නිවර්තන සුළි කුණාටු ගැන දැනගනිමු (Let's Learn About Tropical Cyclones)

නිවර්තන සුළි කුණාටු ගැන දැනගනිමු (Let's Learn About Tropical Cyclones) - Your Choice Way

නිවර්තන සුළි කුණාටුවක් යනු අඩුපීඩන මධ්‍යයක් සහිත ගිගිරුම් සහිත, දැඩි සුළං හා ජල ගැලීමවල් ඇති කරණ කුණාටු පද්ධතියකි. තෙත් වායුධාරා ඉහළට ගමන් කිරීමෙන් තාපය පිටවේ. ඒ හේතුවෙන් තෙත් වායූ ධාරාවේ ඇති ජලවාෂ්ප ඝනීභවණය වී නිවර්තන කුණාටු හටගනී. Noreaster යුරෝපීය සුළං කුණාටු සහ ධ්‍රැව කුණාටු වැනි උණුසුම් මාධයක් ඇති වෙනත් සුළිකුණාටු මෙන් නොව මෙම කුණාටු වර්ගය වර්ධනයට විවිධ තාප ක්‍රියාවළි උපකාරී වේ.

නිවර්තන වැහි කුණාටු...
පෘථිවියේ නිවර්තන ප්‍රදේශයෙන් හටගැනීම හා වෙරළාශ්‍රිත නිවර්තන වායු ස්කන්ධ වලින් හට ගැනීම යන හේතු දෙක පදනම් කරගෙන මෙම කුණාටු විශේෂය හැඳින්වීමට " නිවර්තන" යන විශේෂණය යෙදී ඇත.

වාසුළි යන නම භාවිතාකරන්නේ උතුරු අර්ධ ගෝලයේදී වාමාවර්ත භ්‍රමණයකුත් දකුණු අර්ධගෝලයේදී දක්ෂිණාවර්ත භ්‍රමණයකුත් පෙන්නුම් කරන චණ්ඩ කුණාටු වලටය. මේවා හටගන්නා ස්ථානය හා එහි ශක්තිය අනුව කුණාටු හැඳින්වීමට විවිධ නම් යෙදේ. උදා:- සැඩ කුණාටු (හරිකේනී) ටයිපුන්, නිවර්තන කුණාටු, සයික්ලෝන් කුණාටු, නිවර්තන අවපීඩන.

නිවර්තන කුණාටු වලට අධික බලයක් සහිත සුළං හා අධික වර්ෂාපතනයක් ඇති කළ හැකිය. එසේම උසින් වැඩි මුහුදු ‍රැළි හා හානිකර දියවැල් ද ඇති කිරීමටද හැකිය. මෙම කුණාටු විශාල උණුසුම් ජලස්කන්ධ වලින් හටගන්නා අතර ගොඩබිම දෙසට චලනය වීමේදී එහි ශක්තිය ක්‍රමයෙන් හීන වේ. එමනිසා කුණාටුවලින් වැඩි වශයෙන්අලාභ හානි සිදුවන්නේ වෙරලාශ්‍රීත ප්‍රදේශවලටය. රට අභ්‍යන්තරයට අධික සුළඟක් පමණක් ලැබී සාපේක්ව ආරක්ෂිත තත්වයක් ඇතිවිය හැක. එහෙත් අධික වර්ෂාපතනය හේතුවෙන් රට ඇතුළත ප්‍රදේශ වලට ගංවතුර තත්වය ඇතිවිය හැකිය. එසේම කුණාටු‍වෙන් ඇතිවන උස් රළ වෙරළ තීරයෙන් 4km පමණ දුරින් පිහිටි ප්‍රදේශ වලට අධික ජල ගැලීම් ඇති කිරීමට හේතුවේ. කුණාටු මිනිසාට හානිකර අයුරින් බලපෑවද නිවර්තන කුණාටු මඟින් නියඟ තත්වය පහකෙරේ. තාපය හා ශක්තිය නිවර්තන ප්‍රදේශවලින් ඉවතට ගෙන සෞම්‍ය දේශගුණික දේශාංශ වලට රැගෙන යාම නිසා ගෝලීය වායුගෝලීය සංචරණ ක්‍රියාවලියේදී කුණාටුවලින් වැදගත් කාර්යයක් ඉටු කෙරේ. ඒ අනුව නිවර්තන කුණාටු පෘථිවි පරිවර්තී ගෝලයේ සමතුලිතය පවත්වාගෙන යාමට උපකාරී වේ. සමහරක් නිවර්තන කුණාටු නිවර්තන ලක්ෂණ ලබා ගැනීමෙන්ද ඇතිවේ. මෙසේ හටගත් පද්ධතිය පරිවර්තී ගෝලයේ සුළං මඟින් චලනය වේ. වායුගෝලීය තත්ව සුදුසු ආකාරයෙන් දිගටම පැවතුනහොත් අවපීඩන තත්ව වර්ධනය වීමෙන් එය වාසුළි බවට පත්විය හැක. අනෙක් අන්තයෙන් සලකා බැලු විට වායූ ගෝලයේ තත්වය දුර්වල වනවිට පද්ධතිය දුර්වලවී එය විසිරීමකට ලක්වේ.

නිවර්තන කලාපීය වාසුළියක නිර්මාණය ආකාරය....
කෝරියෝලිස් බලවේගය අවම අගයට වඩා තිබීම අවශ්‍ය වේ. එබැවින් කෝරියෝලිස් බලවේගය 0 වශයෙන් වාර්තා වන සමකයේ සිට උතුරු දෙසට සහ දකුණු දෙසට අක්ෂාංශ අංශක 50 ක කලාපය තුළ මෙම වාසුළි ඇති නොවේ. වාසුළි උපත ලබන්නේ උතුරු සහ දකුණු අක්ෂාංශ අංශක 5 - 20 අතර කලාපය තුළය.

වාසුළි නිර්මාණය සඳහා විශාල උණුසුම් සාගර ජලතල තිබීම අවශ්‍ය වන අතර ගොඩබිමට සාපේකෂව ජල තලයේ උණුසුම වැඩිවිය යුතුය. නිවර්තන වාසුළියක් නිර්මාණය වීම සඳහා සෙන්ටිග්රේට් 270 ක අවම උණුසුමක් අවශ්‍යය වේ.

වාතය පිට කිරීමක් හෝ ඇතුල් කිරීමක් නොවන ස්ථායි තත්වයක් තිබීම ද අත්‍යවශ්‍ය වේ.

ආර්ද්‍රතා වාතස්කන්ධ වේ. එම වාත ස්කන්ධ කිලෝමීටර් 12 ක් පමණ උසට ගමන් කළ යුතුය. එහිදී සිදුවන ඝනීකරණ ක්‍රියාවලියෙන් ඉවත් වෙන ගුප්ත තාපය වාසුළියකට රුකුළක් වන අතර වාතස්කන්ධ තව දුරටත් ඉහළ නැගීමට ඉවහල් වේ.

ඝර්ෂණ බලවේගය අවම තත්වයක තිබීම අවශ්‍යය වේ.

වේගවත් ලෙස හමන සුළං ධාරා තිබීම අවශ්‍ය වේ.

වාසුළි නිර්මාණයට නම් පහළ වායුගෝලීය මට්ටමේ දී සුළං අභිසරණයද, ඉහළ වායුගෝලීය මට්ටමේ දී සුළං අපසරණය ද සිදුවිය යුතුය.

නිවර්තන වාසුළියක ව්‍යුහය, ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්වය....

නිවර්තන වාසුළියක ක්‍රියාකාරිත්වය....
නිවර්තන වාසුළියක සංසරණ ක්‍රියාවලියට තිරස් දීශාවට කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1000 ක් දක්වාද, සිරස් දීශාවට මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 15 ක් දක්වාද විහිදියයි. උතුරු අර්ධ ගෝලයේදී සුළං වමාවර්ථව භ්‍රමණය වන අතර දකුණු අර්ධ ගෝලයේදී දක්ෂිණාවර්ථව භ්‍රමණය වේ. හොඳින් වර්ධනය වු වාසුළියක කේන්ද්‍ර ඇස ලෙස හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ සිට අරය කිලෝමීටර් 5 - 50 දක්වා වු වර්ග ප්‍රමාණයක පැතිර ඇත. එය වැසි රහිත වළාකුළු වලින් තොරවු පැහැදිලි කාළගුණයක් පවතින වෘත්තාකාර ප්‍රදේශයකි. ඇස තුළ 960 mb තරම් ඉතාමත් අඩු පීඩනයක් පවති. කිලෝමීටර් 15 - 18 ක් තරම් උසු වු සහ කිලෝමීටර් 10 - 15 ත් අතර පළල් වු ඝන වෘත්තාකාර වළා පවුරකින් ඇස වටවී ඇති අතර ඉතා තද වර්ෂාපතනයක් සහ දැඩි සුළං පවතින අයහපත් කාළගුණයක් යුතු ප්‍රදේශයකි.

නිවර්තන වාසුළියක් ප්‍රමාණයෙන් කිලෝමීටර් 600 ක් පමණ අර්ධ විශ්කම්භයෙන් යුක්ත වන අතර බොහෝවිට සිරස් දීශාවට කිලෝමීටර් 6 ක් පමණ ඉහළ මට්ටමක් දක්වා විහිදෙයි. එවන් වාසුළියක ජනිත වන චාලක ශක්තිය තප්පරයට අර්ගස් {\displaystyle 15x10^{1}8}{\displaystyle 15x10^{1}8} පමණ වන අතර මෙය දිනකට කීලෝවොට් 0.36 x 09(10) ක් පමණ වේ. නිවර්තන වාසුළි වල ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ අදහස් පලකර තිබේ. ඒ අතර, බෙංගාල බොක්කේ වාර්ෂිකව කුණාටු සහ අවපාත යන සංසීද්ධීන් 13ක් පමණ සිදුවන නමුත් වාසුළි ඇතිවීම විරලය. එනම් 1900 - 1980 දක්වා කාල පරිච්ඡේදය තුළ මෙම කලාපයේ උපත ලද වාසුළි සංඛ්‍යාව 25 ක් තරම් විශාල අගයක් වේ. මේ හේතුවෙන් මෙම වාසුළි ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවට ද බලපෑම් ඇති කරන ලදී.

නිවර්තන වාසුළියක ගමන්මග....
නිවර්තව වාසුළියක් තම ජීවිත කාලය තුළ එකම ස්ථානයක රැදී නොසිට ගමනේ යෙදෙයි. උතුරු අර්ධ ගෝලයේ වර්ධනය වන නිවර්තන වාසුළියක් බටහිර හෝ වයඹ දීශාවට ගමන් කිරීමට පෙළඹවීමට හේතුව වනුයේ පෘතුවියේ භ්‍රමණයයි. මෙය දක්ෂිණා අර්ධ ගෝලයේදී බටහිරට හෝ නිරිත දිගට ගමන් කිරීම සිදුවේ. ගමනේ යෙදෙන නිවර්තන වාසුළි උතුරු අර්ධ ගෝලයේ දී වමාවර්ථව ද දකුණු අර්ධ ගෝලයේදී දක්ෂිණාවර්ථව ද ගමන් කරයි.

වාසුළියක ප්‍රබලත්වය ගොඩබිමක් තුළදී ක්‍රමයෙන් හීනවන අතර නැවත විශාල ජල කඳක් වෙත ගමන් කිරීමට අවස්ථාව ලද හොත් නැවත ප්‍රබලව වර්ධනය වීම ආරම්භ වේ.

නිවර්තන වාසුළියක් උපත ලබන කලාප...
උතුරු සහ දකුණු අක්ෂාංශ අංශක 8ත් 15ත් අතර නිවර්තන වාසුළි උපත ලබන ප්‍රධාන කලාප 07 ක් හඳුනාගෙන ඇත.
උතුරු පැසිෆික් සාගරයේ බටහිර කලාපය
උතුරු පැසිෆික් සාගරයේ නැගෙනහිර කලාපය
නිරිතදිග පැසිෆික් සාගර කලාපය
උතුරු ඉන්දියානු සාගර කලාපය
උතුරු අත්ලාන්තික් සාගර කලාපය
නිරිතදිග ඉන්දියානු සාගර කලාපය
ගිණිකොණ ඉන්දියානු සාගර කලාපය

ශ්‍රී ලංකාව අයත් වන්නේ උතුරු ඉන්දියානු සාගර කලාපයටයි. අරාබි මුහුදෙන් සහ ඛෙංගාල බොක්කෙන් වාසුළි ශ්‍රී ලංකාව හරහා හමායයි. ඛෙංගාල බොක්ක ආශ්‍රිත වාසුළි 5 - 6 වාර්ෂිකව ඇතිවේ.

වාසුළි පිළිබඳ නිරුක්තීන් හෙවත් ප්‍රදේශීය නාම....
සමස්තයක් වශයෙන් ගත්විට නිවර්තන වාසුළි විවිධ කලාප වලට බලපායි. ඒ හේතුවෙන් විවිධ කලාපවල විවිධ නම් භාවිත කරයි.
විවිධ කලාපවල වාසුළි වල ව්‍යවහාරික නම්
ප්‍රදේශීය...නම්...කලාපය...
හරිකේන්...
උතුරු අත්ලාන්තික සාගරය (ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය
උතුරු පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාවය නැගෙනහිරින් ඇති කලාපය
දකුණු පැසිෆික් සාගරයේ නැගෙනහිර අක්ෂාංශ අංශක 160 ට
ටයිපූන්...
වයඹදිග පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාවට බටහිර කලාපය
චීන මුහුද
චණ්ඩ නිවර්තන වාසුළි ...
නිරිතදිග පැසිෆික් සාගරයේ නැගෙනහිර අක්ෂාංශ අංශක 160 ට බටහිර කලාපය හා ගිණිකොණදිග
ඉන්දියානු සාගර කලාපය
නිවර්තන වාසුළි...
නිරිතදිග ඉන්දියානු සාගරය
ශ්‍රී ලංකාව
චණ්ඩ වාසුළි කුණාටු.....
උතුරු ඉන්දියානු සාගරය
විලිවිලි.....
උතුරු ඉන්දියානු සාගර
වුතාන්...
උතුරු ඕස්ට්‍රේලියාව
බැගියෝස් 
පිලිපින දුපත්
මුලාශ්‍රය : 1997 (ජුනි), "භූගෝල විද්‍ය තොරතුරු කලාපය", කොළඹ විශ්ව විද්‍යාලය....

ශ්‍රී ලංකාවට බලපෑ නිවර්තන වාසුළි.....
වාසුළි කුණාටු අතුරින් ඉතාමත්ම බලවත් සහ විනාශකාරී කාළගුණ පද්ධතියක් ලෙස නිවර්තන වාසුළි දැක්විය හැකියි. මේවා අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ දී හරිකේන් (Hurricane) ලෙසද, ශාන්තිකර හා ඉන්දියානු සාගර කලාපයේ දී ටයිපූන් (Typhoon) ලෙසද හඳුන්වයි. දූපත් සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට මෙම නිවර්තන වාසුළි තත්වය දැඩි ලෙසම බලපාන කාළගුණික තත්වයකි.

ඒ අනුව වෘත්තාකාර වායු සංසරණයක් පවතින අඩු පීඩන මණ්ඩල වාසුළි වශයෙන් හැඳින්වේ. උප නිවර්තන අධිපීඩන කලාප දෙක ඇතුළත පිහිටි ප්‍රදේශයේ මෙවැනි අඩු පීඩන මණ්ඩල එනම්, වාසුළි හඳුනාගත හැකි අතර ඒවා නිවර්තන කලාපීය වාසුළි වශයෙන් හැඳින්වෙන අතර මෙවැනි අඩු පීඩන සෞම්‍ය කලාපයෙන්ද හඳුනාගත හැකි වේ. එම අඩු වායු පීඩන සෞම්‍ය කලාපීය වාසුළි ලෙස නම් කරයි.

ශ්‍රි ලංකාවට බලපාන ලද වාසුළි තත්වයන්...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාසුළි ක්‍රියකාරිත්වය ගැන විමසීමේදී මුහුණපැමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ මෙතෙක් ලියවි ඇති ලිපි ලේඛන සහ ග්‍රන්ථ අඩු වීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශගුණය සහ නිවර්තන වාසුළි සම්බන්ධ කොට සාකච්ඡා කිරීමේදී මහාචාර්ය තම්බයියාපිල්ලේගේ අදහස වැදගත් කොට සැළකිය හැක.
තම්බයියාපිල්ලේ විසින් නිවර්තන වාසුළි ශ්‍රී ලංකාවට බලපානු ලබන කාල පරිච්ඡේදයන් පිළිබඳ අදහස් දක්වා තිබේ. ඔහුට අනුව ජුනි සහ අගෝස්තු මාස හැරුණු විට වසරේ ඕනෑම කාලයකදී නිවර්තන වාසුළි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය හැකිය. එසේම ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට වාසුළි වල බලපෑම ප්‍රබල බව පෙන්වාදෙන ඔහු 1884 සට 1958 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බලපෑ මුළු වාසුළි සහ අවපාත ප්‍රමාණය 99 ක් බවත්, මින් 81 ක් ඔක්තෝම්බර් මාසෙය් වාසුළි සහ අවපාත 23 ක්ද, නොවැම්බර් මාසයේ වාසුළි 21 ක්ද, දෙසැම්බර් මාසයේ දී දිවයින හරහා හෝ ආසන්නයෙන් ගමන් කොට ශ්‍රී ලංකාවේ දේශගුණය කෙරෙහි බලපා ඇති බව නිගමනය කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි පිළිබඳ දත්ත සඳහන්ව ඇත්තේ 1950 - 2000 කාල පරිච්ඡේදයට අදාලවය. 1950 - 2000 කාල පරිච්ඡේදය තුළදී වාසුළි කුණාටු 4 ක් සහ චණ්ඩ වාසුළි කුණාටු 4 ක් ශ්‍රී ලංකාව හරහා ගමන් කර තිබේ. වාසුළි උපත ලද කලාපය සහ වාසුළියේ ස්වභාවය පහත වගුවෙන් දක්වා ඇත.

1950 - 2000 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් ගන්නා ලද නිවර්තන වාසුළි උපත ලද කලාපය සහ වාසුළියේ ස්වභාවය
වර්ෂය කලාපය අක්ෂාංශ
(උතුර) දේශාංශ(නැගෙනහිර) වාසුළියේ ස්වභාවය....
1964 දෙසැම්බර් 17 - 24 බෙංගාල බොක්ක අංශක 4.9 අංශක 93.0 චණ්ඩ වාසුළි කුණාටු
1966 නොවැම්බර් 08 - 14 බෙංගාල බොක්ක අංශක 8.0 අංශක 84.0 චණ්ඩ වාසුළි කුණාටු
1967 ඔක්තෝම්බර් 20 - 21 අරාබි මුහුද අංශක 7.0 අංශක 78.5 වාසුළි කුණාටු
1967 දෙසැම්බර් 04 - 08 බෙංගාල බොක්ක අංශක 4.0 අංශක 89.0 වාසුළි කුණාටු
1978 නොවැම්බර් 17 - 24 බෙංගාල බොක්ක අංශක 6.5 අංශක 92.5 චණ්ඩ වාසුළි කුණාටු
1980 දෙසැම්බර් 12 - 17 බෙංගාල බොක්ක අංශක 10.5 අංශක 91.5 වාසුළි කුණාටු
1992 නොවැම්බර් 11 - 17 බෙංගාල බොක්ක අංශක 7.5 අංශක 87.2 චණ්ඩ වාසුළි කුණාටු
2000 දෙසැම්බර් 18 - 26 බෙංගාල බොක්ක අංශක 7.5 අංශක 90.0 චණ්ඩ වාසුළි කුණාටු
මුලාශ්‍රය : Department of Meteorology, 2001

ශ්‍රී ලංකාවට බලපෑ වාසුළි උතුරු අක්ෂාංශ අංශක 4.0 - 10.5 සහ නැගෙනහිර දේශාංශ අංශක 78.5 - 93.0 දක්වා කලාපය තුළ උපත ලබා ඇත. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් බලපා ඇත්තේ ඛෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වු වාසුළි මගිනි. සිතියමෙන් පැහැදිලි වේ. 1950 - 2000 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කළ නිවර්තන වාසුළි ක්‍රියාත්මක වු අවස්ථාවන්හිදී සුළගේ වේගය, වාසුළි ගමන් කළ දීශාව සහ අවම පීඩනය පිළිබඳ අගයන් වගුවෙහි දැක්වේ.

වාසුළි ක්‍රියාත්මක වු අවස්ථා වලදී ඇති වු උපරිම සහ අවම තත්වය......
වර්ෂය..  උපරිම සුළගේ වේගය.. අවම සුළගේ වේගය..වාසුළිගමන් කළ දිශාව
1964 දෙසැම්බර් 1961 ත්‍රිකුණාමලය 948.0 බස්නාහිර, වයඹ..
1966 නොවැම්බර් 97 මන්නාරම 999.5 (මාදම්පේ) බස්නාහිර, වයඹ...
1967 ඔක්තෝම්බර් 96 - 110 (මාදම්පේ) - ඊසාණ, නැගෙනහිර
1967 දෙසැම්බර් - 997.8 (යාපනය)
 බස්නාහිර, උතුර, වයඹ
1978 නොවැම්බර් 222 (මඩකලපුව) 957.0  බස්නාහිර, නිරිත, වයඹ
1980 දෙසැම්බර් 56 (ත්‍රිකුණාමලය) 1001.0  බස්නාහිර
1992 නොවැම්බර් 88 (කොළඹ) 998.3 (කොළඹ) බස්නාහිර, නිරිත, වයඹ
2000 දෙසැම්බර් - 993.9 (ත්‍රිකුණාමලය) බස්නාහිර, නිරිත, වයඹ

මේ අනුව ගෙවී ගිය ශතවර්ෂය තුළ ශ්‍රී ලංකාවට හමා ආ වාසුළි, කුණාටු 10 ක් පමණ කිලෝමීටර් 60 - 120 අතර දුරකින් හමාගෙන ආ වාසුළි වේ. බොහෝමයක් කුණාටු සහ සුළං ඇති වුණේ ගොඩබිම ආශ්‍රිතව නැගෙනහිර පලාත, උතුරුමැද හා බටහිර ප්‍රදේශ වලය. ඒ අනුව වාසුළි බලපාන දිස්ත්‍රික්ක ගෙන බැලූවිට,

ශ්‍රී ලංකාවට පැමිණි නිවර්තන වාසුළි...
අම්පාර
මඩකලපුව
ත්‍රිකුණාමලය
මන්නාරම
යාපනය
පුත්තලම
වව්නියාව
අනුරාධපුරය
කොළඹ
පොළොන්නරුව

එය පැහැදිලිව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වත්ම වාසුළි වාසුළි බලපෑම වැඩි බවයි. ඉහත වගුවට අනුව පැහැදිලි වන්නේ දෙසැම්බර් හා නොවැම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට දැඩි ලෙස වාසුළි තත්වයන් බලපාන බවයි. තවද 1901 - 2000 කාලය තුළ ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි පිළිබඳ වගුවක් පහත දැක්වේ. එදා මෙදා කාලය තුළ ශ්‍රී ලංකාවට වාසුළි බලපෑම් 14 ක් පමණ මුහුණපෑමට සිදුව පවති. 

මෙය තවදුරටත් සිතියමට අනුව පැහැදිලි දැක්විමේදී ශ්‍රී ලංකාවට වාසුළි තත්වයන් ඇති වීම කෙරෙහි වගුවක් සහ ප්‍රස්තාරයක් ආශ්‍රයෙන් විශ්ලේෂණයක් සිදුකර ඇත. එනම්,
1901 - 2000 ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි තත්වයන්.......
මාසය වාසුළි ගණන වර්ෂ
ඔක්තෝම්බර් 1" 1967
නොවැම්බර් 4" 1922, 1966, 1978, 1992
දෙසැම්බර් 8 "1908, 1912, 1913, 1919, 1931, 1964, 1967, 2000
ජනවාරි 1" 1906
පෙබරවාරි - -
මාර්තු 1 "1907
අප්‍රේල් - අගෝස්තු - -
මුලාශ්‍රය : Department of Meteorology, 2001

ඉහත තොරතුරුවලට අනුව දකින්නට ලැඛෙන්නේ අප්‍රේල් සිට අගෝස්තු කාලය තුළත්, පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට වාසුළි තත්වයන් බල නොපාන බවයි. වැඩි වශයෙන් වාසුළි තත්වයන් බලපාන මාස ලෙස නොවැම්බර්, දෙසැම්බර් මාසයන් දැක්විය හැක. දරුණු ලෙසම ශ්‍රී ලංකාවට වාසුළි තත්වයන් ඇති වු වර්ෂය ලෙස පෙන්වාදිය හැක්කේ 1978 සහ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලිදීය. මෙය තවදුරටත් ප්‍රස්තාරයෙන් මගින් පැහැදලි වේ.

1950 - 2000 කාල පර්ච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට බලපාන ලද වාසුළි සමග වර්ෂාපතන ක්ෂේත්‍රය රටාව හඳුනා ගැනීම....

1966, 1967 ඔක්තෝම්බර් සහ 1967 දෙසැම්බර් යන කාල වල ක්‍රියාත්මක වු වාසුළි මගින් ඉහළ වර්ෂාපතනයක් ලැබී තිබේ. එය ප්‍රස්තාරයෙන් පැහැදිලි වේ. 1967 ඔක්තෝම්බර් මාස වාසුළිය ක්‍රියාත්මක වු දින තුළ ලද වර්ෂාපතනය එම මාස අනෙකුත් දිනවල ලද මුළු වර්ෂාපතන ප්‍රමාණය ඉක්මවා ඇත. වාසුළි වලින් ලද වර්ෂාපතනය සමස්තයක් ලෙස ගත්කළ 1978 වාසුළිය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී උපරිම වර්ෂාපතනයක් ලැබී ඇති අතර අවම වර්ෂාපතනයක් 1980 වාසුළිය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලැබී ඇත. වාසුළියක් රට තුළ ක්‍රියාත්මක වන දිනයේදී මෙන්ම වාසුළිය රට තුළ ක්‍රියාත්මක වු දිනට පෙර දිනයේදී සහ පසු දිනයේදී එහි ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන ඉහළ වර්ෂාපතනයක් වාසුළි ක්‍රියාත්මක වු කලාපයේ මධ්‍යස්ථාන්ට ලැබී ඇත.
වාසුළි නිසා ශ්‍රී ලංකාවට ඇති වු බලපෑම.....

නිවර්තන වාසුළි යන කාණ්ඩයට අයත් සුළඟේ වේගවත් යුතු වාසුළි, ශ්‍රී ලංකාවට 20 වන සියවස තුළ බලපා ඇත්තේ තුන්වරක් පමණි. එය 1964, 1978 සහ 2000 වර්ෂ වලදීය. 1907දී පමණ ද වාසුළි තත්වයට සමාන වාසුළියක් ක්‍රියාත්මක වී ඇත. මහචාර්යය තම්බයියාපිල්ලේ දක්වන අන්දමට 1978 නොවැම්බර් මස 17 - 24 දක්වා වර්ධනය වු වාසුළිය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමත් සමගම ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි අවධානයක් නිවර්තන වාසුළි කොරෙහි යොමු වු බවයි. මෙහදි නැති වු දේපල සහ ජීවිත හානි ඉතා විශාල වු අතර ජල ගැලීම් තත්වයන් නිසා සමහර ස්ථානවල හදිසි ගංවතුර තත්වයන් ඇති වුණි. පහත තොරතුරු මගින් එය පැහැදිලි වේ.

1978 නොවැම්බර් මස සිදු වු වාසුළිය නිසා ඇති වු හානිය.
සිදු වු හානිය මඩකලපුව පොළොන්නරුව අම්පාර වෙනත්දිස්ත්‍රික්ක..
මරණ සහ අතුරුදහන් වීම....
697"80" 125" 73
නිවාස විනාශ වීම සහ අලාභානි සිදුවීම... 36410" 22767" 23620" 13618
වෙනත් විනාශ වීම් හා සුළු අලාභානි 
31325" 823374" 30806"59797
පොල් ගස් සහ වෙනත් ගස් විනාශවීම (හෙක්.) 11000"500"1000 
මූලාශ්‍ර ශ්‍රී ලංකා මහ බැංකුව-Central Bank of Ceylon (UNDRO), 1979

මීට අමතරව 1978 ක්‍රියාත්මක වු වාසුළියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 176 - 192 ක් බවත්, මෙතෙක් ශ්‍රී ලංකාවට බලපෑ වාසුළි අතුරින් උපරිම සුළගේ වේගයක් සඳහන් වු අවස්ථාව ලෙස පෙන්වාදිය හැකියි. මෙම වාසුළිය දැඩි ලෙසම බලපාන ලද දිස්ත්‍රික්ක වුයේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක වලටය.
1978 නොවැම්බර් වාසුළිය මෙන්ම ශ්‍රී ලංකාවට බලපෑමක් ඇත් කළ වාසුළිය වන්නේ 2000 දී ඇති වු වාසුළි තත්වයයි. 2000 වර්ෂයේ දෙසැම්බර් 26, 27 දිනවල ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය හරහා මෙම වාසුළිය හමා ගිය අතර එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරුමැද, උතුර සහ බස්නාහිර පලාත් වලට මෙහිදි දැඩි ලෙස බලපෑම් ඇතිවිය. ත්‍රිකුනාමලයෙන් ඇතුළු වු වාසුළිය පොළොන්නරැව, අනුරාධපුරය සහ පුත්තලම හරහා මෙම වාසුළිය පිට වී ගියේය. ‍මෙම වාසුළිය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වලට හානි සහ බලපෑම ඇතිවිය. එම විනාශකාරි තත්ව නම්,
මිනිස් ජීවිත 8 ක් පමණ විනාශ වී ඇත.
55,000 ක පමණ පිරිස අවතැන් වි ඇත.
ධීවර බෝට්ටු 50 ක් පමණ මුහුදබත් වි ඇත.
වී, කෙසෙල් ගස්, පොල් ගස් සුළඟට වීනාශ වී ඇත.

ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වව්නියාව සහ පුත්තලම දිස්තික්ක වල ජල මාර්ග සහ විදුලිය, දුරකතන පද්ධති විනාශ විය.

කලාඔය, පරාක්‍රම සමුද්‍රය පිටාර ගලා ගියේය.

ඡේතවනාරාම දාගැබට හානි සිදුවිය.
2000 වාසුළිය විශාල වර්ෂාවක් සමග දෙසැම්බර් මාසයේ බොංගාල බොක්ක ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව හරහා ගමන් කළේය. ඒ හේතු කොටගෙන විශාල විනාශයක් ශ්‍රී ලංකාවට ඇතිවිය. ගෙවීගිය ශත වර්ෂය තුළ ශ්‍රී ලංකාව හරහා වාසුළි 14 ක් පමණ හමා ආවේය. එහිදි දෙසැම්බර්, නොවැම්බර්, ජනවාරි, මාර්තු යන මාසවල වැඩි වශයෙන් මේ තත්වය ඇති විය. වාසුළි බලපාන දිස්ත්‍රික්ක ලෙස අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ යාපනය පෙන්වාදිය හැක. මෙය පහත තොරතුරු මගින් පැහැදලි වේ.

ශ්‍රී ලංකාවට වාසුළි බලපාන ලද දිස්ත්‍රික්ක.......
දිනය ඇතුළු විම පිටවීම
1907 මාර්තු 07
මඩකලපුව පුත්තලම...
1964 දෙසැම්බර් 22 / 23 
ත්‍රිකුණාමලය මන්නාරම....
1978 නොවැම්බර් 23 / 24
කල්කුඩා සහ ත්‍රිකුණාමලය විල්පත්තු...
2000 දෙසැම්බර් 26 / 27 

ත්‍රිකුණාමලය පුත්තලම...
මේ අනුව ශ්‍රී ලංකාව දුපතක් නිසාත්, රට අභ්‍යන්තරයේ ඇති මධ්‍යම කඳුකරය හේතුවෙන් වාසුළි බලපෑම අඩු වී තිබේ. එමහත් රටේ උතුරු ප්‍රදේශයට බොරෝ සෙයින් වාසුළි තත්වයන් බලපා ඇති බව මෙයින් පැහැදිලි වේ.

සාරාංශය.... 
මෙයින් පැහැදිලි වන්නේ නිවර්තන වාසුළි පිළිබඳවත්, ශ්‍රී ලංකාවට බලපාන නිවර්තන වාසුළි පිළිබඳ කරුණු දක්වා තිබේ. ඒ අනුව නිවර්තන වාසුළි හේතු කොටගෙන ශ්‍රී වර්ෂාපතනය ද වෙනස් වීමකට බඳුන් වී ඇත. ශ්‍රී ලංකාවට ඉතා දරුණු වාසුළි තත්වයන්ට මුහුණපෑමට සිදුව ඇති අතර මෙම තත්වයන් නිසා විනාශකාරි තත්වයන් ද ඇතිව පවති.......

..............අන්තර්ජාලය ඇසුරෙනි..................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

නිවර්තන සුළි කුණාටු ගැන දැනගනිමු (Let's Learn About Tropical Cyclones) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිවර්තන සුළි කුණාටු ගැන දැනගනිමු (Let's Learn About Tropical Cyclones) නිවර්තන සුළි කුණාටු ගැන දැනගනිමු (Let's Learn About Tropical Cyclones) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment