Nil Guwan Gabe Dile Song Lyrics - නිල් ගුවන් ගැබේ දිලේ ගීතයේ පද පෙළ

Nil Guwan Gabe Dile Song Lyrics - නිල් ගුවන් ගැබේ දිලේ ගීතයේ පද පෙළ
Song Title : Nil Guwan Gabe Dile (නිල් ගුවන් ගැබේ දිලේ)
ගායනය : මර්වින් පෙරේරා
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


නිල් ගුවන් ගැබේ දිලේ අනන්ත තාරකා
නෙත් කැළුම් මවා ඔබේ මුවේ
මල් පවන් මඟේ ගෙනේ වසන්ත ගීතිකා
මල් සිනා නඟන්න රූපිකා

පාළු ජීවිතේ මේ පාළු මාවතේ
සෝ තැවුල් දිදී නැගෙන්නෙපා
වේදනා සුසුම් හදේ රැඳෙන්නෙපා
පෙම් සිනා නගන්න රූපිකා

නිල් ගුවන් ගැබේ දිලේ අනන්ත තාරකා
නෙත් කැළුම් මවා ඔබේ මුවේ
මල් පවන් මඟේ ගෙනේ වසන්ත ගීතිකා
මල් සිනා නඟන්න රූපිකා

මේ මනෝ ලොවේ මේ ප්‍රේම රාජයේ
ස්වර්ණ වර්ණ හංස දේවිකා
වාසනා පැතුම් පහන් නෙතින් දරා
පෙම් සිනා නගන්න රූපිකා

නිල් ගුවන් ගැබේ දිලේ අනන්ත තාරකා
නෙත් කැළුම් මවා ඔබේ මුවේ
මල් පවන් මඟේ ගෙනේ වසන්ත ගීතිකා
මල් සිනා නඟන්න රූපිකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Guwan Gabe Dile Song Lyrics - නිල් ගුවන් ගැබේ දිලේ ගීතයේ පද පෙළ Nil Guwan Gabe Dile Song Lyrics - නිල් ගුවන් ගැබේ දිලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment