Podi Kale Ida Song Lyrics - පොඩි කාලේ ඉඳ ගීතයේ පද පෙළ

Podi Kale Ida Song Lyrics - පොඩි කාලේ ඉඳ ගීතයේ පද පෙළ
Song Title : Podi Kale Ida (පොඩි කාලේ ඉඳ)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගත වූ “සරදම්” චිත්‍රපටියේ ගීයකි.1954 දී තිරගතවූ "Nagin" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Man Dole Mera Tan Dole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙහි ඇති පද වැල, මුල් ගීයට අනුවයි.මුල් ගීයේ හොඳ තත්වයේ සංරක්ෂණය වූ ගීයක් නොමැති වීම ගැන කණගාටුයි. මෙහි ඇති මුල් ගීය, තැටියකින් ගත්තකි. එහි  ධාවන වේගයේ බිඳ වැටීමක් ඇති බව ඔබට තේරුම් යාවි.පසු කලෙක කළ ගායනයක් මෙහි ඉදිරිපත් කර ඇතත්, එහි සංගීතය ගැන මගේ නම් ප්‍රසාදයක් නැත.


පොඩි කාලේ ඉඳ
දුටු සහිනේ අද
බොරුවී මගේ විනෝද හද ඇයි
කෑලි කැඩී සුණුවිසුණු වුණේ //

ප්‍රේම සුවය පිට ජීවිතයම මට
රෝස මලක් ලෙස දැනුණා
දවස දවස නිති
රෝස කැකුළෙ පෙති
ඇරිලා ඒ මල පිපුණා
දෙවියනේ මල දැන් පරවී වැටුණා

ලියලා ගිය වැල
සිඳලා එහි මුල
දැම්මෙ අහෝ කෙසේද කවුරුද
මාගෙ පැතුම අද සුළඟෙ ගියා

ලේ කිරි සපයන සොඳුරු බැටළු දෙන
වාගේ මා සැප වින්දා
පසුව ඇගේ ගුණ නොදැන නසාලන
රකුසෙකු සේ ගෙල සින්දා
දෙවියනේ මාගේ පෙම් හද බින්දා

කණකර අභරණ
විකුණුවෙ බැරි තැන
ඉන්නයි කෙසේ හො ප්‍රාණෙ රැකගෙන
ඒක පවා මට නැතුව ගියා

වෙන තරුණියො අද
නටති ප්‍රේම පද
මට අහො නටන්න වී තිබෙන්නේ
ඒ මසුරාගේ තාලෙටදෝ

පොඩි කාලේ ඉඳ
දුටු සහිනේ අද
බොරුවී මගේ විනෝද හද ඇයි
කෑලි කැඩී සුණුවිසුණු වුණේ

හින්දි ගීයේ පද

Man dole, mera tan dole
Mere dil ka gaya karaar re
Ye kaun bajaaye baasuriyaan

Madhur madhur sapanon men dekhi maine raah naweli
Tod chali main laaj ka pahara jaane kahaan akeli
Chali main jaane kahaan akeli
Ras ghole, dhun yun bole, jaise thhndi pade puhaar re
Ye kaun bajaaye baasuriyaan

Kadam kadam par rng sunahara ye kis ne bikharaaya
Naagan ka man bas karane ye kaun sapera aya
Ye kaun sapera aya
Pag dole, dil yun bole, tera ho ke raha shikaar re
Ye kaun bajaaye baasuriyaan

(मन डोले मेरा तन डोले   
 मेरे दिल का गया करार रे
 ये कौन बजाये बांसुरिया ) - २
 मधुर मधुर सपनों में देखी मैने राह नवेली
 छोड़ चली मैं लाज का पहरा जाने कहाँ अकेली
 चली रे मैं जाने कहाँ अकेली
 रस घोले धुन यूँ बोले
 जैसे ठंडी पड़े फुहार रे
 ये कौन बजाये बांसुरिया

 मन डोले मेरा तन डोले  ...
 
 कदम कदम पर रंग सुनहरा ये किसने बिखराया
 नागन का मन बस करने ये कौन सपेरा आया
 न जाने कौन सपेरा आया
 पग डोले दिल यूँ बोले
 तेरा होके रहा शिकार रे
 ये कौन बजाये बांसुरिया

 मन डोले मेरा तन डोले   
 मेरे दिल का गया करार रे
 ये कौन बजाये बांसुरिया

Singer : Lata Mangeshkar
Lyricist : Rajinder Krishan
Music & Composed By : Hemant Kumar
Movie : Nagin (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podi Kale Ida Song Lyrics - පොඩි කාලේ ඉඳ ගීතයේ පද පෙළ Podi Kale Ida Song Lyrics - පොඩි කාලේ ඉඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2022 Rating: 5

0 comments:

Post a Comment