Nimthere Song Lyrics - නිම්තෙරේ ගීතයේ පද පෙළ

Nimthere Song Lyrics - නිම්තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Nimthere (නිම්තෙරේ)
Singing : Ayeshmantha ft. Zany Inzane & Shehara
Produced by : Ayeshmantha
Lyrics by : Zany Inzane | OOSeven | Dewdu H Karunarathne
Mixed & Mastered by : Amila M Wickramasingha (Jaya Records)
Distributed by : AirXone Musik
Digital Media Support : Mathisha Induwara


ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා 

දුරස් වුණා වේගෙන්  ඇස් පිල්ලමේ
ඇරයුමක්ද නුඹ දෑසින් කළේ
හමු නොවේද යළි මේ නිම්තෙරේ
ඇයි ආරම්භෙකදිම අවසන් කළේ
පිපුනේ නෑ රෝස මල් මේ අපායේ
සීතල කළා නුඹ ලාවා මේ අපායේ
අඳුර නසා ගෙන පැමිණි ආලෝක ධාරාවක් නුඹ
සිරගතවුණ ආත්මේ නිදහස් කළා මගේ
මට දැනෙන්නේ අලුතෙන් ඉපදුණා වගේ
ගිනියෙම දැවුණු ඉරි තැළුණු මහ පොළව සිපගත් මහා වර්ෂාවක් වගේ
දළුලා ගෙන පැමිණි ආලේ හදවත පසා කරන්
මට ඇති නුඹ වචනයක් කතා කරත්
හැමුවත් සුළගක් නුපුරුදු දිශාවකින් සැනසීමක් එය
විඩාවෙන් ගැලවීමට මනසේ
මට ඕනේ ජීවත් වෙන්න ඒ දවසේ
ආපස්සට හරවන්න කාලය
මට නුඹට කියන්න තියෙනවා බොහෝ දේ
 
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

ආගන්තුක හැඟීමක්
කිසි දා බලාපොරොත්තු නොවූ
මං ඇබ්බැහි වෙලා
අද මනෝ ලෝකයක තනි වෙලා
සිතිවිලිවල ආලය මුසු වෙලා
හමු නොවේද හමු වේද යළි ඒ රුව හිමි නොවේද හිමි වේද
මට ඒ රුව අවිනිශ්චිතයි
මේ දෛවය
නමුත් ආරම්භය පමණයි මෙය
සිතිජයක් නොවුනොතින්
ඇති නුඹ මගේ
සාගරේට ගෑවි නොගෑවෙන තරමට
ළංව හිඳින මිරිඟුවක් සේ
වෙන මන්දාකිණියක දුරක් සේ
නුඹ කළු සුදු හීනෙක වර්ණ ඡායාවක්
දුටු සැනින්ම කැපී පේන
මම දැක්කා එදා නුඹේ ඇස්වල තිබුණා කියා ගන්න බැරි හුඟක් දේ

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
 ලෙස මා සිත බිඳුනා

ඔබ මා හද බැඳුනා 
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා 

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nimthere Song Lyrics - නිම්තෙරේ ගීතයේ පද පෙළ Nimthere Song Lyrics - නිම්තෙරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment