මාළුපාන් හදමු (Malupan Hadamu)

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way
ඔන්න අද මං ඔයාලට සුපර් සොෆ්ට් එකට හදපු මාළු පාන් රෙසිපි එකක් තමයි ගෙනාවෙ.ඔයාලටත් පුළුවන් පිරිසිදුව රසට ගෙදර ම හදා ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

(මාලුපාන් 6ක් සඳහා)
  • 🔸 පාන්පිටි 250g ක්
  • 🔸 යීස්ට් තේ හැඳි 1 ක්
  • 🔸 බටර් මේස හැඳි 1 ක්
  • 🔸 සීනි තේ හැඳි 1ක්
  • 🔸 ලුනු තේ හැඳි 1 ක්
  • 🔸 බිත්තර 1 ක්
  • 🔸 මද උනුසුම් වතුර කෝප්ප 1/2 ක් පමණ

පිරවුම සඳහා :
  • 🔸 තම්බා පොඩිකර ගත් අර්තාපල් 200g ක්
  • 🔸 බී ලූනු 100g ක්
  • 🔸 සැමන් 150g ක් පමණ (ඔයාලට කැමති නම් සැමන් වෙනුවට මාලු දාන්න පුලුවන් ,මං ගෙදර හදපු සැමන් තියන නිසා ඒවා පාවිච්චි කලා)
  • 🔸 ලීක්ස්  50g ක්
  • 🔸 අමු තුනපහ තේ හැඳි 1 ක්
  • 🔸 කෑලි මිරිස් තේ හැඳි 2 ක්
  • 🔸 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
  • 🔸 කහ කුඩු ටිකක්
  • 🔸 සුදුලූනූ බික් 2,3ක්
  • 🔸 කරපිංචා ටිකක්
  • 🔸 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම භාජනයක් ගෙන එයට පිටි ,යීස්ට් ,සීනි සහ ලුනු දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  2. ♨️ දැන් බිත්තරය හොඳින් ගසා බිත්තරයෙන් 1/2 ක්  පමණ එයට එකතු කරන්න .ඉතුරු බිත්තර ටික මාලුපාන් වල උඩින් ආලේප කරන්න තියා ගන්න.
  3. ♨️ දැන් එයට  බටර් එකතු කර කලවම් කරන්න.
  4. ♨️ දැන් මද උනුසුම් වතුර ටික ටික දමමින් පිටි මෝලිය අනා ගන්න.(වතුර ඔක්කොම එකවර දමන්න එපා , පිටි මෝලිය ගොඩාක් තදට නෙවෙයි ටිකක් අතේ ඇලෙන ගානට අනා ගන්න)
  5. ♨️ දැන් පිටි ටිකක් ඉසගත් මතුපිටක මෝලිය දමා අනා ගන්න.මෝලියට බර දමමින් අනන්න එපා සැහැල්ලුවෙන් අත බුරුලින් අනා ගන්න . විනාඩි 10ක් පමණ පිටි මෝලිය හොඳින් නීඩ් කරන්න.❤️ හෑන්ඩ් මික්සර් එකක් පාවිච්චි කරනවා නම් ඔයාල ලඟ දඟර සහිත කූරු දෙකක් ඇති ඔයාලට පුලුවන් මේ ඩෝ එක විනාඩි 8,10ක් පමණ අඩුම ස්පීඩ් එකේ  මික්සර් එකෙන් නීඩ් කර ගන්න . මං ඔයාලට බලන්න ඒ දඟර සහිත කූරු වල ෆොටෝ දාලා තියනවා .
  6. ♨️ හොඳින් නීඩ් කරගත් පිටි මෝලිය තෙල් ආලේප කරගත් බඳුනක දමා මෝලිය මතුපිටත් තෙල් ආලේප කර තෙත කිචන් ටවල් එකකින්  හෝ ඉටි කොලයකින්  හොඳින් වසා දෙගුණයක් වනතුරු උනුසුම් සහිත තැනක පැය 2ක් පමණ පිපෙන්න තියන්න . 
  7. ♨️ එය පිපෙන තුරු අපට පුළුවන් පිරවුම හදා ගන්න.
  8. ♨️ පිටි මෝලිය දෙගුණයක් වූ පසු එය පිටි අල්ලෙන් තෙරපමින් වාතය ඉවත් කරන්න.
  9. ♨️ දැන් කුඩා කොටස් 6 කට වෙන් කර ගන්න.
  10. ♨️ වෙන් කර ගත් කුඩා කොටස් විනාඩියක් දෙකක් පමණ නැවත අනා රවුම් කර තුනී කරන්න.
  11. ♨️ තුනීකර ගත් පිටි මැදට පිරවුම තබා ත්‍රිකෝණාකාර හැඩයට නවා ගන්න.
  12. ♨️ දැන් බේකින් පේපර් එකක් එලා ගත් තැටියක මේ  සාදාගත් මාළුපාන් ටිකක් දුරින් තබා ගන්න.
  13. ♨️ නැවත කිචන් ටවල් එකකින් හෝ ඉටි කොලයකින් වසා පැය 1/2ක් තබන්න.
  14. ♨️ විනාඩි 30 කට පසුව මාලුපාන් මත බිත්තර සාරු ආලේප කරන්න.
  15. ♨️ දැන් 200  ° C න් රත් කර ගත් අවන් එකක දමා විනාඩි 20 පමණ බේක් කර ගන්න.

පිරවුම සාදන ආකාරය :

  1. ✴️ තෙල් ටිකක් රත් කර ලියා ගත් සුදුලූනු ටික එකතු කර ටිකක් බැදෙන්න හරින්න.
  2. ✴️ දැන් කරපිංචා සහ බී ලූනු එකතු කරන්න.
  3. ✴️ එය ටිකක් තෙම්පරාදු වන විට ලීක්ස් ටික එකතු කරන්න.
  4. ✴️ දැන් අමු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු , කෑලි මිරිස්,කහ සහ අවශ්‍ය පමණ ලුනු එකතු කරන්න.
  5. ✴️ හොඳින් මිශ්‍ර කරන්න.
  6. ✴️ දැන් පොඩිකර ගත් සැමන් එකතු කරන්න.
  7. ✴️ අවසානයට තම්බා පොඩිකර ගත් අර්තාපල් එකතු කර හොඳින් කලවම් කර විනාඩි දෙක තුනක් තෙම්පරාදු කර ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way

මාළුපාන් හදමු (Malupan Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාළුපාන් හදමු (Malupan Hadamu) මාළුපාන් හදමු (Malupan Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2022 Rating: 5

0 comments:

Post a Comment