Mathakai Amme Song Lyrics - මතකයි අම්මේ ගීතයේ පද පෙළ

Mathakai Amme Song Lyrics - මතකයි අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Mathakai Amme (මතකයි අම්මේ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා
මුල් ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස්


ලේ කිරි කරලා ඔබ මට පෙව්වා
මා පොඩි දරුවා එය රස කර බිව්වා
රෑ දහවල් ඔබ නොනිදා උන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ

මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

තුරුලු කරන් මා සැනසුම සෙව්වේ
නැලවිලි ගී කියලා මා සැනසෙව්වේ
බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ
දොයිය බබෝ දොයි කියමින් මාව නැලෙව්වේ

මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

පුතේ නුඹේ අම්මා කිරට ගියාලු
කිරි මුට්ටිය ඇගේ ගඟේ ගියාලු
ගඟට උඩින් සුදු කොක්කු ගියාලු
කට දෙපැතින් කිරි ගලා ගියාලු

මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakai Amme Song Lyrics - මතකයි අම්මේ ගීතයේ පද පෙළ Mathakai Amme Song Lyrics - මතකයි අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2022 Rating: 5

0 comments:

Post a Comment