් සැරේ ඇහෙන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි සීයා මට කතා කරනවත් ඇහෙන්න ගත්තා ඒත් මං ඒ දේවල් කාටවත් කිව්වෙ නෑ ටික දවසක් ගෙවිලා යනකොට සීයාගෙ කාමරෙන් අමුතු ගදක් ආවා අපි මුළු ගේම සෝදලා ශුද්ධ කරත් ඒ ගද ගියෙ නෑ තුන් මාසෙ දානෙ වැඩ කටයුතු ඉවර කරනවත් එක්කම අපිට ආයෙ ඒ ගද දැනුනෙ නෑ ඒ විතරක් නෙමෙයි මට ඇහුන සද්දත් ආයෙ ඇහුනෙ නෑ..

එක දවසක් මමයි තාත්තායි සීයා ගැන කතා කර කර ඉන්නකොට තාත්තා කිව්ව දෙයක් නිසා මං අදටත් කල්පනා කරනවා ඇත්තටම මේ අපි දෙන්නගෙ මනසෙ ඇදුන දෙයක්ද නැත්නම් ඇත්තටම ඇහුන දෙයක්ද කියලා" මට සීයා කතා කරනවා , විට කොටනවා වගේ සද්ද ඇහුනනෙ තාත්තටත් ඒ දේවල් ඒ විදිහටම ඇහිලා තුන් මාසෙ දානෙන් පස්සෙ ඒ මුකුත්ම ඇහිලා නෑ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තුන් මාසේ දානේ වෙනකන් සැරි සැරූ සීයාගේ මනෝකාය (Siyage Manokaya) තුන් මාසේ දානේ වෙනකන් සැරි සැරූ සීයාගේ මනෝකාය (Siyage Manokaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 19, 2022 Rating: 5

0 comments:

Post a Comment