E Kale Song Lyrics - ඒ කාලේ ගීතයේ පද පෙළ

E Kale Song Lyrics - ඒ කාලේ ගීතයේ පද පෙළ
Song Title : E Kale (ඒ කාලේ)
Singing : K Mac ft. IRAJ
Produced by : Iraj
Music : Iraj
Additional Programming : GOA
Lyrics : Iraj & Indika Wickramaratne
Guitar : Shafi 
Recorded at : ILL Noize Studios Sri Lanka 2016
Mixed by : Ranga D
Mastered by : Ranga D
Video Director : Priyanga Ranasinghe from Iraj Productions 
Video Editor : Dinuka MK
Colourist : Priyanga Ranasinghe 
D.O.P. : Sahan Wickramarachchi
Official costume sponsor : Bad Black Wennapuwa
Iraj Productions Pvt Ltd 2016
ILL Noize records 2016


ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම
ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම
ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම
මේක මගේ කතාව අද තමයි සැමරුම

කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන්
මම පරන ඉස්කෝලේ කෝ දැන් ඒ මිතුරන්
කොළඹ නගරේ ඕන දෙයක් අදටත් නෑනේ සතුරන්
කැපවීම ලිව්වේ නැකත යන්න කිරි උතුරන්

පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි
පාරේ යද්දි ගන්නවා මගේ පින්තූරෙයි අත්සනයි
උඩ ගියේ නෑ මම තාමත් ඉන්නේ පොළොවේ
නිහතමානි වෙයන් ඉපදුනත් රජ මැදුරේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

නවත්තපු තැනින් පටන් ගන්නම් කතාව
ආවා ආයෙත් ඉරාජ් එක්ක මේක දෙවනි වතාව
පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාව
හරිම දේ හරිම විදියට හරිම වෙලාව

හඳ බැසගියත් ඉර පායලා එළිය දුන්නා
දෙයක් නැති උනත් තව දෙයක් මට දෙයියෝ දුන්නා
මම සැලුන්නෑ මම වැටුන්නෑ මං ආයෙත් දින්නා
ලංකාව මට සැපයි කොළඹ තමයි ඉන්න ඕනා

හැමදාම ජීවිතේ සැප නෑනේ රැඳෙන්නේ
තාත්තා එදා ඇන්න ටොක්ක තාමත් තරු පෙනෙන්නේ
සල්ලි නෙමෙයි හැමදේම මනුස්සකමයි වටින්නේ
තේරුම්ගත්තා මම ඇත්ත කවදාහරි දිනන්නේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

අපි ආවේ ගේමක් දීලා යාළු මුඩුක්කුවෙන් එළියට
එදා කඩප්පුලි අද කොල්ලෝ වස අහසට
මතකද වැලිකඩ මතකද පොලිසිය
අලුත් මූණු ගොඩයි අද 44 කල්ලිය

නවතින්නේ නෑනේ මේක හෙළ රැප් සාදේ
සෙට් වෙමු ආයෙත් අපි ඊළඟ සමාජේ
මම ඉන්නේ සැපේ යාළු එපා බොරු වාදේ
රජවරු දෙවිවරු ඉලුමනාදේ

අවසාන පිටුව ලියන්නම් රන් අකුරෙන්
මනුසතා කියලා දුන්නේ කතාව ධර්මෙන්
සාමදානෙන් ඉමු ඈත්වෙලා අපි වෛරෙන්
සුබ රාත්රියක් කියලා සමුගන්නම් සතුටෙන්

ඒ කාලේ ඒ කාලේ මට මතකයි හැමදේම අද වාගේ
ඒ කාලේ ඒ කාලේ එන්නේ නැහැ ආයේ කවදාවත් ඒ කාලේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ
මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Kale Song Lyrics - ඒ කාලේ ගීතයේ පද පෙළ E Kale Song Lyrics - ඒ කාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2022 Rating: 5

0 comments:

Post a Comment