Ma Bala Kale Song Lyrics - මා බාල කාලේ ගීතයේ පද පෙළ

Ma Bala Kale Song Lyrics - මා බාල කාලේ ගීතයේ පද පෙළ
Song Title : Ma Bala Kale (මා බාල කාලේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : මාලනී විජිතා විජේවීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ //

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලේහි නාමි
මට තාම සිහිවේ ඇගෙ ගීත රාවේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ

ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ

මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවාලා ස්නේහේ රට දෑ කෙරේහි
රැකගන්න හැමදා ඇගෙ නාමෙ පුතුනේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලේහි නාමි
මට තාම සිහිවේ ඇගෙ ගීත රාවේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Bala Kale Song Lyrics - මා බාල කාලේ ගීතයේ පද පෙළ Ma Bala Kale Song Lyrics - මා බාල කාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment