Goma Riti Gili Song Lyrics - ගොම රිටි ගිලී ගීතයේ පද පෙළ

Goma Riti Gili Song Lyrics - ගොම රිටි ගිලී ගීතයේ පද පෙළ
Song Title : Goma Riti Gili (ගොම රිටි ගිලී)
ගායනය : රෝහණ බැද්ද‍ගේ
පද රචනය : රෝහණ බැද්ද‍ගේ
ජන ගායනා (සීපද) නාද රටා ඇසුරින්, සංගීත අදියුරු : රෝහණ බැද්ද‍ගේ


ගොම රිටි ගිලී තිරුවානා උඩ එනවා
හරි ජරමරේ හොඳ නරකත් පැටලෙනවා
දවසින් දවස අරුමෝසම් ගොඩ වෙනවා
ගම්මානෙටත් මොනවද වේගෙන එනවා

සිල් ගන්නා විනා රකිනා කෙනෙක් නැතී
බණ දෙසනා විනා අසනා කෙනෙක් නැතී
නැතිවෙන්නා විනා ගන්නා කෙනෙක් නැතී
ගුටි කන්නා විනා ගසනා කෙනෙක් නැතී

මව් තුරුළේ තියා දරුවන්ට සැප සොයා
පිරිමහ ගනු කියා අප්පා වැඩට ගියා
තව මදි මදි කියා පෝසත් වෙන්ට කියා
අම්මා රට ගියා පවුලම නොමඟ ගියා

ඉස්සර නම් හැංගි හැංගී තනි යාමේ
දැන් එළිපිටම නරි නාටක ගජරාමේ
පද කස්තිරම් තව ඇත නටතොත් මාමේ
හොඳ හොඳ නැටුම් බලතැකි එළිවෙන ජාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Goma Riti Gili Song Lyrics - ගොම රිටි ගිලී ගීතයේ පද පෙළ Goma Riti Gili Song Lyrics - ගොම රිටි ගිලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment