සහල් පිටි බිස්කට් හදමු (Sahal Piti Biscuits Hadamu)

සහල් පිටි බිස්කට් හදමු (Sahal Piti Biscuits Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ඉතාමත් අඩු වියදමකින් පෝෂණීය මෙන්න ඉතා රසවත් සහල් පිටි  බිස්කට් රෙසිපි එකක් අරගෙන ආවා 😍.ඉතිං දැන් ඔයාලට ත් පුළුවන් බිස්කට් මිල වැඩිය් කිය කිය බලන් ඉන්නෙ නැතිව ගෙදරදිම මේ විදියට රසම රස බිස්කට් ටිකක් හදා ගන්න .ගෙදර කෑමට විතරක් නෙමෙයි,  ඔයාලගෙ යාලුවන්ට , නෑදෑයන් ට තෑගි දෙන්න උනත් මේ බිස්කට් කදිමයි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 💙 සහල් පිටි 250g ක්
  • 💙 සමපෝෂ 50g ක් (ඔයාලට සමපෝෂ නැත්නම් ඒ වෙනුවට හාල් පිටි  50g ක් ම එකතු කර ගන්න)
  • 💙 සීනි 125g ක්
  • 💙 බටර් 75g ක්
  • 💙 බිත්තර 1 ක්
  • 💙 වැනිලා තේ හැඳි 1 ක්
  • 💙 කිරිපිටි මේස හැඳි 1 ක් (අත්‍යාවශ්‍ය නැහැ ,තියනවා නම් විතරක් එකතු කරන්න)
  • 💙 බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
මේ ප්‍රමාණයෙන් මං බිස්කට් 60 ක් සාදා ගත්තා.ඉතිං යන වියදම එක්ක ඔයාලා බලන්න කොච්චර අඩු මුදලක් ද මේ බිස්කට් එකක් සඳහා වැය වෙන්නෙ කියලා.

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💜️ ඔයාලා ගෙදර සහල් කොටලා ගන්නවා නම් සහල් පිටි ටික යාන්තමට බැදලා ගන්න. තෙත ගතිය නැති කර ගන්න යාන්තමින් රත් කර ගන්නවා පමණයි.කඩේ සහල් පිටි ගන්නවා නම් රත් කරන්න අවශ්‍ය නැහැ.
  2. 💜️ මුලින්ම සහල් පිටි, සමපෝෂ සහ බේකින් පවුඩර් එකට හලා පසෙකින් තබන්න.
  3. 💜️ සීනි කුඩු කර ගන්න.
  4. 💜️ භාජනයක් ගෙන එයට බටර් සහ කුඩුකර ගත් සීනි දමා ක්‍රීම් වනතුරු බීට් කර ගන්න.
  5. 💜️ ඉන්පසු එයට බිත්තරය සහ වැනිලා එකතු කර නැවත හොඳින් බීට් කරන්න.
  6. 💜️ ඉන්පසු හලාගත් පිටි ටික ටික බටර් මිශ්‍රණය ට එකතු කරමින් මෝලිය සාදා ගන්න.
  7. 💜️ පිටි මෝලියෙහි තෙත ගතිය වැඩි නම් තව සහල් පිටි ස්වල්පයක් එකතු කරමින් අනා ගන්න .තෙත් ගතිය මදි උනොත් වතුර ස්වල්පයක් හෝ කිරි ස්වල්පයක් එකතු කර ගන්න.
  8. 💜️ පසුව සාදා ගත් මෝලිය ලෑල්ලක තුනීකර බිස්කට් අච්චුවකින් කපා ගන්න.( බිස්කට් අච්චු නැති අය ඔයාලට කැමති හැඩයකට කපා ගන්න .රවුම් හෝ කොටු ගෙදර තියන බෝතල් මූඩියකින් උනත් කපා ගන්න පුළුවන් .නැත්නම් ඔයාලගෙ ගෙවල් වල තියන වතුර වීදුරු වල යට පැත්තෙ ලස්සන මල් හැඩ අඩියෙ තියෙනවා .බිස්කට් මිශ්‍රණයෙන් කුඩා බෝල කඩලා වීදුරුවෙ යටි පැත්තට තියල අතින්  තද කරලා ඒ හැඩ ගන්න පුළුවන් . හැබැයි පිරිසිදු වීදුරු පතුලක් තෝර ගන්න.
  9. 💜️ ඉන්පසුව බටර් තවරා ගත් තැටියක පිටි ටිකක් ඉසගෙන ඒමත කපා ගත් බිස්කට් අතුරා ගන්න.
  10. 💜️ දැන් උෂ්ණත්වය  160 °C  න් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 15 ක් බේක් කර ගන්න.
  11. මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් , ඉතිං ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 
  12. සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
සහල් පිටි බිස්කට් හදමු (Sahal Piti Biscuits Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සහල් පිටි බිස්කට් හදමු (Sahal Piti Biscuits Hadamu) සහල් පිටි බිස්කට් හදමු (Sahal Piti Biscuits Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2022 Rating: 5

0 comments:

Post a Comment