Sanda Wata Ran Tharu Song Lyrics - සඳ වට රන් තරු ගීතයේ පද පෙළ

Sanda Wata Ran Tharu Song Lyrics - සඳ වට රන් තරු ගීතයේ පද පෙළ
Song Title : Sanda Wata Ran Tharu (සඳ වට රන් තරු)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


බඩගිණි වෙලා ගොඩවුණ කල පුතුගෙ ගෙට
මා යකිණියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරළුණි කිරට
අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට

සඳ වට රන් තරු කැකුළු පිපේවා
ඉරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා
පුතෙකුට අම්මගෙ අගය දැනේවා

ගඟුලට ඇති බර දිය වැල නේදෝ
කතරට ඇති හර සුදු වැලි නේදෝ
ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ
මවකට ඇති සැප දරු සැප නේදෝ

ගින්නක් නැති කල දුමක් කොයින්දෝ
පින්නක් නැති කල තෙතක් කොයින්දෝ
වහළක් නැති කල ගෙයක් කොයින්දෝ
අම්මෙකු නැති කල දැයක් ‍කොයින්දෝ

සඳ වට රන් තරු කැකුළු පිපේවා
ඉරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා
පුතෙකුට අම්මගෙ අගය දැනේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Wata Ran Tharu Song Lyrics - සඳ වට රන් තරු ගීතයේ පද පෙළ Sanda Wata Ran Tharu Song Lyrics - සඳ වට රන් තරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment