Oba Adare Ma Kere Nam Song Lyrics - ඔබ ආදරේ මා කෙරේ නම් ගීතයේ පද පෙළ

Oba Adare Ma Kere Nam Song Lyrics - ඔබ ආදරේ මා කෙරේ නම් ගීතයේ පද පෙළ
Song Title : Oba Adare Ma Kere Nam (ඔබ ආදරේ මා කෙරේ නම්)
ගායනය : රෝයි පීරිස්
තනුව : රෝයි පීරිස්
ගී පද : රෝයි පීරිස්


ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා

වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ
ඔබ මාගෙ සුරතේ වෙලී
සුදු පාට දිය රැල්ල නැග එද්දි හසරැල්ල
පාලා මගේ ගත වෙලී
හැමදාම මට කීව ඒ පෙම් කතාවන්
ගොළු වී ගියා සේ දැනේ
මහදේ සුසුම් යා වුණී

ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා

සිතුවාද වෙන් වෙන්න වෙනතක් අරන් යන්න
කම් නෑ ඔබේ සතුට නම්
මනමාලියක් වීල යන දාට හිනැහීල
සොයුරෙක් ලෙසින් මා සිතන්
දැකගන්න ඉඩදෙන්න මාගේ නෙතින්
ඔය මූණ සැරයක් ඉතින්
සුපතන්න හෝ මා සිතින්

ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Adare Ma Kere Nam Song Lyrics - ඔබ ආදරේ මා කෙරේ නම් ගීතයේ පද පෙළ Oba Adare Ma Kere Nam Song Lyrics - ඔබ ආදරේ මා කෙරේ නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment