Alaya Karala Wenawa Parade Song Lyrics - ආලය කරලා වෙනව පරාදේ ගීතයේ පද පෙළ

Alaya Karala Wenawa Parade Song Lyrics - ආලය කරලා වෙනව පරාදේ ගීතයේ පද පෙළ
Song Title : Alaya Karala Wenawa Parade (ආලය කරලා වෙනව පරාදේ)
ගායනය : සුජාතා අත්තනායක සහ පිරිස (එවකට සුජාතා පෙරේරා)
පද : චිත්‍රානන්ද අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි
1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.(සුජාතා සහ රංජිනී ගයන පද)(සුජාතා ගේ නැගනිය රංජිනී, පිරිසේ ඇතුළත් වූවාය)


ආලය කරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

ආලය කරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

මල් පිපිලා මෙනි රූබර කෙල්ලෝ //
පිරිමින් ඒ දැක වෙයි මීමැස්සෝ

ආලය කරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

ආදරයෙන් මත්වූ දේවියක් ම ආව
නෑ නෑ නෑ නෑ නෑ
ලස්සණ රජ කුමරුන් දැක බැහැ කීවාද
නෑ නෑ නෑ නෑ

ආදරයෙන් මත්වූ දේවියක් ම ආව
නෑ නෑ නෑ නෑ නෑ
ලස්සණ රජ කුමරුන් දැක බැහැ කීවාද
නෑ නෑ නෑ නෑ

ගණ දෙවියි හිරු දෙවියි පණිවුඩ ඇරලා
දෙන්න කියා කුමරුන් හට දේවිය සොයලා

ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලා ලා

ආලය කරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

තිසරු ජෝඩු පුන් පියයුරු හැඩ පුළුලුකුළූ
ඇත්තයි ඇත්තයි ඇත්තයි
ළෙලවා සොලවා කොක් හඬ දී කර මුකුලු
ඇත්තයි ඇත්තයි ...
මොනරියෝ කොමලියෝ පැද්දෙන පෙරළී
ලුහුබැඳ එයි තරුණ ගැටව් ඇඹරී ඇඹරී

ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලා ලා

ආලය කරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

අඟර දඟර ලලිත ගමන කොමල සිනාව
හා හා හා හා හා
අදර වඩන සිත් නළවන මිහිරි කතාව
හා හා හා හා ....
දැක අපේ තරුණයෝ එනව රහ වැටී
ඉන්න ඕනැ බේරී ඒ අයට නොරැවටී

ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලා ලා

ආලය කරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alaya Karala Wenawa Parade Song Lyrics - ආලය කරලා වෙනව පරාදේ ගීතයේ පද පෙළ Alaya Karala Wenawa Parade Song Lyrics - ආලය කරලා වෙනව පරාදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2022 Rating: 5

0 comments:

Post a Comment