බට නලා මෝහිණී (Mohini)

බට නලා මෝහිණී (Mohini) - Your Choice Way

මළ හිරු බැස යන ගොම්මන් යාමේ අවට පරිසරයෙහි තිබූ පාලු හඬ මකමින් ගුරු පාර දිගේ නවීන පන්නයේ යතුරු පැදියකින් ඉදිරියට ඇදුනේ අකිල විය .
අම්මේ ..........
අම්මේ ...........
" මං මේ මාලු ටිකක් අරන් ආවා රෑට හදලා ගන්න තාත්තා එන්න ටිකක් රෑ වෙයි කිව්වා .........

" එහෙනම් අදත් බී ගෙන එයි .ඉඳහංකො මේ කපාගත්තු දර ටික අඩුක් කරල මං උයලා ගන්නම් රෑට වහී වගේ බං උඹ නාගෙන කරගෙන වරෙන්කො ......

එසේ පැවසූ අකිලගේ මව නන්දාවතී ය .අකිල යනු පවුලේ බඩ පිස්සා විය .තමා ගේ අධ්‍යාපනය පසුව .පොඩි පොඩි බිස්නස් වැඩ කර ගෙන අම්මා තාත්තා සමඟින් නිවසට වී කාලය ගත කිරීම ඔහුගේ ආශාව විය ...

අකිල දැන් අවුරුදු 23 ක පමණ කඩවසම් ඉලන්දාරියෙක් ගමෙ කොල්ලෝ කුරුට්ටෝ අතරේ සෑම වැඩකටම වගේ ප්‍රමුඛත්වය ගත්තෙ ඔහුය .මුළු ගමේ ම හොඳ නමක් දිනා සිටි අකිලට .ගමේ සැවොම ගේ ආදරේ කරුණාව හිමි විය . අකිලගේ සහජ දක්ෂතා ගොඩක් විය ඒ අතරින් බටනළා නාදය කිරිම ඔහුට හරි අපූරුවට උපතින්ම පිහිටා තිබුණි .ඔහු තරම් ලස්සනට බටනලා වාදකයකු සොයා ගැනීමට නොමැති තරම් ය. නිදහසක් ලැබෙන ඕනෑම වෙලාවක බට නලා වාදනය කිරීමට ඔහු පුරුදුක් වී තිබිණි.

පොඩි එකෝ.......
පොඩි එකෝ..........
" ටිකක් මෙහාට වරෙන් මේ බලපං මේක හොඳද කියලා එසේ පැවසූ කුමාර කුමාර යනු අකිලගේ පියා විය. අකිල ට පෙන්නුවේ අලුත්ම ලස්සන බටනළාව කි .
" බලහන් මං මේක උඹට මයි කියලා ගත්තේ .මට අද වැල්ලේදී සුද්දෙක් හම්බ උනා වුණා ඌ ගාව තිබ්බ නලාව ඕක දැක්කම ආස හිතුනා උඹ ඉතින් කොහොමත් දක්ෂයා බට නලා පිබින්න ඒක නිසා සුද්දගෙන් මම මේක ගත්තා ඉඳා උඹ තියා ගනින්. එසේ පවසමින් කුමාර නිවසට ගොඩ විය ...

එ දින ඉරිදා දිනයක් විය අකිල 9 පමණ වන තුරු නින්දට වැටුනි .එක්වරම අකිලගේ දුරකථන නාද විය
හලෝ ...... මචං අකිල පැතුම් රට ඉදන් ඇවිත් බං අද හවස වූ පාටියක් දෙනවා කිව්වා .උබත් වරෙන් දෙකට විතර අපේ ගෙවල් පැත්තෙ .පොඩි ෆන් එකක් ගමු ..ඕකේ එහෙනම් මං තිබ්බා .

පැතුම් ගැන පවසා සිටියේ අකිලගෙ හොඳම මිතුරෙක් වෙන කුසල් ය පැතුම් මීට අවුරුදු තුනකට පමණක් ඉහත දී රට ගිය අතර ඔහුගේ මේ පැමිණීම එය ඔහුගේ යහළුවන්ට සතර මහා නිධාන පහළ වූවා වගේ .

එදින දවල් වන විට අකිල කුසල් ගේ නිවස වෙත ගොස් තිබිණි .හුඟ කලකින් හමු වූ පැතුම් සමගින් ආ ගිය තොරතුරු කතා කරපු ඔවුන් .මත් පැන් බොමින් සිංදු කියමින් සවස් වෙන තුරුම සාදය තිබිණි . සවස 5.30 පමණ වන විට පටිය හමාර වී අකිල .නැවතත් නිවස කරා පැමිණිනි .

අඩ සිහියෙන් නිවසට පැමිණි අකිල පුටුවට වී ඇල වී සිටියේ ය .එකවර මොහුට කුමක් හෝ මතක් විය .තම පියා දුන් බටනලාව ඔහුට මතක් විය .තම කාමරයෙන් එය අතට ගත් ඔහු .බටනළාවක් රැගෙන තම වත්ත පහළින් ඇති ගල් පොත්ත දෙසට යන්නට විය .

" පොඩි .......කොහෙදෝ යන්නේ මේ කළුවර වැටෙන්න ඔන්න මෙන්න .අදත් යනවා බටනලා පින්න .අනේ මන්ද උඹ නං කවදා හැදෙයිද.මං හැමදාම කියනවා යක්කු ගස් නගින වෙලාවේ ඔය මගුල පිබින්න එපා කියලා .කෝ ඉතිං උඹ කනකටවත් ගන් නෑනේ උඹ ඕන දෙයක් කරගනින්

අම්මාගේ මේ කියමන අකිලට කටපාඩම් විය කිමද අකිල සෑම දිනකම සවස් යාමේ ගල්පොත්ත වී බට නලා පිඹීම පුරුදු වී සිටී නිසාවෙනි . අකිලගේ වත්ත පහළ ඇත්තේ කැලෑවකී කැලෑවට ඔබ්බෙන් ඇත්තේ මිනී කනත්තක් විය . සුපුරුදු පරිදි ගල්පොත්තට වී බට නලාව පිඹින්නට පටන් ගත්තේ සවස් වී තිබුණි .ටික වෙලාවක් බටනලාව පිඹින විට එක් වරම ඔහුට පා සළඹ සද්දයක් ඔහුට ඇසුණි. කවුරුන් හෝ තාලයකට අඩිය තබමින් ඇවිදිනවා වැනි පා සලඹ සද්දයක් ඔහුට ඇසුණි . බට නලා නාදය නතර කරපු ඔහු .වටපිට බැලුව ද.කිසිම දෙයක් දැක ගැනීමට නො හැකි විය.පා සළඹ ශබ්දය ද අතුරුදහන් විය.සිතට මොකක්දෝ අමුත්තක් දැනුනු අකිල බට නලා නාදය නතර කර නිවස වෙත පියමං කෙරිණි .ඔහු යන දෙස කැලෑ රොදට වී බලාසිටි බියකරු ඇස් දෙක.අකිල නොදුටුවේ ය .

පසු දින පාන්දර ම අවදි වූ අකිලට .හිසේ අමාරුවක් සෑදී තිබුණි . එය නො සලකා ඔහු ඉක්මනින් මුහුණ කට සෝදා හැඳ පැලඳ ගත් අකිල තම රාජකාරිය සඳහා පිටත් විය නමුදු තමා පෙර දින මුහුණදුන් සිදුවීම් අකිල ගේ සිත යට හොල්මං කරන්නට විය .එය කුමක්ද කියා හරියටම දැන ගැනීමට ඔහුට ලොකු වුවමනාව තිබුණි .කල්තියා ම ගෙදර පැමිණි ඔහු නා කියා ගෙන බටනලා වත් රැගෙන නැවතත් ගල් පොත දෙසට ගමන් කළේය සවස 5 ට පමණ විය .පැයක් පමණ බටනළා වාදනය කළ ද ඔහුට කිසිම දෙයක් ඇසීමට නොහැකි විය.පෙර දින සිදු වූ සිදුවීම තමාගේ සිතේ ඇඳුණු මායාවක්වක් යැයි කියා සිතූ ඔහු .තව පැය බාගයක් පමණ බටනලා වාදනය කරන්නට විය.පුදුමයකි නැවතත් පා සලම සද්දෙ ඇසුණි .එය තමා ඉදිරියෙන් ම ඇසෙන්නට විය .අකිල නොනවත්වා වාදනය කරන්නට විය .ඒ කිමද .මේ ශබ්දය කුමක්ද කියා ඔහුට දැනගැනීමට තිබෙන උවමනාව නිසාවෙනි .මද වේලාවකින් ඔහු ඉදිරියේ කවුරුන් හෝ නටන අයුරින් පා සළඹ සෙළවෙන ශබ්දය ඔහුට ඇසුණි .කැලෑ රොද අතරින් කවුරුන් හෝ කෙනෙක් ඉදිරියට පැමිණෙයි ඔය රතුම රතු පාට සාරියක් ඇඳගෙන ලස්සන ඇස් . දිග කොන්ඩෙ ලස්සනට පාද තබමින් ඔහු ඉදිරියේ නටයි .අකිලගේ දෑස් දෑස් අදහා ගැනීමට නොහැකි විය.මනා රූ රූ සපුවකින් යුත් ලස්සනම ලස්සන කාන්තාවක් තම බටනලා නාදයට ලස්සනට නටන අයුරු ඔහුට දිස් විය බලු බල්ලමට ඔනි කෙනෙක් වශි වෙන ලස්සනක්.සුරන්ගනවියක් වගේ.පියකරුයී.අකිල දිගටම නොවනත්වා වදනය කරන්නට විය.

චටාස් .......... අකිලගේ කරට කවුරුන් හෝ පහර දුනි .

පොඩි ............ මෙහෙ වරෙන් යන්න දන් පුරුද්දකට වෙලා හැමදාම බට නළා පිඹින්න ගොම්මං වේලාවේ.

එසේ පවසමින් නන්දාවතී අකිලව ගේ ඇතුළට රැගෙන ගියේ ය . නන්දාවතී දෙස වියරුවෙන් බලා ඉන්නා අකිල දැස් නන්දාවතී නොදුටුවේ කරුවල වැටී තිබුන හෙයින්ය
කාලේ සෙමින් සෙමින් ගෙ වෙන්නට විය .අකිලගේ හැසිරීම් රටාව වෙනස් විය.ඔහුට එක එක විකාර රූප දිස් වෙයි .ගල්පොත්තේ දෙස ඉදගෙන තමා දෙස බලා ඉන්න ලස්සන කාන්තාව ගේ රූපය ඔහුට නිතරම දිස් විය. ඔහු කාට හෝ අවනත වී ඇති බව ඔහුට තෙරුණි .සෑමදාම සවස ගල්පොත්තට වී.බට නලා නාද කෙරුණි එම සෑම දිනක ම පා සලබ දාගත්තු කාන්තාව ඔහු ඉදිරියෙන් නටයි .අකිල කෙට්ටු විය ලස්සන නැති ව ගියේ ය .දුවලා පැනලාකඩියා වගේ හිටපු කොල්ල කාත් එක්ක වත් කතා නොකර බටනලා සමගම කාලය ගත කරයි තමා ගේ බාලම දරුවාගේ වෙනස නන්දාවතී ට වැටුහුනි. නමුත් ඊට හේතුව කුමක්ද කියා ඇයට දැන ගැනීමට නො හැකි විය .

නැන්දේ .........
ආ කොලුවෝ මොකද මේ පැත්තේ .....
" අනේ නැන්දේ ඉස්කෝලේ වැඩකට මට පොඩි උදව්වක් කරන්නකෝ ....
මොකක්ද කොලුවෝ .
මට අයියගෙ බටනලාවක් දෙන්නකෝ .....

ආ .....ඒක ද .අයිය වැඩට ගියා කාමරේ ඇති උඹ අරන් පලයන් ........
කාමරේට ගොඩ වූ විමල් අකිල මේසය උඩ තබා තිබූ . කුමාර ගෙනත් දුන් බටනළාව රැගෙන ගියේ ය

ගත වූයේ නිමේෂයකි ඊ ගහක වේගයෙන් තම බයික් ගේ නිවසට පැමිණි අකිල .කාමරය පුරා මොනවා හරි සොයන්නට විය
අම්මා ........... කෝ මගේ බටනළාව .
" ආ ඔන්න නලාවක් විමල් කොල්ලා ගියා

අකිල දෑස් රතු වෙන්නට විය .බයික් එකට නැග්ගත් ඔහු වේගයෙන් විමල්ගේ නිවසට ගොස් බටනළාව රැගෙන නැවත පැමිණියේ ය .අකිලගේ හැසිරීම දුටු නන්දාවතී ද ඉතාමත්ම බිය විය . කොහොම කොලුවා දන්නෙ බට නලව නෑ කියල .මොන විකර දෙවල් ද මේ සිද්ද වෙන්නේ ඇයට සිතා ගැනිමට නොහකි විය. වෙලාව මධ්‍යහන 12.10 ට පමණ ඇති .බටනළාව රැගෙන අකිල ගල් පොත්තට වී බටනලා වාදනය කරන්න විය .නැවතත් අරූමත් කාන්තාව වෙනදා පරිදි ඔහුගේ ඉදිරියෙන් නටන්නට විය . ඇයගේ රූපය නිසා වෙන් අකිල ඇයට වශී වී තිබිණි .තම පුතාට සිදුවී ඇති අකරතැබ්බිය තේරුම්ගත් නන්දා වෙති හොරෙන් ඔහු දෙස බලා සිටිමි නලා පිබිනවට අමතරව තවත් කවුරුන් හෝ අකිල සමග සිටින බව අකිලගේ හැසිරීම් රටාවෙන් නන්දාවතීට අවබෝධ විය .තම කොලුවට කුමක් හෝ දිෂ්ටියක් වැටී ඇති බව වටහාගත් නන්දාවතී .......
පන්සලේ හාමුදුරුවන්ට දන්නවා තමාට උපකාරී වෙන ලෙස ඉල්ලා සිටියේය.

හවස් යාමේ නිවසට වැඩම කරපු හාමුදුරුවන් දුටු අකිල වෙව්ලන්නට විය ගැහෙන්නට විය. නො තේරෙන භාෂාවකින් මොනවාදෝ මුමුණන්නට විය .සිදු වී ඇති දේ තේරුම් ගත් හාමුදුරුවන් නූල් ජප කරන්නට විය ....

උපාසක අම්මා කොලුවට ඉතාමත් බලවත් ආත්මයක බැල්ම වැටිලා ......
කොලුවාගේ බටනලා වාදනයට තමා ඇවිත් තියෙන්නේ.......
ඒකි හදල තියෙන්නෙ කොහොම හරි කොලුවා ඒකිගේ ලෝකෙට අරන් යන්න..
කොලුවාගේ වෙලාව හොඳයි. පෝය පහු උනා නම් උඹලට කොලුවෙක් නෑ කියලා හිතා ගන්න තිබුණේ .....

මන් දැන් ආරක්ෂාවත් දාලා තියෙන්නේ .මේ පැන් ටික වත්ත හතර කොන ඉහින්න. කොලුවව මාසයක් විතර යනකම් හැමදාම හවසට පන්සල පැත්තේ එකන් එන්න .ආයෙත් හැන්දෑ වරුවේ බටනළාව පිඹින්න දෙන්න එපා.....

එසේ පැවසූ "සුද්දා ස්ති" හාමුදුරුවන් .පිට විය ...

" මං කිව්වා මුට බටනලා පිබින්න එපා කියලා අනිවාර්යයෙන් කතා දෙකක් නෑ මොහිනී වෙන්න අති .අම්මො මෙකා දෙවියන්ගෙ පිහිටෙන් තමයි බෙරුනේ.

කාලය අවුරුදු දෙකක් පමණ ගෙවී ගියේ ය .අකිල නැවතත් නිකරුනේ බටනලා වාදන කිරීමට ගියේ නැත .තමා මුහුණ දුන් සිදු වීම ඔහුගේ සිත තුල තවමත් රැඳී තිබේ . ඔහුට නැවත කිසිදු දිනක එම කාන්තාව දිස් නොවීය .
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බට නලා මෝහිණී (Mohini) බට නලා මෝහිණී (Mohini) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2022 Rating: 5

0 comments:

Post a Comment